සූවස් ඇළේ නෞකාවක් සිරවීමෙන් දිනකට සිදුවන පාඩුව ඩොලර් බිලියන 10ක්

ලොව කාර්යබහුලම නාවික ගමන් මාර්ගයක් ලෙස සැලකෙන සුවස් ඇළේ කන්ටේනර් ප්‍රවාහනය කරමින් තිබු විශාල නෞකාවක් සිරවීම හේතුවෙන් නැව් ගමනාගමනය තාවකාලිකව නවතා දැමීම නිසා දිනකට සිදුවන පාඩුව ඩොලර් බිලියන 9.6 ක් බව ගණනය කෙරේ.

එම ගණනය සිදුකර ඇත්තේ බටහිර දෙසට ඇති ගමනාගමනය දිනකට ඩොලර් බිලියන 5.1 ක් පමණ වන අතර නැගෙනහිර දෙසට ඇති ගමනාගමනය දළ වශයෙන් ඩොලර් බිලියන 4.5 ක් පමණ වන බැවිනි.

ඇළ මාර්ගය හරහා ගමන් කිරීම සඳහා යාත්‍රා 185 ක් පමණ බලා සිටින බව විදෙස් පුවත් අනාවරණය කරයි.


“එම් වී එවර් ගිවන්” නම් නෞකාව මේ වන විට සුවස් ඇළේ දෙපසටම ගමනාගමනය අවහිර කරමින් හරස් අතට එරී ඇති අතර එය නැවතත් ඇළ මැදට තල්ලු කිරීම සහ ඇදගෙන යාම සඳහා ටග් බෝට්ටු රැසක් යෙදවුවත් එය ද අසාර්ථක වී තිබුණි.

මෙම නෞකාව අනතුරට පත්වීම හේතුවෙන් සුවස් ඇළේ දැඩි තදබදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වය ලොව මෑත කාලයේ ඇතිවූ බරපතලම නාවික යාත්‍රා තදබදය ලෙස සැලකේ.

එම කලාපයේ පැවති දැඩි සුළඟ සහ වැලි කුණාටු හේතුවෙන් එක් පැත්තකට පමණක් යාත්‍රා කිරීමට ඉඩ ඇති දක්ෂිණ ඇළෙහි හරහට නෞකාව හිරවී තිබේ.

ලොව නාවික ගමනාගමනය සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙනු ලබන සුවස් ඇළ වසර 150ක් පමණ පැරණිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි දෛනිකව සිදුවන නෞකා ගමනාගමනයේ වටිනාකම ඩොලර් බිලියන 9.6ක් පමණ වේ.

Exit mobile version