බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේනා දළඹුවා සාර්ථකව මඬින දේශීය සංයෝගයක් පුත්තලමෙන් සොයාගනී

by Lanka Sara Editor
දෙසැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සටහන සේයාරූ – පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සේනා දළඹු උවදුර මැඩලීම සදහා විශේෂිතවූ දේශිය පලිබෝධ නාශකයක් සොයා ගැනීමට වනාතවිල්ලුව, මංගලපුර ප්‍රදේශයේ පුද්ගලික වතු සමාගමක් සමත්ව තිබේ.

අක්කර විසි පහකට ආසන්න වපසරියකින් සමන්විත මෙම පුද්ගලික වතු සමාගමේ දැනට අක්කර 12ක පමණ (ASPARAGUS) හෙවත් හාතාවාරිය මහා පරිමාණයෙන් වගා කර ඇති අතර, එකී හාතාවාරිය විදේශිය වෙළදපොල ඉලක්ක කර ගනිමින් මැද පෙර දිග රටවල් වෙත අපනයන කිරීම සදහා අපනයන භෝගයක් ලෙස මෙය අලෙවි කරන බව පැවසේ.

ඉතා අධික ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙස සැලකෙන මෙම හාතාවාරිය ප්‍රභේදය අහාරය සදහා සැකසෙන බව කියයි. මැද පෙර දිග රටවල මේ සදහා ඉහළ ඉල්ලුමක්ද පවතින අතර, මෙකී වගාව සම්පූර්ණයෙන්ම පසු ගිය 2018 වසරේ අග භාගයේ දී සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශයට ලක්ව තිබූ බව කියයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඒ වකවානුව තුල කිහිප වතාවක්ම වෙළද පොලෙහි ඇති විවිධ වර්ගයේ පලිබෝධ නාශක, කෘමිනාශක දියර ආදිය ඉසීම සිදුකලද දළඹු උවදුර මැඩලීමට නොහැකිව යාමෙන් වගාව සම්පූර්ණයෙන් දළඹු ග්‍රහණයෙන් විනාශයට නතුව තිබු බව කියයි.

පසුව මෙම වසරේදී නැවතත් මෙම වගාව සාර්ථකව පවත්වා ගෙන එන කාල වකවානුව තුළ පෙර පරිදිම සේනා දළඹු ග්‍රහනය උස්සන්න වීමත් සමග අදාල වතු සමාගමේ කාර්ය මණ්ඩලය විසින් සේනා දළඹු උවදුර මැඩපැවැත්වීම සදහා සාර්ථක දේශිය පලිබෝධයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, එකී පළිබෝධ නාශකය භාවිතා කිරීමත් සමග මේ වන විට සේනා දළඹු ග්‍රහණය සම්පූර්ණයෙන් විනාශයට ලක්ව ඇති බව කියයි.

වතුර ලීටර් 1000 (දාහක්) සදහා කොහොඹ තෙල් ලීටර් 3ක්, මිරිස් කුඩු කිලෝ 03ක්, ලුණු කිලෝ 3ක් මේ පළිබෝධ නාශකය නිෂ්පාදනය සදහා යොදා ගන්නා බව වතු සමාගමේ කාර්ය මණ්ඩලය සදහන් කරයි.

මෙම සේනා දළඹු උවදුර සදහා කිසිදු විකල්පයක් නොමැති අතර, මෙම පළිබෝධ නාශකය ඉතාමත් උචිත බව හෙතෙම පෙන්වා දෙයි. කෘමි නාශක දියර ඉසීම තුළින් වගාවට බරපතල හානි සිදුවන අතර, මෙය ප්‍රෝටීන් අධික ශාකමය ආහාරයක් නිසාවෙන් එකී කෘමි නාශක ශාකයට උරා ගැනීමේ දැඩි ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙන බවත්, එකී කෘමිනාශක භාවිතය සදහා කාලය සහ විශාල මුදලක් අපතේ යාම නිරායාසයෙන්ම සිදුවන බවයි වතු සමාගම පෙන්වා දෙන්නේ.

ඉතාමත් අඩු වියදමකින් සකසා ගන්නා මෙම දේශිය පළිබෝධ නාශකය භාවිතා කිරීමෙන් පසු විනාඩියක් වැනි කෙටි කාල පරාසයක් තුල දළඹුවා ශාකයෙන් බිමට වැටීමෙන් අනතුරුව මරණයට පත්වන බව කියයි.

අදාල දේශිය පළිබෝධ නාශකය සොයා ගැනීමට පෙර වගාව සම්පූර්ණයෙන් අසාර්ථකව පැවති බවත් අද වන විට මෙම පලිබෝධ නාශකය පාවිච්චි කිරීමත් සමග වගාව සාර්ථක මුහුණුවරක් ගන්නා බවද හෙතෙම පෙන්වා දෙයි.

පළිබෝධ නාශක ඉසින අයුරු

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මැද වයඹ පාසල්වල වාර විභාග අද ඇරඹේ…

Next Post

ඇමෙරිකාව ශ්‍රී ලංකාව සමඟ එම්සීසී ගිවිසුම අතහරියි

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.