බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සොයිසා ගොඩනැගිල්ල කඩා දමන්නට උඩගෙඩි දෙන කණ්ඩායමේ පුරාවිද්‍ය නිලධාරීන් පිරිසක්!

by editor
අගෝස්තු 11, 2021
in පුවත්
soza-bulding

සොයිසා ගොඩනැගිල්ල 2014 ජූනි

Share on FacebookShare on Twitter

ඉන්දියානු ටාටා සමාගමට පවරා ඇති සංවර්ධන ව්‍යාපෘති භූමියට අයත්  කොළඹ ඓතිහාසික භූ සලකුණක් වූ කොම්පඤ්ඤවීදියේ සොයිසා ගොඩනැගිල්ල  කඩා දැමීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම පසුපස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම   ඇතැම් නිලධාරීන්   සිටී දැයි    සැකයක් ඇති වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.‍ෙ

වසර ගණනක් තිස්සේ දෙපාර්තමේන්තුවේම ඉහළ නිලධාරීන් නිර්දේශ කළත්      මෙම  ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස  ගැසට් කර  නොතිබුණු බවත්  අභ්‍යන්තරයෙන්ම එය මග හැරී ඇති බවත් වාර්තා වේ.

පසුව ගැසට් කිරීම සඳහා  අදාල ලේඛන අමාත්‍යාංශය වෙත යොමු කර ඇති නමුත්  ඇමතිවරයාගේ අත්සන ලැබී නැති නිසා  මේ වනවිටත් එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස  ගැසට් වී නැති බවත් වාර්තා වේ.

මෙවැනි පසුබිමක  ගොඩනැගිල්ල ඉවත් කිරීමේ යෝජනා දිගින් දිගටම පැමිණෙද්දී තත්වය පිළිබඳ තීන්දුවක් ගැනීමට ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්,  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා සංරක්ෂක අධ්‍යක්ෂ, බස්නාහිර පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ  ඇතුළු කණ්ඩායමක් පසුගිය ජූනි 25 දා ස්ථානීය පරීක්ෂාවක් කර තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

දැනට ගරා වැටෙන්නට හැර තිබෙන මෙම ගොඩනැගිල්ල පිළිබඳ  සාධනීය නිර්දේශ ලබාගෙන වහාම ක්‍රියාත්මක වීම සඳහා ලංකාවේ ප්‍රධාන පුරාවාස්තු විද්‍යාඥයන් සහ ප්‍රමාණිකයන් සහිත කමිටුවක් නම්කර ඉදිරිපත් කරන ලෙස ලේකම්වරිය ඒ අවස්ථාවේදී කණ්ඩායමට දන්වා ඇත..

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා තුන් මසක කාලයක් ඉල්ලා ඇත. ලේකම්වරිය පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ එපමණ කල් දිය නොහැකි බවත් හැකි ඉක්මනින් මෙම කමිටුව නම්කර ඉදිරිපත් කරන ලෙසත්ය.

උසස් නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන ඒ කටයුත්ත සැලසුම් කිරීමේ   වගකීම පවරා ඇත්තේ බස්නාහිර පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂටය.

එහෙත් මේ තරම් ව්‍යසනයක් පිළිබඳව ප්‍රකාශ වී දින 45ක් ගතවී ඇති නමුත් එවැනි කමිටුවක් නම් කිරීමක්වත් සිදු වී නැති බව වාර්තා වේ.

ගැසට් කිරීම සඳහා අත්සන් නොකළත් මෙම ගොඩනැගිල්ල සහිත භූමියේ සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා  පසුගිය මාර්තුවේ අගමැතිවරයා ප්‍රධානත්වයෙන්  සියලුම පාර්ශවයන් කැඳවා පවත්වන ලද රැස්වීමේ දී අගමැතිවරයා පැහැදිලිව උපදෙස්  දී තිබුනේ මෙම ගොඩනැගිල්ල කඩා දැමීම නොව සංරක්ෂණය කළ යුතු බවය

එහෙත්  මීට දින කීපයකට පෙර ගොඩනැගිල්ලට සිදුවන්නට යන ව්‍යසනය ගැන  සංස්කෘතික ලේකම්වරයා  දැනුවත් කළ විට  සංවර්ධන කටයුතුවලට බාධා නොකර සිටින ලෙස ඉහළින් උපදෙස් ලැබුණු  බව ඔහු පුරාවිද්‍යා නිලධාරීන්ට දන්වා   ඇතැයි වාර්තා වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම  ගොඩනැගිල්ල පුරාවස්තුවක් බව ඓතිහාසික සාධක සහිතව පෙන්වද්දී එය  ගැසට් නොකළ    පුරාවස්තු සම්බන්ධව  නිතීය සේ සැලකූ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එකක් පමණක් ඇති බව කී ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබා දීමට එන්නත් 15000ක් ලංකාවට…

Next Post

කොවිඩ් මළ සිරුරුවලට ඉඩ දී නමක් ගමක් නැති සිරුරු 40ක් ජාතික රෝහල් මෝචරියෙන් පිට වෙයි….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.