සීනි වංචාවට සම්බන්ධ හැමෝටම මිනිස්සු හෙණ ඉල්ලනවා – පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

(ලලිත් චාමින්ද)

සීනි වංචාවට සම්බන්ධ වු පුද්ගලයින්ට මිනිස්සු හෙණ ඉල්ලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා පවසයි.

ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව සදහන් කළේය. චන්දිම විරක්කොඩි මහතා මෙසේද කිවේය.


“සීනි වංචාවට සම්බන්ද වු පුද්ගලයින්ට මිනිස්සු හෙණ ඉල්ලනවා. අපේ ගම්වල අහිංසක දුප්පත් මිනිසුන් ශක්තියවර්ධනය කරගන්න බොන්නේ රෙඩ්බුල් නෙවෙයි. සීනි ටිකක් වැඩි තේ කොප්පයක්. අපේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ග්ලුකෝස් කනවා වගේ අපේ රටේ අහිසංක කම්කරුවා සිය ශක්තිය වර්ධනය කරගන්නේ සිනි ටිකක් වැඩිපුර දාපු තේ කොප්පයක් බිලා . ඒ කම්කරුවගේ තේ කොප්පයට බලපාන රුපියල් 65ට තිපු රුපියල් 215- 220 තුන් ගුණයකට වඩා වැඩිමිලකට විකුණන එක ගැන කිසිම සමාවක් ලබාදිය යුතු නැහැ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ලේකම්වරයා විසින් මේ රටේ විදේශිය කොටස් සහිත සමාගම් ලියපදිංචි කිරිම නතර කරන්න කියලා සමාගම් ලියාපදිංචි කොමසාරිස් කාර්යාලයට නිතියට පටහැනිව ලිපයක් යවලා නවත්වනවා. ඇයි බැරි මේ අසාධාරණ විදියේ සීනි විකිණිමට පියවර ගන්න . ඒ ජනාධිපති ලේකම්වරයාගේ පෑන ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ සාහසික අපරාධය නතර කරන ලෙස අපි ජනතාව වෙනුවෙන් ඉල්ලනවා. අද පරිප්පු කිලෝ එක රුපියල් 250ක් පාරට ගියවිට රුපියල් 2000 නොලැබුණු අහිංසක මිනිසුන් අපිව වටකරගන්නවා. අසාධාරණ විදියට සල්ලි උපයන්න එපා කියා සිනි ,පරිප්පු හාල් මිල ඉහල යවලා ලාබලබන උදවියගෙන් ඉල්ලා සිටිනවා” යැයිද චන්දිම විරක්කොඩි මහතා සදහන් කළේය.

Exit mobile version