බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
in පුවත්
Sarath Fonseka
Share on FacebookShare on Twitter

මේජර් ජනරාල් සුරේෂ් සලේ යනු කට පමණක් ඇති වැඩ නැති නිලධාරියෙක් බැවින් තමන් යුද හමුදාපතිවරයාව සිටින අවධියේ ඔහු බුද්ධි මෙහෙයුම් වෙනුවෙන් පැත්තකටවත් නොගත් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේය.

පසුව තමන්ට විරුද්ධ පුද්ගලයින් ගෝඨාභය රාජපක්ෂ විසින් සමීප කරගත් බවත් සුරේෂ් සලේ ඔහුගේ විශ්වාසනීයම පුද්ගලයා වන්නේ ඉන් පසුව බවත්  ෆීල්ඩ් මාර්ෂල්වරයා කීවේය.

ඔහු පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ  බුද්ධි ප්‍රධානි වෙන්නේත්, සහාරන් බුද්ධි අංශ සමඟ සම්බන්ධ වන්නේත්, සහරාන්ට වැටුප් ගෙවමින් ඔත්තු කරුවෙක් ලෙස තබා ගන්නේත් යුද්ධය නිමා වූ  2009 වසරෙන් පසු වකවානුවේ  බව ද සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අද පාරලිමේන්තුවේ දී හෙළි කළේය.

ඔහු පැවසුවේ සුරේෂ් සලේ යනු මහ මොළකරුවන් විසින් වැඩ ගත් පුද්ගලයෙක් බවය. මේ ප්‍රහාරයේ ප්‍රධානම වගකිව යුත්තන් දෙදෙනා හිටපු ජනාධිපතිවරුන්වන ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන බව ෆීල්ඩ් මාර්ෂල් වරයා කීවේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

පාස්කු ප්‍රහාරය සිද්ධවන්නේ බාහිර බලවේගයකින් නෙමෙයි. මේ මහ මොළකාරයත් මේ රටේම විෂබීයක්.

සුරේෂ්  සලේ ගේ දුරකථනයත් එක්ක 2012 වැනි කාලයක ඉඳන් සහරාන්ගෙ  දුරකථන පිණිවිඩ හුවමාරු වෙනව.  යුද්ධය අවසන් වුනාට පස්සේ 2010න් පසුසේ තමයි බුද්ධි අංශයෙන් සහරාන්ට  පඩි ගෙවන්න ගත්තේ. යුද්ධ කාලයේ දී මේ පුද්ගලයා එක්ක අපේ කිසිම ගනුදෙනුවක් තිබ්බේ නෑ.

2010න් පස්සේ වෙච්චි දේවල් ගැන හෙන්දාවිතාරණ හිටපු හමුදා නිලධාරියා, හා ගෝඨාභයට ඉතාම සමීප ජෙනරාල් සලේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මේ පුද්ගලයින් ගැන දැනුම්වත් වීමක් වෙන්න ඕන කියලා මා විශ්වාස කරනවා.

2010 දී සලේ ඩී.එම්.අයි උනාට පස්සේ සහරාන් සමග ගනුදෙනු කටයුතු නිදහසේ වෙලා තියනවා. ඒ ගෝඨාභගේ ආශීර්වාදයත් එක්ක.

මම සලේ බුද්ධි අංශවලින් පැත්තකට දාලා තිබුණෙ යුද්ධය කාලෙ. ඔහු කතාව මිසක් වැඩ කරපු පුද්ගලයෙක් නෙමෙයි. ඔහු පැත්තකට දාලා වැඩ කළා. ඊට පස්සේ මම ගියාට පස්සේ ගෝඨාභය ඔහුව ලං කරගත්තා.

සලේ ඩී.එම්.අයි වුනාට පස්සේ 2014 වනවිට සහරාන්ගේ ක්‍රියාකාරකම් ඉතාම නරකට අතට හැරණා නැගෙනහිර පළාතේ. සහරාන්ට  විරුද්ධව විශාල චෝදනා තිබුණා.

නැගෙනහිර පළාතේ එ් කාලේ හිටපු ආඥාපති මේජර් ජනරාල් ලාල් පෙරේරා සහරාන් ඔහුගේ කාර්යාලයට ගෙන්වාල අවවාද කළා.

