කීර්ති ප්‍රනාන්දු –
ඓතිහාසික සෝමාවතී පුදබිමේ වැඩ වාසය කරන සාමනේර හිමිනමක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වීමත් සමග පුදබිමේ වැඩවසන හිමිවරු ඇතුළු ගිහි සේවක පිරිස නිරෝධායනයට ලක් කර පුදබිම බැතිමතුන්ට තහනම් කලාපයක් කර තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ අද (28) තීරණය කළේය.
ඒ අනුව සෝමාවතී පුදබිම නැවත දන්වන තුරු බැතිමතුන්ට ඇතුළුවීම තහනම් කර වසා දමා ඇති බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය බඩ්ලියු.කේ.ඩබ්ලියු. එස් කුමාරවංශ පැවසීය.
කොවිඩ් ආසාදිත සාමනේර හිමිනම සමග අනෙකුත් භික්ෂූන් වහන්සේලා සහ සේවය කරන විවිධ අංශවලට සම්බන්ධ ගිහි පුද්ගලයන් සමීප සම්බන්ධතා ඇති වී තිබීම නිසා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස මෙම තීරණයට එළඹි බව අධ්යක්ෂවරයා කීවේය.
මේ වනවිට ආසාදිත සාමනේර හිමියන්ගේ සියලුම ආශ්‍රිතයන් නිරෝධායනය කර පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කර ඇති බවත් අධ්යක්ෂවරයා පැවසීය.
රට පුරා සිටින විශාල බැතිමතුන් පිරිසක් මෙම පුදබිමට දිනපතා පැමිණෙන බැවින් රෝගය පැතිර යෑම වළක්වා ගැනීමට දැනට පුද බිම කිසිම පුද්ගලයෙකුට ඇතුළු විය නොහැකි තහනම් කලාපයක් බවට පත් කර තිබේ.