හංවැල්ල තානායමේ ඓතිහාසික ගල් බංකුවක් මත පිලිස්සී මිය ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් හමුවීමත් සමග පොලිසිය ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
මෙම මල සිරුරු හමුවී ඇත්තේ පුරාණ හංවැල්ල ඕලන්ද බලකොටුව තුළ පිහිටි හංවැල්ල තානායමේ තිබෙන වර්ෂ 1875 දී මෙටට පැමිණි 7වන එඩ්වඩ් කුමරු විසින් පරිහරණය කළ ඓතිහාසික ගල් බංකුව මතය.
මිය ගිය පුද්ගලයා සාලාව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙක් බවත් ඔහු තානායමේ නවාතැන් ගෙන ඇති බවත් විමර්ශනවල දී හෙළි වී තිබේ.
තානායම් පරිපාලකයන් කියන්නේ මේ තැනැත්තා පාන්දර 1 පමණ වනතුරු මත්පැන් පානය කරමින් සිට ඇති බවය.
හංවැල්ල පොලිසිය විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.