සිකුරාදා, ජූලි 10, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුප්‍රීම් සැට් ආණ්ඩුව මතට කඩා වැටුනේ උගත් අගමැතිනියට දශම තිත පැටලුන නිසා ද?

by editor
අගෝස්තු 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකා ව්‍යාපෘතිය වන සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන කුණාටුවක් ඇති වෙමින් පවතී. රජයේ  මැති ඇමතිවරුම පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කරමින් ඇති කරන ව්‍යාකූලත්වය සමාජයට අමුතුම අත්දැකීම් ලබා දෙමින් ඇත.  පෙනෙන හැටියට දැන් සුප්‍රීම් සැට් කඩා වැටී ඇත්තේ ආණ්ඩුව මතටය.   

සුප්‍රීම් සැට් ගැන මේ රටේ නොදන්නා කෙනෙක් නැත. චිචී ගේ රොකට් එක කිව්වොත් රටේ පොඩි එකෙකුත් දන්නේය. අගමැතිනී ආචාර්ය හරිනී අමරසූරියගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය පසුගිය 6 වැනි දා තමන්ට ලැබුණු දත්ත මත පදනම්ව දීර්ඝ පිළිතුරක් ලබා දුන්නාය.

‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බවත්, එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදාදා (අගෝ: 06) පාර්ලිමේන්තුවට කීවාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ ආදායම් දත්ත පාර්ලිමේන්තුවට කීවේ වර්ෂ  2015   සිට 2023 මුල් මාස 06 දක්වා දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක්  ලැබී ඇති බව ය. එනම් දළ වශයෙන් රුපියල් බිලියන 341කි.  එම මුදල ලංකාවට ලැබෙන්නේ ලංකාව ශතයක මුදලක් ආයෝජනය කරන්නේ නැතිවය.  එනම් දළ වශයෙන් රුපියල් බිලියන 341කි. එම මුදල ලංකාවට ලැබෙන්නේ ලංකාව ශතයක මුදලක් ආයෝජනය කරන්නේ නැතිවය. අගමැතිනිය ඉදිරිපත් කළ දත්ත මෙසේය.

  • 2015/2016 – රු. මිලියන 19617
  • 2016/2017 – රු. මිලියන 28133
  • 2017/2018 – රු. මිලියන 29106
  • 2018/2019 – රු. මිලියන 34169
  • 2019/2020 – රු. මිලියන 42960
  • 2020/2021 – රු. මිලියන 62545
  • 2021/2022 – රු. මිලියන 87789

ඊයේ (07) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය වසන්ත සමරසිංහ සුප්‍රීම් සැට්-1 චන්ද්‍රිකාවේ කක්ෂයේ පැවැත්ම ප්‍රශ්න කරමින් දැවැන්ත විවේචනයක් කළ විට    මතභේදය උත්සන්න වූ අයුරු පෙනුනි. ඔහුගේ ප්‍රකාශයට අනුව අගමැතිනිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දත්ත වැරදිය.   ඇය දශම තිත අත්හැර අංක ඉදිරිපත් කර තිබෙන බව පෙනෙන්නට තිබිණි.  මේ තිබෙන්නේ වසන්ත සමරසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආදායම් දත්ත ය.

RelatedPosts

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

අනුව, වාර්ෂික ආදායම් පහත පරිදි විය යුතු බව ඔහු පැවසීය.

  • 2015/2016 – රු. මිලියන 19.167
  • 2016/2017 – රු. මිලියන 28.133
  • 2017/2018 – රු. මිලියන 29.1
  • 2018/2019 – රු. මිලියන 34.1
  • 2019/2020 – රු. මිලියන 42.9
  • 2020/2021 – රු. මිලියන 62.0
  • 2021/2022 – රු. මිලියන 87.0
  • 2023 පළමු මාස 6 – රු. මිලියන 39.5

“අගමැතිතුමිය නම් උත්තර දෙන්නෙ, ඒක හරියට බලල ඒ තහවුරුව අරගෙන කියන්න ඕනෙ. ඒ නිසා පිළිතුරු ලබා දීම වැරැද්දක් නිලධාරීන් කරල තියෙනවා,” වසන්ත සමරසිංහ පැවසීය.

ඒ  දත්ත අනුව චන්ද්‍රිකාවෙන් උපයා ගත් බව කියන මුළු මුදල මිලිය 341.9කි. එනම් බිලියන 0.3419කි.

මේ සංවාදය තවත් තියුණු වන්නේ  සුප්‍රීම් සැට් ආයතනයේ සභාපති ආචාර්ය මනෝ සත්‍යන් මනිවන්නන්, චන්ද්‍රිකාව භූ ස්ථායී කක්ෂයේ පවතින බව අද ප්‍රසිද්ධියේ තහවුරු  කිරීමත් සමගය.  එය චීන රජයට අයත් චන්ද්‍රිකා සැපයුම්කරු CGWIC-  ( China Great Wall Industry Corporation ) සමඟ හවුල්කාරිත්වයෙන් දිගටම ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය. අමාත්‍යවරයාගේ ප්‍රකාශය “නොදැනුවත්” එකක් ලෙස ප්‍රතික්ෂේප කළ ඔහු, මෙම ව්‍යාපෘතිය ජාත්‍යන්තර ප්‍රොටෝකෝල යටතේ චීනය සමඟ ඒකාබද්ධ සහයෝගීතාවයක් ලෙස ක්‍රියාත්මක කළ බව අවධාරණය කළේය.

