සුකී යලිත් සිපිරිගෙට

මියන්මාරයේ යකඩ ගැහැණිය ලෙසින් හැදින්වෙන අවුන් සාන් සුකී හට එරට අධිකරණය විසින් වසර හතරක සිර දඬුවමක් නියමකර ඇත.

ඇය විසින් 2020 වර්ෂයේදී පැවති මැතිවරණයේදී කොරෝනා මර්ධන සෞඛ මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමන නොකරමින් කටයුතු කිරීමත් ඊට අනුබලදීමත් යන චෝදනා වලට වරදකාරයි කරමින් මෙම සිරදඬුවම නියමකර තිබෙ.

මීට අමතරව ඇයි වංචා සහ දූෂණ චෝදනා කිහිපයක්ද එල්ලවී ඇති අතර එම සෑම චෝදනාවකටම උපරිම වශයෙන් වසර පහළොවක සිරදඬුවමක් නියමි කිරීමට හැකියාව පවතී.


ඒ අනුව ඇය මෙම චෝදනා වලට වරදකාරිය වුවහොත් ඇයිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමේ හැකියාව පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුකීට අමතරව හිටපු ජනාධිපතිවරයාටද වසර හතරක සිරදඬුවමක් නියමකර තිබේ.

සුකී සහ මියන්මරයේ හිටපු ජනාධිපතිවරයා මේවන විට කුමන ස්ථානයක රඳවා සිටින්නේද යන්න පැහිදි නොවන බවත් නඩු විභාගය මහජනතාවට විවෘත නොකර පැවැත්වීමටද එරට හමුදා ජුන්ටාව පියවරගෙන තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වසරේ පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රනයකින් එරට බලය සුකී නායකත්වය ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයෙන් ලබාගත් අතර මේවන විට එරට තුල හමුදා පාලනයක් ක්‍රියාත්මක වේ.

Exit mobile version