නැගෙනහිර 2009 සිට 2011 ජනවාරි වෙනකම් බොනිෆස් පෙරේරා කියන පුද්ගලයා තමයි සේනාංකාධිපති වෙලා හිටියේ.  2011 ජනවාරි සිට 2011 සැප්තැම්බර් වෙනකම් නැගෙනහිර ආඥාපත්ති වෙලා හිටියා.

මේ කාලයෙ තමයි සහරාන්ට පඩි ගෙවන්න පටන් ගත්තේ. 2012- 2014 බොනිෆස් පෙරේරා වන්නි ආඥාපති වෙලා හිටියේ.

ෂලේ සහ බොනිපස් පෙරේරා ප්‍රබල ගෝඨාභය වාදීන්. මොකද බොනිපස් පෙරේරා සම්බන්ධවත් ඔහුගේ කටයුතු නිසා ඔහුට එරෙහි විනය ක්‍රියාමාර්ග අරන් පැත්තකට දාලා හිටපු කෙනෙක්. ගෝඨා එයත් ලංකර ගත්තා.

2010  ජනාධිපතිවරණය දවසේ උදේ වව්නියාව සහ නැගෙනහිර මඩකලපුව පැතිවල බෝම්බ පුපුරන්න පටන් ගත්තා. ඒ ප්‍රදේශවල ඉන්න ජනතාව දන්නවා. මේක කළේ වව්නියාවේ ඉඳන් සලේ. බොනිපස් පෙරේරා අදාල නිලයක් නැතිව 2009 දෙසැම්බර් ඉඳලා නැගෙනහිරට දාලා  තිබුණා. සේනාංකාධිපති ලෙස වැඩ බලන්න. බොනිපස් පෙරේරා

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම

නිලන්ත ජයවර්ධනට අප්‍රේල් 04, අප්‍රේල් 20, අප්‍රේල් 21 අවශ්‍ය තොරතුරු ලැබුනා ඉන්දීය බුද්ධී අංශවලින්. අප්‍රේල් 21 උදෙත් මේ තොරතුරු ලැබුනා. නිලන්ත ජයවර්ධන දිනකට දෙතුන් වතාවක් ජනාධිපති ට දුරකථනයෙන් කතා කරනවා. නැතිනම් හමුවෙනවා.

අවුරුද්ද දිනයේත් ජනපති හම්බවුනා. කතා කරලා තියනවා. පාස්කු ප්‍රහාරයට දින හතරකට කලින් ජනාධිපති ඉන්දියාවේ ගියා. ඒ අවස්ථාවෙත් නිලන්ත ජයවර්ධනට ජනාධිපති හම්බවෙලා තියනව. මෙච්චර භයානක තොරතුරක් ලැබිලත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ජනාධිපති දැනුම්වත් කළේ නැතිනම් අනිවාර්යයයෙන් නිලන්ත ජයවර්ධනට ඉතාම ධරුණු අන්දමින් දඩුවම් කරන්න ඕන.

දැනුම්වත් කළා  නම් ඒ මේ අපරාධය වළක්වා නොගැනීමේ වගකීම ජනපති භාර ගන්න ඕන.

එවකට හිටපු ජනාධිපති මේ කාල පරිච්ඡේදයේ හැසිරුණ ආකාරය කියන්න පුලුවන්. ඒ ගැන විමසිලිමත් වෙන්න කියලා සභාවෙන් ඉල්ලනවා.

පාස්කු ප්‍රහාරයට මාස දෙකක් ඇතුළත ආරක්ෂක කවුන්සිලය තිබිලා නෑ, ඒ කාලෙ හිටපු ජනාධිපති මෛත්‍රීපාලයි,  ගෝඨාභය රාජපක්ෂයි ඉතාම ලඟින් ඇසුරු කළා.

ඊලඟට 2018 ඔක්තොම්බර් 07 ඉඳලා ජනාධිපති විසින් එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ   සහ එවකට හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවත්  ආරක්ෂක  කවුන්සිලයට ගෙන්වලා නෑ.

