බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙංකඩගල පුරවරයේ පෙරහැර මංගල්‍යය නිමවෙයි……!

by editor
අගෝස්තු 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතියේ පෙරහර මංගල්‍යය පවත්වා හමාරය.    මහනුවර  ශ්‍රී දළදා මාළිගාවේ දන්ත ධාතූන්වහන්සේ හා බැඳුන චිරාගත සම්ප්‍රදායනුකූල චාරිත්‍ර විධිය සමග එය පැවැත්වෙන්නේ ජාතියේ සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීම සඳහාය.

ජනපතිත් පෙරහර නරඹයි

මෙදා මේ පෙරහර මංගල්‍යෙයේ  අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට මහා ජන සංඛ්‍යාවක් විදිපුරා සිටිනු දක්නට ලැබිණි. ඒ මහා ජන සන්නිපාතය ලක්ෂ ගණනින් මිනිය යුතුතකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද   රාජාසනයේ හිඳ සම්ප්‍රදානුකූල ලෙස දළදා පෙරහැර මංගල්‍ය  නැරඹුවේය. අතීත රජ දවස අවසන් පෙරහර මංගල්‍ය රජු ඉදිරියේ රඟ දැක්වීම සිරිතකි. සිරිත් ප්‍රකාරව මෙවරද රටේ නායකයා ඉදිරිපිට ශිල්පීහු සිය දක්ෂතා උපරිම අන්දමින් ඉදිරිපත් කරනු ද දක්නට ලැබිණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඉකුත් වසරේ නුවර පෙරහැර මතකය ගොනු වන්නේ   පෙරහැර දින දහයක් වීදි සරණා කළ සිදූ වූ අලකලංචි ප්‍රමුඛකොටය.   පෙරහැර ඇරඹුණු දා සිට අලි කුලප්පු  වූ හැටි අපට මතකය. රටේ නායකයා ට අසුබ කාලයක් උදාවන බවත් රටට අයහපතක් සිදුවන බවත් කියමින් පෙරහැර පිළිබඳ කතා පැතිරුණු හැටි අපට මතකය.

එකල සිටි නායකයාට අසුබ කාලයක් උදා වී ඔහු රටින් ගියේය. එහෙත් රටේ අසුබ කාලය මේ මොහොතේත් යාවත්කාලීනය. ඒ මහා දුර්ග වකවානුවේ බඩසයින් පෙළෙන පීඩිත මිනිස්සු ඒ පීඩාවෙන් අත්මිදීමටදෝ රොඳ බැඳගනෙ නුවරට පැමිණ තිබුණාහ.

අපා දුක් විඳ පෙරහැර බලපු මිනිස්සු

මෙවර පෙරහැර මංගල්‍ය පුරාම දක්නට ලැබුණේ   පෙරහැර   නරඹන්නන් සඳහා ක්‍රමවත්ව පහසුකම් සංවිධානය කර නැති හැටිය. පොලිසිය නගර සභාව සපුරා  ෆේල් වූ බව කිව යුතුය.  පෙරහැර මග සහ පෙරහැර නරඹන්නන් හැසිරවීමට  බලධාරීන්ට හැකියාවක් ලැබී තිබුණේ නැත.

වැඩිපුරම දක්නට ලැබුණේ බලධාරීන් තම තමන්ගේ නෑදෑ ඥාති හිතවතුන්    පෙරහර මගෙහි හොඳම තැන් වෙන්කර ස්ථානගත කර ඇති ආකාරයය. හයිය අත්තක එල්ලෙන්නේ නැතිව බැති සිත් පමණක් සහිතව පැමිණි  සාමාන්‍ය මිනිස්සු පෙරහර  මග අසලකටවත් ලඟා විය නොහැකිව හැරී යමින් සිටියහ.

පොලිස් මහත්තුරු සිය මහත්මා ගතිය තුට්ටුවට ම පාගා දමා තිබුණි.  පොලිසියේ බහුතරයක්ම තම පවුල්වල උදවිය හැම තැනම ඉදිරිපෙළ ඉන්දවීමේ මෙහෙයුම් දියත් කර තිබුණහ.  නිල ඇඳුමේ බලය පෙරහර මංගල්‍ය පුරාම අවභාවිත වූ අයුරු වැඩි වශයෙන් දක්නට ලැබිණි.

මාරාන්තික නොසලකා හැරීම් නිරීක්ෂණය විය.   මහා ජනතාවක් එක්වන තැනක හිදිසියේ සිදුවන අනතුරක දී හෝ ගිලන්වීමක දී හදිසි ප්‍රතිකාර සඳහා කඩිනම් ක්‍රමවේදයක් තිබුණේ නැත. දින 10 තුළ සිව් දෙනෙකු හදිසි ප්‍රතිකාර ලබා ගත නොහැකි වීමේ බිජ ජනක    අත්දැකීම් ලැබූහ.  .

නාගරික වෛද්‍ය කණ්ඩායම සූදානමට තබා ඇති බව දැනගන්නට ලැබුණත් ඔවුන්ට අවශ්‍ය කිසිදු පහසුකමක් සලසා දීමට බලධාරීන් කටයුතු කර තිබුණේ නැති බව පසුව සැල විය. කෙසේ වෙතත් මෙවර පෙරහරේ අලි කුලප්පුවීම් වැනි තත්ත්වයන් ඇති නොවීම වාසනාවකි.