සුප්‍රීම් සැට් යනු කුමක්ද?

2012 නොවැම්බර් මාසයේදී දියත් කරන ලද සුප්‍රීම් සැට්-1 ශ්‍රී ලංකාවේ පළමු සන්නිවේදන චන්ද්‍රිකාව ලෙස එවක පැවති ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරන ලද්දකි. නමුත් එය චීනයේ නිෂ්පාදනය කර දියත් කරන ලද්දේ චීනයේය. එය භූ ස්ථාවර කක්ෂයේ 87.5° නැගෙනහිර දේශාංශයේ ස්ථානගත කරන ලදී. චන්ද්‍රිකාව පිළිබඳව ශ්‍රී ලංකාවේ දායකත්වය පැහැදිලි  නොවූවත්, එවකට දේශපාලන අධිකාරිය එය දිවයිනේ අභ්‍යවකාශ තාක්‍ෂණ හැකියාව ගොඩනැගීම සඳහා ගත් ප්‍රධාන පියවරක් ලෙස සැමරීය.

චිචී ගේ අතාර්කික හැසිරීමත් මේ ව්‍යාපෘතිය තුළ බලවත් සාංකාවක් උපදවා තිබිණි.  ඔහු අභ්‍යාවකාශයට යන්නට කතා කළේය. රටටම අභ්‍යාවකාශ විද්‍යාව ගැන පොර ටෝක් දුන්නේය. එහෙත් සුප්‍රීම් සැට් ගැන ඉන් පසු චිචීවත් කතා කළේ නැත. ආන්දෝලනාත්මක ආචාර්ය උපාධියකින් අනතුරුව ඔහු ගැන අලුත් කතාවක් ආවේය. චිචී සිංදු කිව්වේය. චිචී ක්‍රිකට් ගැහුවේය. රගර් ගැහුවේය. ලැබූ අධ්‍යාපනය සහ ඔහුගේ අභ්‍යාවකාශ ප්‍රවේශය රටට විහිළුවක් වූ විට තමන් කරන රැකියාව ගැන හෝ පැහැදිලි කිරීමක් චිචීට තිබුණේ නැත. චිචීගේ රොකට් එක රටේ මිනිස්සුන්ට මාරක විහිළුවක් වන්නේ නිකම් නොවන බවත් ඒ සඳහා වූ පසුබිමක් තිබුණු බවත් පිළිගත යුතුය. එමෙන්ම මේ රොකට්ටුවේ වියදම් සහ ඒ සම්බන්ධව වූ සැබෑ ශ්‍රී ලාංකික දායකත්වය ගැන වගකිවයුතු පාර්ශවලට සාධාරණ පැහැදිලි කිරීමක් ද කිරීමට හැකියාවක් ලැබුණේ නැත. වසර ගණනාවක් තුළ විවාදයක් ඇති වන්නේ ඒ පදනම මතිනි.

මහජන ප්‍රතිචාර සහ දේශපාලන ප්‍රතිවිපාක

ඇත්තටම සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට සිදුවූයේ කුමක් ද?. දැන්  පුරවැසියන් වගවීම ඉල්ලා සිටින බැවින් අඛණ්ඩ විවාදයකට ප්‍රවේශ සැකසෙමින් පවතී.

  • චන්ද්‍රිකා ව්‍යාපෘතියේ ස්වභාවය පිළිබඳව මහජනතාව නොමඟ යවා තිබේද?
  • සුප්‍රීම් සැට් මුලපිරීම පිළිබඳව නිසි විගණනයක් පවත්වා තිබේද?
  • එකම රජයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි? ඇත්තටම ආචාර්ය ධූරන්ධර අගමැතිනියට ඉලක්කම් පැටලුනා ද?.

චන්ද්‍රිකාව ශ්‍රී ලාංකික ජනතාවට අලෙවි කළ ආකාරය පිළිබඳ අක්‍රමිකතා පිළිබඳව ඉඟි කරමින් අමාත්‍ය සමරසිංහ ගනුදෙනුව සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා තිබේ. මේ අතර සත්‍යය ජනතාවට පැහැදිලි කළ යුතු බව පවසමින්  විපක්ෂයේ සාමාජිකයින් පාර්ලිමේන්තු පරීක්ෂණයක් සඳහා බල කරමින් සිටින අයුරු පෙනේ.

සුප්‍රීම් සැට් ආයතනය චන්ද්‍රිකාව ක්‍රියාකාරී සහ ක්‍රියාත්මක බව අවධාරනය කරයි.    ජාත්‍යන්තර අභ්‍යවකාශ නිරීක්ෂණ ආයතනවලින් ස්වාධීන සත්‍යාපනය තවමත් මහජනතාවට ඉදිරිපත් කර නොමැත. එතෙක්, මතභේදය වර්ධනය වීමට ඉඩ තිබේ.

එය  ඊලඟ සති කීපය තුළ දේශපාලන වේදිකාවේ කදිම කටගැස්මක් නිර්මාණය කරනු ඇති බව නම් විශ්වාසය. එය ලංකාවේ දේශපාලනයේ සැබෑ ස්වරූපය හෙළි දරවු කිරීමටත් නියමිතව ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් තරුණයෙක් මිය යයි… ඝාතකයින් හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි…

Next Post

අවසන් රන්දෝලි පෙරහර බලන්න පැමිණි පිරිස ලක්ෂ 05 පනී…

Related Posts

පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...
පුවත්

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026
පුවත්

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!
  • ‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.