බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සී.සී.ඩී යේ සහ පාතාලයේ වෙනස පොලිසියටම හඳුනා ගන්නට බැරිවුන රටක පොලිස් මාධ්‍ය ප්‍රකාශක තතනමින් කියන කතාව!

by editor
ජනවාරි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

අපට වැටහෙන තරමට ශ්‍රී ලංකා පොලිසියේ  අවාසනාවන්තම ප්‍රාණීන් කොට්ඨාසය වන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන්ය. පොලිස් කුපාඩිකම් පොලිසිය වෙනුවෙන් සාධාරණීකරණය කිරීමට ගොස් සමාජය ඉදිරියේ විහිලුකාරයන් වී අසරණවූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් පසුකර පැමිණි ඉතිහාසයක් අපට තිබේ.

සීනියර් ඩි.අයි.ජී වෙන්නට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය දැරූ අජිත් රෝහණ සැකකරුවෙක් අත් අඩංගුවට ගත් විට නඩු අසා විසඳා තීන්දුවත් ප්‍රකාශ කළ ආකාරය රටට මතකය. ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට අතහැර මෙගා නාට්‍යයක පිටපත් ලියන්න ගත්තා නම් සමන් එදිරිමුණිට ජොබ් එක නැතිවන බව ඒ දවස්වල අපට හිතුනේය.

ඔහුගේ අඩි පාරේ යන්නට ගොස් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාව සිටි රුවන් ගුණසේකර අම්බානක් නාගත්තේය. හොඳම පරිප්පුව කෑවේ මාධ්‍ය ප්‍රකාශකවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නීතිඥ ජාලිය සේනාරත්න ය.  නඩු හදන්න ගිහින්   ඔහු රස්සාව බේරාගත්තේ අනූ නවයෙනි.

එහෙත් පෙනෙන ආකාරයට මෑත ඉතිහාසයේ  බලවත් ලෙසම අසරණවීමට නියමිතව සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වීමට ඉඩ ඇත්තේ වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූවය.  ඔහු සිය පූර්වගාමීන් රඟ පෑ ගොබ්බ භූමිකාවෙන් මිදී  වෘත්තීය භාවය සහිතව සිය ධූරයේ රාජකාරි කරමින් සිටින අවස්ථාවක මේ   ඉරණමට මුහුණ දීමට සිදුවේ යැයි සිතීම දුකකි.  එහෙත්  ජොබ් එක බාරගත්තා නම් දැන් කොන්දේසි නැති හේදීම සිදුකළ යුතුව තිබේ.

මේ වනවිට රටේම අවධානය යොමු වී ඇත්තේ වැලිගම පොලිසියේ වෙඩි පහරින් සී.සී.ඩී  සැරයන්වරයෙක් මිය ගොස් උප පොලිස් පරීක්ෂකවරයෙක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ජීවිතයත් මරණයත් අතර පොර බැදීමය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

සිද්ධිය  සම්බන්ධව  සී.සී.ටී.වී දර්ශනත් සමගම සාක්ෂි ඉතිරි වී ඇත. එවැනි අවස්ථාවක විශ්වාසය සහ යථාවාදී ගුණය ආරක්ෂා කරගත හැකි ආකාරයට  අලුතින් පිටපතක් නිර්මාණය කිරීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ.  හේතුව      සවිඥානික ඕනෑම පුද්ගලයෙකුට සිදුවීම් දාමයේ පෙළ කියැවීමේ දී  හෙළිදරව් වීමට නොදෙන  යම් කිසි ගුප්ත රහසක් වසන් කරගැනීමට කෙරෙන බරපතල උත්සාහයක් පෙනෙමින් තිබීමය.

සිද්ධිය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතිඥ නිහාල් තල්දූව ඊයේ ප්‍රකාශයක් සිදුකළේය. ඔහුට අනුව  ඊයේ (31) අළුයම වැලිගම  W15 හෝටලයට   කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්  වෙඩි තබා ඇත.    එහි ප්‍රධාන සිද්ධි දෙකක් පෙළ ගැසෙන ආකාරය සම්බන්ධව බලා ඉන්නා අපට පොඩි අවුලක් තිබේ.

සිද්ධි අංක 01

මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් 30 වැනිදා රාත්‍රියේ කොළඹින් පිටත් වී ගොස් ඇත.  මෙසේ යන අතර   අළුයම 2.30ට පමණ වැලිගම  W15 හෝටලය අසල මහපාරේ සැකකටයුතු පුද්ගලයෙක් ඉඳ තිබේ.  සී.සී.ඩි කණ්ඩායම තමන් පැමිණි කේ.ඩී.එච් රථයෙන් බැස සැකකරු අල්ලන්නට ගොස් ඇත. එවිට සැකකරු පලාගොස් ඇති අතර යාබද හෝටලයක සිට සී.සී.ඩී. නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. එවිට සී.සී.ඩී නිලධාරින් වෙඩි ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. නමුත් ඒ වෙඩි තබන්නේ තමන්ට වෙඩි ප්‍රහාරය  එල්ල වූ   හෝටලයට නොව, W15 හෝටලයට ය.

