සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූරියවැව වල්පසුගල වන අලි කළමනාකාර රක්ෂිතයට අයිති ඉඩම් ටිකත් ඉඩම් කොල්ල කරුවන් වෙන් කරගෙන… වන අලින්ගෙන් බැට කන මිනිස්සු වෙනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රය මැදිහත් වෙයි!

by editor
සැප්තැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

සූරියවැව වල්පසුගල යෝජිත වන අලි කළමනාකරණ සැළැස්ම ක්‍රියාත්මක නොකිරීමෙන් අලි මිනිස් ගැටුමට මැදි වු  එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියළු නීති සහාය හා වන අලි කළමනාකරණ රක්ෂිතය ක්‍රියාවට නැංවිම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන්  සිය පූර්ණ මැදිහත් වීම ලබා දීමට කටයුතු කරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා නිතීඥ නිල්මල් වික්‍රමසිංහ   පැවසුවා.

වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම   ඇතුළු ගොවි ජනතාව විසින් පරිසර යුක්ති කේන්ද්‍රයෙන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ නියෝජිතයින් පිරිසක් පසුගිය දින සූරියවැව වල්සපුගල ප්‍රදේශයට පැමිණ අලි මිනිස් ගැටුම පිළිබඳව සිදුකළ සොයා බැලීමකින් අනතුරුව ඇය මේ බව පැවසුවාය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා නිතීඥ නිල්මල් වික්‍රමසිංහ

“හම්බන්තොට  වල්සපුගල යෝජිත වන අලි කළමනාකරණ සැලැස්ම ක්‍රියාවට නැගීම පමා කිරීම නිසා අද වන විට මේ ප්‍රදේශයේ ජනතාව මෙන්ම ගොවීන්ද  ගැටලු  රැසකට මුහුණු දි තිබෙනවා. දිනෙන් දින මෙම සැළැස්ම ක්‍රියාවට නැංවිම ප්‍රමාද වීම හේතුවෙන් සිදුවන අලි මිනිස් ගැටුම මේ ප්‍රදේශයේ දැඩි ලෙස උග්‍ර වී තිබෙනවා.”

“ඒ විතරක් නෙමේ මෙම වන අලි කළමනාකරණ සැලැස්ම ක්‍රියාවට නැගීම සඳහා යෝජිතව ඇති වන ඉඩම් ටික පවා මේ වන විට විවිධ පුද්ගලයින්ට බදු පදනම යටතේ විවිධ පාර්ශව වෙත ලබා දිම නිසා එම භූමි ප්‍රමාණයද  අඩු වෙමින් තියෙනවා. වන අලි ප්‍රහාර හමුවේ අසරණව සිටින මේ ගොවි ජනතාවට කාගෙවත් පිහිටක් නැතිව තියෙනවා. ඒ නිසා අප පරිසර යුක්ති කේද්‍රය විදියට මේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියළු නිති සහාය ලබා දිමටත් ඒ වගේම මෙම අලි කළමනාකරණ රක්ෂිතය ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සදහා අවශ්‍ය සියළු නිති සහායත් ලබා දීමට අප කටයුතු කරනවා.”

“ලංකාවේ අලි මිනිස් ගැටුම නිසා අලි වගේම ගොවි ජනතාවත් දැඩි ලෙස පිඩාවට පත්ව තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව 2012 වසරේ සිට 2016 වසර දක්වා වු වසර 05ක කාලය තුළදි විතරක් වන අලි මරණ 1173 ක් වාර්තා වෙනවා. ඒ මරණ අතර වන අලි 195 මිය ගොස් තිබුණේ හක්කපටස් නිසාවෙනුයි.” 

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“ඒ වගේම අලි මිනිස් ගැටුම නිසා මිය ගිය මිනිස් ජීවිත ප්‍රමාණය 321 ක් වසර පහ තුළදි පමණක්. 2016 සිට මේ දක්වා මියගොස් ඇති වන අලි මරණ හා මිනිස් ජිවිත ප්‍රමාණය මිට වැඩියි. මේ නිසා වන අලි ගැටළුවට කඩිනම් විසදුමක් ලබා දිය යුතුමයි. “

“මේ සූරියවැව ජනතාව කියන්නේ අලි මේ පැත්තෙන් එළවන්න කියලා නෙමේ. මේ මිනිස්සු කියන්නේ අලි ඉන්න කැලේ අලින්ට දෙන්න කියලයි. මේ වන විට වල්සපුගල අලි වෙනුවෙන් වෙන්කර තිබෙන රක්ෂිතයේ අලි  වෙනුවට දැන් ඉන්නේ විවිධ ඉඩම් මංකොල්ල කරුවන්. ඒ නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වෙලා තියෙනවා. මේ සදහා තමයි අපි ඉදිරිපත් වුණේ” යැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා නිතීඥ නිල්මල් වික්‍රමසිංහ    වැඩිදුරටත් පැවසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා… ඔබ සැමදෙනා සුඛිත මුදිත කිරීමේ වගකීම මා ඉටුකරනවා ඉටු කරනවාමයි! සජිත් පොරොන්දු වෙයි!

Next Post

මධ්‍යම පළාත් සභාවට අයත් වාහන 31ක් කිසිම තොරතුරක් නැතිව අතුරුදහන්… දැන් භාවිතාවන බවටත් කිසිදු සාක්ෂියක් නෑ… විගණනය හෙළි කරයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.