ඒ ජනාධිපති ඔක්තොම්බර් 11 ඉඳන් පොලිස්පති ආරක්ෂක කවුන්සිලයට එන  එක නැවැත්තුවා. ඔක්තොම්බර් 25 ඒ ජනාධිපති කතාවක් ගොතලා ගෝඨාභයයි එයයි මරන්න ඉන්නවා කියලා ත්‍රස්ත විමර්ශන අංශයේ ඩී.අයි.ජී. අත්අඩංගුවට ගත්තා. නාලක සිල්වා තමයි එවකට හිටපු සහරාන් ගැන උනන්දුවෙන්ම හොයපු කෙනා. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවටත් කියලා තිබුණා සහරාන්ව අත් අඩංගුවට

රනිල් වික්‍රමසිංහ අගමැති පිටුවෙන් ඔක්තොම්බර් 26   අයින් කළා.

නොවැම්බර් 30 යුද්ධයෙන් පසු පළමු වතාවට වව්නිතිව් පොලිස් නිලධාරීන් දෙකක් ඝාතනය වුනා. සහරාන් කළ වැඩක්. 2019 ජනවාරි 03 මැලේසියාවෙ හිටපු සුරේෂ සලේ ඉන්දියාවට එව්වා. ඒක කළෙත් ආරක්ෂක ඇමති. නැතිනම් ජනාධිපති එහෙමනැතිව ඔය ඉන්න නිලධාරීන් මාරු කරන්න වෙනකාටවත් බෑ.

තොරතුරට ක්‍රියා කරන්න නිලධාරීන්ට බෑ…

මේ විදේශයකින් ලැබුණ තොරතුර මහා බරපතල එකක්. ඒ  අනුව පොලිස්පතිට හරි ආරක්ෂක ලේකම්ට හරි මේකට ගත යුතු පියවර නිර්දේශ කරන්න බෑ. ඒක ඉතාම භාරදූර එකක්.  මෙවැනි ප්‍රහාරයක් වළක්වන්න නම් පොලිස් ඇඳිරි නීතිය  දාලා මාර්ග බාධක දාලා විශාල මෙහෙයුමක් කරන්න ඕන.

එහෙම දෙයක් කරන්න නම් ආරක්ෂක කවුන්සිලයෙදි තීරණයක් ගන්න ඕන. එහෙම දෙයක් කරන්න අවශ්‍ය පියවර හැකියාව ආරක්ෂක කවුන්සිලය රැස් නොවුන නිසා අදාල නිලධාරීන්ට නැති වුනා.

මෛත්‍රීපාල ඉන්දියාවට

එහෙම නොකර මෛත්‍රීපාල සිරිසේන අප්‍රේල් 21 ඉන්දියාවට පැනලා ගියා. මොහු මේ ප්‍රහාරය  සිද්ධ වෙන්න පෙර   ඉන්දියාවෙ හිටපු කාලය මට සියයට දාහක් විශ්වාසයි අනිවාර්යයෙන්ම සලේ හම්බවුනා. ජනාධිපති කෙනෙක් එහෙම රටකට යනවා නම් ඒ රටේ තානාපති කාර්යාලයෙ ඉන්න ඩිෆෙන්ස් ඇටෑචි කෙනෙක්  අනිවාර්යයෙන් ජනාධිපති ඇවිත් හම්බවෙනවා. එතැනින් පිටවෙලා ටික දවසක් ඉඳලා සිංගප්පූරුවට පැන්නා. ත්‍රස්ත ප්‍රහාරය වෙන දවසේ මේ ජනාධිපති  හිටියේ සිංගප්පූරුවේ

බෝම්බය පිපිරුනේ සිංගප්පූරු වෙලාවෙන් අදවල්  12ට. ඒ වෙලාවෙ ඉන්න ගුවන් යානයක් තිබුණා.  ඒවගේම  එහෙන් රෑ 09ට ආවා ශ්‍රී ලංකන් ගුවන් යානයක්.  ඒ දෙකමේ ටිකට් තිබුනා. ඒත්  ආවෙ නෑ… කාමරයට කෑම ගෙන්නගෙන කාල හිටියා.

රෑ 1ට තමයි කටුනායකට ආවේ. මේ වගේ නිවට බියගුලු රාජ්‍ය නායකයෙක් ලෝක ඉතිහාසයේ බිහි වෙලා නෑ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාව කැනේඩියානුවන්ට විසා නිකුත් කිරීම නවත්වයි!

Next Post

පළාත් පාලන මැතිවරණයට ලබා දුන් නාම යෝජනා අවලංගු කරයි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.