මේ වනවිට හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව කරන යුක්තිය මහෙයුමේ කටයුතු සඳහා මගට බැස සිටි   පොලිස් ජංගම මුර සංචාරක රථය  ඒ අසල තිබී ඇත. නමුත්  ඔවුන්  අපරාධකරුවන් විසින් සී.සී.ඩී නිධාරීන්ට සිදුකළ බව කියන වෙඩි තැබීම දැක නැත. එහෙත් සී.සී.ඩී නිලධාරින් කළ වෙඩි තැබීම පමණක් දැක ඇත.

ඒ අනුව වැලිගම පොලිසියේ ජංගම මුර සංචාරක රථයේ නිලධාරීන්  සංවිධානාත්මක අපරාධකරුවන්යැයි සිතා අපරාධ කොට්ඨාස නිලධාරීන්ට වෙඩි තබා තිබේ.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව   කියන කතාවෙන්  හැඟෙන්නේ  යාබද හෝටලයක සිට වෙඩි තැබූ නිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් W15 හෝටලයට   වෙඩි තැබූ බවය.  W15 හෝටලයේ සිට මින් පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගෙන ඇති බවත්,  හෝටලය  මත්ද්‍රව්‍ය සාද පවත්වීම සම්බන්ධව චෝදනා ලද තැනක් බවත්  අනතුරුව මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේය.

වෙනත් හෝටලයක සිට වෙඩි තැබීම සිදුකළ විට එම හෝටලයට වෙඩි නොතබා අදාල නැති හෝටලයකට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් උතුර දකුණ මාරුවී වෙඩි තැබූවේ ඇයි ද යන්න පිලිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට නිශ්චිත පැහැදිලි කිරීමක් නැත.    එමෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ පෙර වැරදි මතුකරමින් ඒ වෙඩි තැබීම සම්බන්ධව කරන ප්‍රකාශයේ අවස්ථා සම්බන්ධයත් තේරුම් ගන්නට මේ ලියන මා තවමත් උත්සාහ කරන්නේය.

සිද්ධි අංක 2

පොලිසියට අනුව සී.සි.ඩී නිලධාරීන්ට වෙඩි තබා ඇත්තේ වැලිගම ජංගම පොලිස් රථයේ හිඳිමින් පොදු රාජකාරියේ යොදවා සිටි හමුදා සෙබලෙක් විසිනි. මේ රාජකාරියේ යෙදවීම සම්බන්ධව ද දැන් නෛතික ප්‍රශ්නයක් මතු වී ඇති අයුරු පෙනේ. කෙසේ වෙතත්  වෙඩි තබා තිබුණේ හමුදා සෙබලා  අත තිබූ රාජකාරි ගිනි අවියෙනි. ඔහුට වෙඩි තැබීමට අණ දී තිබුණේ එම ජංගම මුර සැසිය භාරව සිටි වැලිගම පොලිසියේ සැරයන්වරයා ය.

අද (01) පොලිසිය විසින් නිල වශයෙන් නිවේදනය කරන ආකාරයට  වෙඩි කාගෙන වෑන් රථය පලා ගොස් තිබේ. නැවතී ඇත්තේ ඉමදූව අධිවේගී පිවිසුමේය. ඒ අවස්ථාවේ දි අධිවේගී පිවිසුමේ නිලධාරින් වෑන් රථය නතර කර ඒ සම්බන්ධව වැලිගම පොලිසියට දන්වා තිබේ. පාතාලයන් සේ පොලිස් වෙඩි කාගෙන මෙසේ පලා ගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් බව දැනගන්නේ වාහනය නතර කළ අවස්ථාවේ දි ය.

වෑන් රථයේ සිටි තුවාලකරුවන් දෙදෙනා ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ඇතුළත් කරන්නේ ඉන් අනතුරුවය. ප්‍රමාද වී රෝහල්ගතවන සී.සී.ඩී සැරයන්වරයා  මිය යන්නේය. ඔහුගේ පෙනහැල්ලේ තිබී මූනිස්සම් හමුවූ බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දි හෙළි වන්නේය.  දැන්  සී.සී.ඩී නිලධාරීන් සතුව තිබූ ටී 56 ගිනි අවි දෙකක් සහ පිස්තෝලයත්, වැලිගම පොලිස් ජංගම රථයේ සිටි නිලධාරියා වෙඩි තැබූ ගිනි අවියත් පොලිස් භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇති  බව  පොලිසිය විසින් නිවේදනය කරන්නේය.

