සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණ වංශික මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ කොවිඩ් ආසාදිතව ඉන්දියාවේ දී අපවත් වූහ.
අක්මාවේ අබාධයක් හේතුවෙන් සිදුකළ යුතු ශල්‍යකර්මයක් සඳහා මීට මාසයකට පෙර ඉන්දියාවට වැඩමකළ උන්වහන්සේ ඉන්දියාවේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවී තිබුණහ.
උන්වහස්නේ ශල්‍යකර්මයට සූදානම් වෙමින් සිටියදී මේසේ කොවිඩ් ආසාදිත වූහ. පවතින කොවිඩ් තත්වය හේතුවෙන් උන්වහන්සේගේ දේහයවත් ලංකාවට වඩමවා ගැනීමට නොහැකි බව මේ පිළිබඳව කළ විමසීමකදී ශිෂ්‍ය හිමිවරු පැවසූහ.
සේරුවිල සරණකිත්ති නා හිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව මුංහේනේ මෙත්තාරාම හිමියන්ට සේරුවිල පන්සලේ හිමිකාරිත්වය ලැබිණි. විහාරයේ අයිතිය පිළිබඳ ගැටලුකාරී තත්වයක් ඇතිවී තිබුණේ එහ මිහිකාරිත්වය ප්‍රශ්න කරමින් කොටපොල අමරකිත්ති හිමියන් විසින් නඩු පැවරීම සමගය. එම නඩුව මේ වනවිටත් පැවතෙමින් ඇත.