පෙරහැර පුරාණය.

පෙරහර මංගල්‍යය සැලසුම් වන්නේ නැකත් ක්‍රමයක් තුළය. ඓතිහාසික කියැවීම අනුව මෙරව දළදා පෙරහර පැවැත්වෙන්නේ 1712වැනි වරටය.

අපේ ඇසල පෙරහැර පැරණි ඉන්දියාවේ පැවැති ආෂාඨ උත්සව හෙවත් ඇසළ කෙළියේ පරිණාමයෙන් ඇතිවූවක් ලෙස ද සැලකේ. මහනුවර ඇසළ පෙරහර වර්තමාන මුහුණුවර ගෙන ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි පටන් බව ටද සාක්ෂි ඇත.

මුල් වකවානුවේ දළදා පෙරහරට ඇතුළත් වූයේ නාථ , කතරගම , විෂ්ණු , පත්තිනි යන සතර දේවාලයේ පෙරහැර පමණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( ක්‍රිස්තු වර්ෂ 1747 – 1782) විසින් එකී සතර පෙරහරට දළදා මාලිගාවේ පෙරහරක් ද එක් කිරීම හේතුවෙන් ඇසළ පෙරහරට බෞද්ධ මුහුණුවරක් ලැබී තිබිණි. ඒ අනුව වර්තමාන දළදා පෙරහැරේ ආරම්භය කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි සිදූ වුවා සේ සැලකීම ඉතාම සුදුසුය.

පැරණි දළදා පෙරහර සංස්කෘතිකාංග ප්‍රදර්ශනයට මෙන්ම රාජ්‍ය බලය පෙන්වීමේ අවස්ථාවක් ලෙසද පවත්වාගෙන ඇත. රජු දළදා පෙරහැරක් සිව් මහා දේවාලවල පෙරහැරක් නරඹා  ශිල්පීන්ගේ දක්ෂතා අවධානයෙන් දැක ඔවුන්ට ගම්වර ප්‍රදානය කළ බව ඉතිහාස පත පොතේ සඳහන්ය.

එය සනිටුහන් කරමින් දළදා පෙරහර මංගල්‍යය අවසන් වූ පසු පෙරහර ශිල්පීන්ට සම්මාන සහතික දී තෑගි බෝග දී   පෙරහර නිම කිරීම  රාජ්‍ය නායකත්වය  සම්ප්‍රදායක් සේ පවත්වාගෙන ආවේය.

පෙරහැර කතාවේ අමිහිරි මතක

ගෝඨාභය රාජපක්ෂ යුගයේ පළමු පෙරහැර පාස්කු ප්‍රහාරය නිසා හරිහැටි කියන්නට නොහැකි විය. එහෙයින් පෙරහැර අවසන් රාජ්‍ය උත්සවයද ඕලාරික විය.

ඔහුගේ වකවානුවේ  දෙවැනි සහ තෙවැනි පෙරහැර මංගල්‍ය රටේ පැවති covid වසංගත තත්වය නිසා දියාරු වී ගියේය. එහිදී ද රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂට ඊට සහභාගී වී එහි ගෞරවය ලබන්නට නොහැකි විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹුවේය.   ඒ  රැජිණ හෝටලයේ ඉහළ මාලයේ සිටය.   රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  පෙරහර සම්ප්‍රදාය බින්දේය.   සතර මහා දේවාල පෙරහර නැරඹීම පසෙක තබා දළදා පෙරහැර නැරඹීමෙන් අනතුරුව ඔහු උන් තැනින් පිටව ගියේය.

‌ වසරක් පුරා සූදානම් වී මහා කැප කිරීමක් කරන පෙරහැර සැලසුම් කමිටුව පෙරහැරේ ශිල්පීහු පෙරහර ට සාර්ථක ලෙස ඉදිරිපත් කොට තිබිණි. වෙනසකට තිබුණේ පරිණත පාරම්පරික ශිල්පීන්ගේ හිඟකම පමණි.

‌ඇසළ පෙරහර මංගල්‍යයේ උඩැක්කි නැටුමටත් වෙස් නැටුම් කණ්ඩායමටත් නාථ දේවාල පෙරහරේ හේවිසි කණ්ඩායමටත් පාරම්පරික පරිනත ශිල්පීන් සහභාගී වී සිටි අයුරු පෙනෙන්නට තිබිණි.

දැන් පෙරහර හමාරය. පෙරහර කිරීමේ ප්‍රාර්ථනාව සශ්‍රීක රටක් උපදවා ගැනීමට විශ්වයේ ආශීර්වාදය ප්‍රාර්ථනා කිරීමය.  විශ්වයේ ආශීර්වාදයෙන් වුවද මහා විශ්වකර්ම වැඩ සිදුවන්නේ මිනිසුන් වෙනස්වන්නට තීරණය කළ දා සිටය.

දළදා පෙරහර කරවීමේ අනුහසින් ඒ වෙනස රටේ මිනිස්සුන්ගේ හිතවල ඇති වේවායි ප්‍රාර්ථනා කිරීම වඩාත් උචිත යැයි සිතමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පක්ෂ 10 නව සන්ධානය 21දා එළි දකී… සභාපති විමල්… වර්ණය කහ…

Next Post

අගමැති මුල් වී අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.