තමන් රාජකාරියේ යෙදී සිටිය දි පොලිසියෙන්ම තමන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී නම් තමන්ගේ අනන්‍යතාවය වැලිගම පොලිසියේ නිලධාරීන්ට ඉදිරිපත් කර තත්ත්වය පැහැදිලි නොකර මාරක තුවාල ලද නිලධාරින් ද සමග සීසීඩී නිලධාරීන් පලා යෑමට උත්සාහ කළේ කුමක් නිසා ද යන්න අපට මෙන්ම මාධ්‍ය ප්‍රකාශකවරයාටත්   පැහැදිලි නැති බව පෙනේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ඊයේ (31) අපට කී කතාව මෙසේය.

“ අද උදේ සිදුවුන අවාසනාවන්ත සිදුවීමකින් පස්සේ වෙඩි වැදීමකින්  කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ  ගලේවෙල පදිංචි පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර (46) මිය ගිහින් තියනවා.  සිද්ධියෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලබලා තියනවා.”

“කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් නදුන් චින්තක නොහොත් හරක්කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යෑමට උත්සාහ කිරීම  සම්බන්ධව විමර්ශන කරනවා.”

“එහිදි මාතර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත්තු සැක කරුවන් 04ක් ඔවුන්ගෙ භාරයේ රඳවා තබාගෙන ඉන්නවා . ඒ වගේම  යුක්තිය මෙහෙයුමටත් සම්බන්ධ වෙනවා. මේ මෙහයුම්  අතර මාතර ප්‍රදේශයට ගියා 30 දවල් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්. මේ  මෙහෙයුමේ දි  කොළඹ සහ මාතර ප්‍රදේශයේ  සැකකරුවන් 11ක් අත් අඩංගුවට ගන්නවා.

“ඒ අත් අඩංගුවට ගන්න අය අතර වැඩිපුරම ඉන්නේ මත්කුඩු ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ  දැනට විදේශගතව සිටින මිදිගම ප්‍රදේශයේ පාතාල අපරාධකරුවෙකු සමග සම්බන්ධකම් ඇති අය.”

“මෙම පුද්ගලයින් 11 දෙනා අරන් තියෙන්නෙ පුද්ගලයින් 30ක ලේඛනයක් ඇසුරින්… මේ අතර සැකකරුවො 07යි සැක කාරියෝ 04යි ඉන්නවා. මේ අය කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුන්නා. ඔබට කි පරිදි   සැකකරුවන් 30ක ලයිස්තුවක් තියනවා.  තවත් සැකකරුවන් ඉන්න නිසා ඔවුන් අත් අඩංගුවට ගන්න ඊයේ (30) දා රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පිටව ගියා. “

“මාතර සිට වැලිගමට ගමන් කිරීමේ දී ඊයේ (30) අත් අඩංගුවට ගත්   එක් ප්‍රධාන සැකකරුවෙක් අත් අඩංගුවට පත් වූ   හෝටලය ආසන්නයේ සැකකටයුතු ලෙස පුද්ගලයෙක් ඉන්නවා දැකලා තියනවා.

ඔහුව දැකලා සී.සී.ඩී. නිලධාරීන් වෑන් රථය නතර කරලා තියනවා. එතකොට සැක සහිතව සිටි පුද්ගලයා දිව ගිහින් තියන බවයි මාතර කොට්ඨාසයෙන් ලැබුණු වාර්තාවේ සඳහන් කරන්නේ.  ඒක දැකලා මේ නිලධාරීන් වාහනයෙන් බහිනවාත් සමගම ඒ හෝටලය දෙස සිට යම් කිසි ආකාරයක වෙඩි තැබීමක් සිදුවෙලා තියනවා.  හෝටලය කියන එකෙන් අදහස් කරන්නේ වෙඩි වැදීමෙන් යම් යම්  වීදුරු ජනෙල්වලට හානි වූ හෝටල නෙමෙයි. ඒ ආසන්නයේ තිබුණු අනෙක් හෝටලය. ඒ හෝටලයේ සිට තමයි දහවල් සැක කරුවෙක් අත් අඩංගුවට ගෙන තිබුණේ.  මෙම හෝටලය දෙස සිට තමයි නිලධාරීන්ට මෙම වෙඩි තැබීම සිදුවුනා කියලා වාර්තා වන්නේ.”

