දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනයට කිළිනොච්චියේදී යතුරු පැදිකරුවකු ගැටීම නිසා යතුරුපැදි කරු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
මන්ත්‍රීවරයාගේ වාහනය කොළඹ සිට යාපනය දෙසට ගමන් කරමින් තිබියදී ඒ – 9 මාර්ගයේ කිළිනොච්චිය 155 කිලෝ මීටර් කණුව අසලදී ඊයේ (27) මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් මන්ත්‍රීවරයාගේ වාහනයටද යතුරුපදියටද අලාභ හානි සිදුව තිබේ.
කිළිනොච්චිය පොලීසිය ප්‍රකාශ කළේ යතුරු පැදිකරුගේ නොසැලකිල්ල නිසා මෙම අනතුර සිහුව ඇති බවයි.
කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







