බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෝමරත්න දිසානායකගේ සැබෑ මුහුණ එළියට… මැර බලයෙන්  දේශපාලන හයියෙන් නීතිය අතට අරන් – කොළඹ වටිනා රැම්සා තෙත් බිමක් ගොඩකරන්න පටන් අරන්… ( වීඩියෝ සහිතයි)

by editor
නොවැම්බර් 21, 2023 - Updated on නොවැම්බර් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂවරයෙක්, කලාකරුවෙක් මෙන්ම කලාවෙන් ලද සිවිල් ප්‍රසාදය දේශපාලනය වෙනුවෙන් යොදා ගත් තැනැත්තෙක් වූ සෝමරත්න දිසානාය විසින් නීතිය සිය අතට ගෙන ප්‍රදේශයේ  මැරයෙක් මෙහෙයවමින් ප්‍රදේශවාසීන්ගේ විරෝදය සහ රටේ නීතිය පසෙකලා සිය අභිමතය පරිදි    සිදුකරන්නට යන විනාශකාරී බලහත්කාරකමක් සම්බන්ධව පින්නිපිටියට පැමිණිල්ලක් ලැබී තිබේ.   

මේ තැනැත්තාට ඇති සිවිල් බලය මෙන්ම දේශපාලන බලපුලුවන්කාරකම ද යොදා ගනිමින් පොලිසිය ද යටපත් කර ප්‍රදේශයේ ප්‍රකට මැරයෙක් මෙහෙයවමින් සිදුකරන අපරාධයක්  සම්බන්ධව වීඩියෝ සාක්ෂි මේ වනවිට නිකුත් වී  ඇත.

ගැටලුව පැන නගින්නේ බස්නාහිර පලාතේ අතිශය වටිනා රැම්සා තෙත් බිමක් ලෙස හඳුනාගෙන ඇති,   රැම්සා ජාත්‍යාන්තර සමුළුවේ දී ආරක්ෂා කරගත යුතු භූමියක් ලෙස ලේඛනගත කර තිබෙන,  දැනට ඒ ශ්‍රේණියේ කුඹුරු බිමක් පවත්වාගෙන යන  රුක්මල්ගම, කොට්ටාව, පන්නිපිටිය, බෝගහවත්ත, ලියනගොඩ, ප්‍රගතිපුර ප්‍රදේශවල ජලය දියවන්නා ඔය වෙත ගලා බසිනා එකම පහත් තෙත් බිම් කලාපය  ගොඩ වගාව මුවාවෛන් ගොඩකිරිමට උත්සාහ කරන සෝමරත්න දිසානායක  ප්‍රමුඛ කණ්ඩායමකට ප්‍රදේශවාසීන් එහෙර වීමත් සමගය.

වැඩේට හයර් කළ චන්ඩි…

ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව වර්ෂ 2016 සිට මෙම ගම්වාසීන් එතෙක් පැවති සියලුම දෙශපාලන අධිකාරියන් වෙත ලිඛිතව දන්වමින් මෙම වටිනා තෙත් බිම බේරා දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි.

එහෙත් ප්‍රදේශවාසීන්ගේ චෝදනාව වන්නේ සෝමරත්න දිසානායක නීතියේ ඇසට වැලි ගසමින්, බොරු ප්‍රකාශ කරමින්, සිය දේශපාලන බලය සහ හැඳුනුම්කම් උපයෝගී කරගනිමින් වාණිජ වටිනාකමකින් ඉහළ මෙම භූමිය ගොඩකිරීමට අඛණ්ඩව කටයුතු කරන බවය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙම පුද්ගලයාගේ හැසිරිම පිලිබඳ පලවී තිබූ පුවත්පත් වාර්තා…

සෝමරත්න දිසානායක මුල්වී ගෙන යන මෙම ක්‍රියාවලිය සම්බන්ධව මුලින්ම සාකච්ඡාවට බඳුන්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර විසින් කොළඹ සංවර්ධන සභාවේ දී නැගූ ප්‍රශ්නයක් මුල් කරගෙනය.

මේ කාලය අතර  කොළඹ දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරයා විසින් මෙම ගොඩකිරීම් සම්බන්ධ විශේෂ  පරීක්ෂණයෙන් අඩක් නිම කර ඇතිමුත් ඊට අඛණ්ඩව බලපෑම් එල්ලවෙමින් ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සංවර්ධන කමිටු රැස්වීමේ දී  ද මේ පිළිබඳ නීතිමය වශයෙන් සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවත් හෙළි වී තිබේ.

මේ පුද්ගලයා විසින් සිදුකරන  අකටයුත්ත පිළිබඳව ප්‍රදේශයේ භික්ෂූන්වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශවාසීන් හාරසියයකට අධික ප්‍රමාණයක අත්සන් සහිත මහජන පෙත්සමක් ද  රාජ්‍ය නායකයින් වෙත යොමු කර ඇත.

වීඩියෝ දර්ශනයට අදාල සිදුවීම වන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයා විසින් කුඹුරු ඉඩම් වෙත කෘෂිකාර්මික උපකරණ සහ අනෙකුත්  සේවා පහසුකම් සඳහා අඩි 15ක කෙත් මගක් වෙන් කර තිබිය දී කුඹුරු බිමට ප්‍රවේශ වීම සඳහා  වෙනත් ට්‍රැක්ටර් පැන්නුමක් අනවශ්‍ය බවට තීන්දු කර තිබිය දී සිය බලය යොදවා සෝමරත්න දිසානායක විසින්  ප්‍රදේශවාසීන්ගේ පොදු ඉඩමක් මතින් ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීමට උත්සාහ කිරිමේදී  ඇති වූ විරෝධතාවය ය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මෙන්ම ඇතැම්  කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරින්ද  සම්බන්ධ කරගෙන මෙම පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් මෙම වටිනා තෙත් බිම් කලාපය ගොඩ කිරීමට දරන අනීතික උත්සාහය සම්බන්ධ ප්‍රදේශවාසීන් කෘෂිකර්ම ඇමතිවරයා ද දැනුම්වත් කර ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහගම සේකරයන්ගේ ප්‍රිය බිරිය කුසුමලතා මහගමසේකර මැතිණිය දිවි සැරියෙන් සමු ගනී…

Next Post

ෂම්මි නිරුවත් වෙයි… රටක ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමක් නැතිව ICC මණ්ඩලයට රටක ක්‍රිකට් තහනම් කරන්න  බැරි  බව  ICCය පවසයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.