සුදුලූනු වංචාවේ සැකකරුවන් 4 දෙනා ලබන 14 තෙක් රිමාන්ඩ්

කීර්ති ප්‍රනාන්දු –

ලක් සතොසේ සිදු වූ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කළ සුදුලූනු වංචාව සඳහා අත්අඩංගුවටගත් සැකකරුවන් සිව්දෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් අද නියෝග කළේය.

ලක් සතොසේ සිදු වූ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් ඊයේ (11) ඔවුන් අත්අඩංගුවට ගැණුනි.

මෙසේ අත්අඩංගුවට ගත්තේ ලක් සාතොස සාමන්‍යාධිකාරී චමිලා ජයන්ති අසුරුමාන්න, ජ්‍යෙෂ්ඨ කලමනාකාරු සැපයුම් රණසිංහගේ සිරිමල් ප්‍රනාන්දු, කළමනාකාරු සැපයුම් එච්.ඩබ්ලියු චමීර වර්ණජිත්, සහ ලක් සතොස වැලිසර තොග අලෙවිසල් කලමනාකරු   නුවන් ලක්මාල් යන පුද්ගලයන්ය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව කටඋත්තර ලබා දීම සඳහා ඊයේ පැමිණි අවස්ථාවේදී එම පිරිස අත්අඩංගුවට ගැණුනි.  මීට පෙර අදාළ සුදුලූනු තොගය මිලදීගත් ව්‍යාපාරිකයාවද අත්අඩංගුවත්ගත් අතර ඔහු මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. ලංකා සතොසේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාවද මීට පෙර අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදාහැර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද අධිකරණයට ඉදිරිපත් කළ සැක කරුවන් සිවු දෙනා 14 තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

 

Exit mobile version