දිනසේන රතුගමගේ –
අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපල හා ඒ අවට මාර්ග ජලයෙන් යට වීම නිසා චෙන්නායි හා යාපනය අතර ගුවන් ගමන් නවතා දමා තිබේ. පෙරේදා සිට නැවතුන ගුවන් ගමන් යළි ඇරඹෙන දිනයක් ප්‍රකාශ වී නැත.
මේ වන විට ඉන්දියාවේ නාගපට්ටිනම් හා කන්කසන්තුරේ අතර මගී නැව් සේවාවද නවතා දමා තිබේ.
ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් හා නැව් සේවාවන් යළි ආරම්භ කෙරෙන දිනයක් පිලිබදඳව මෙතෙක් දැණුම් දී නැත.
ගුවන් යානා හා නැව් සේවාව සදහා මිලට ගෙන ඇති ප්‍රවේශපත්‍ර පත්‍ර සඳහා සම්පුර්ණ මුදලම ගෙවීමට අදාල ගුවන් සමාගම් හා නැව් සමාගම් පියවර ගෙන තිබේ.