“ ඒ  වෙඩි තැබීමත් සමග පෙරළා වෙඩි තැබීමක් සිදුකළ බව වාර්තා කරනවා. ඒ වෙඩි තැබීම අතර මේ නිලධාරින් කීප දෙනෙකුට තුවාල සිද්ධ වෙනවා. එම තුවාල සිදුවීමත් සමගම ඉක්මනින් ඒ ස්ථානයෙන් ඉවත් වීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහිත වෑන් රථය  උත්සාහ දරනවාත් එක්කම වැලිගම පොලිසියේ ජංගම රථය ඒ පිටුපසින්  පැමිණ තියනවා. ඔවුන් දකින්නේ වෑන් රථයේ පැමිණි (සී.සී.ඩී නිලධාරීන්ගේ) වෙඩි තැබීම පමණයි. වෑන් රථය දෙසට යම් කිසි වෙඩි තැබීමක් තැබූ බවට නිරික්ෂණය වෙලා නැති බවයි වාර්තා වෙන්නේ. ”

“ ඒ අනුව   එම ජංගම සංචාරය භාරව පැමිණි පොලිස්  සැරයන්වරයා එහි සිටි නිලධාරීන්ට උපදෙස් දීලා තියනවා වෙඩි තබන්න කියලා. ඒ එක්කම ඔවුනුත් වෙඩි තබනවා  කරුණු වරදවා තේරුම් ගැනීම නිසා. ඔවුන් හිතන්නේ මේ යම් කිසි ආකාරයක සංවිධානාත්මක අපරාධකරුවන් මේ වෑන් රථයේ ඉන්නවා කියලා. “

“නිලධාරීන්ට තුවාල සිදුවීම නිසා කරාපිටිය රෝහලට යෑම සඳහා ඔවුන්   වහාම  අධිවේගී මාර්ගය පිිසුම් ස්ථානයට ඇවිත් තියනවා. එම ස්ථානයේ දී නතර කරලා තියනවා වාහනේ .”

“ එම ස්ථානයට කඩිනමින් ඇම්බියුලන්ස් එකක් ගෙන්වලා තුවාලකරුවන් පිටත් කර ඇරලා තියනවා වහාම කරාපිටිය රෝහලට. එහිදී තමයි  එක් පොලිස් සැරයන්වරයෙක් මිය යන්නේ.   අනෙක් උප පොලිස් පරීක්ෂවරයෙක් තුවාල වෙලා මේ වනවිට කරාපිටිය රෝහලේ   ප්‍රතිකාර ලබනවා.”

“සිද්ධිය සම්බන්ධව  විමර්ශනයක් කරනවා වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා. වෙඩි තැබිමෙන්  ඒ ආසන්නයේ තිබුණු අනෙක් හෝටලයට යම් කිසි ආකාරයක වීදුරුවලට හානි වෙලා තියන බව සඳහන් වෙනවා. “

ඒ හෝටලයේත් මීට පෙර විවිධ වැටලිම් කරලා ඒ හෝටලයෙ සිටි විවිධ සැකකරුවන් අත් අඩංගුවට පත් වෙලා තියනවා. මත් ද්‍රව්‍ය තිබී අත් අඩංගුවට පත්වෙලා තියන බවට  වාර්තා වෙලා තියනවා යම් යම් සාදයන් තියන අවස්ථාවල විවිධ අවස්ථාවල පොලිසිය විටින් විට වැටලීම් සිදු කරලා.”

“මේ සිද්ධියේ දි දක්ෂ ලෙස රාජකාරි කළ    පොලිස් සැරයන්වරයෙක් මිය ගියා අවාසනාවන්ත ලෙස.”

“මාතර කොට්ඨාස භාර   ජ්‍යේෂඨ පොලිස්  අධිකාරීවරයා යටතේ වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සිද්ධිය සම්බන්ධව පරික්ෂණ පවත්වනවා. “  මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැටලිලි සහිතව කියන කතාව එසේය. ( ඒ කතාව පහත හඬ පටයේ වේ)

රට විශ්වාස කරන පරිදි  මේ පැටලිල්ල ලිහා ගැනීම අවශ්‍ය වන්නේ පාතාලයේ  සහ සී.සී.ඩී  යේ වෙනස පොලිසියටත්  හඳුනා ගැනීමට බැරි තරමට තත්ත්වය බරපතල වී ඇති නිසාය.  පවතින තත්ත්වය තුළ ලියා දෙන පිටපත කියවන්නට වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවුය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී.ල.නි.ප උප සභාපති පක්ෂය හැරගොස් සජබ ට එක් වේ… සජබ අම්බලන්ගොඩ සංවිධායක ධූරය භාරගනී!

Next Post

සුබ අලුත් අවුරුද්දක්… ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 685කින් නගී!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.