ශ්‍රියානි විජේසිංහ –
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයා සමඟ අද (11) පැවැත්වෙන සාකච්ඡාව ඇතිව තිබෙන ගැටලු විසදීම සදහා ලබා දී ඇති අන්තිම අවස්ථාව බවත් මෙහිදී එකඟ වුණු සාධනීය විසදුම් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් මෙරට රෝගී ජිවිතවලට සිදුවන හානියට රජය වගකිව යුතු බවත් එම සංගමය අවදාරණය කරයි.
වෛද්‍යවරුන් මෙරට රඳවා ගැනීමට අවශ්‍ය කටයුතු රජය සිදු නොකරන්නේ නම් මෙම ගැටලුව ඛේදවාචකයකින් නිමා වීම වැලැක්විය නොහැකි යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
සංගමය ඉදිරිපත් කර ඇති අට වැදෑරුම් යෝජනාවලිය තුළ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නවලට විසදුම් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුම් ඉදිරිපත් කර ඇති බවත් ඇතැම් කාරණා ප්‍රතිපත්තිමය තින්දු තීරණයන් ගෙන දිගුකාලීන වශයෙන් විසදිය යුතු ඒවා බවත් ඇතැම් කාරණා කෙටිකාලින විසඳිය යුුතු ඒවා බවත් වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වාදේ.
අද පැවැත්වෙන සාකච්ඡාව තුළ රටේ සෞඛ්‍ය පද්ධතිය අනාගතය තීරණය වන බව සංගමය අවධාරණය කර සිටියි.