වෘත්තීය ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ එක්ව ගන්නා පොදු තීන්දු තීරණ අබිරහස් අන්දමින් වෙනස් කරන ඇමතිවරයාට ඉහළින් සිටින බහිරවයා කවුදැයි සොයා හෙළිදරවු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අක්‍රමවත් ලෙස ස්ථානමාරු කර තිබු වෛද්‍යවරුන්ව ක්‍රමවත් ලෙස ස්ථානමාරු කරන මෙන් සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය බලධාරීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන් සමඟ පසුගිය 24 වෙනිදා පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී නියෝග කළ ද එම තීන්දු තීරණයන් වෙනසකට ලක්කරමින් සෞඛ්‍ය ඇමතිවරයාව අපහසුවට පත් කර ඇතැයි ද එම සංගමය කියයි.
සෞඛ්‍ය ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති යොමුකරන ලිපි පවා ඇමතිවරයා වෙත ඉදිරිපත් නොකිරීමට අමාත්‍යංශයේ තුඝ සිටින බහිරව කණ්ඩායම් කටයුතු කරන බව ද වාර්තා වී තිබේ.
මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ගැටලු ගණනාවක්ම පවතින නමුත් ඒවා සාකච්ඡා කර විසඳා ගැනීමට අමාත්‍යංශ තුළ සිටින බහිරව කණ්ඩායම් ඉඩ නොදෙන බැවින් ඉදිරියේදී තම වෘත්ති ගැටලු විසඳා ගැනීම කෙසේ වෙතත් ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමට පවා වෘත්තීය ක්‍රියාමාර්ගයන් ගැනීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිටින බහිරව කණ්ඩායම ගැන තීන්දු තීරණයන් නොගන්නේ නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවියහැකි කඩාවැටීම නවැත නිවැරදි කළ නොහැකි වනු ඇති බවද වෘත්තීය සමිති අනතුරු අගවා සිටියි.







