සේනා දළඹු උවදුර බැලීමට ජනපති   වගා බිමකට යයි.

අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට ඊයේ (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය.

සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීහූ ජනාධිපතිතුමා සමඟ කියා සිටියහ.

වගා බිම්වලට පැමිණ, තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයා බැලීම පිළිබඳව ගොවීහු ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කළහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ ජනාධිපතිතුමා සමග මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

Exit mobile version