මහියංගන පෙරහරට පැමිණ වනජීවියෙන් වෙඩි කා සැත්කම් දෙක්ක සිදුකිරිමෙන් පසු සති තුනක් ඇවෑමෙන් සීතා ඇතින්න අද (18) පස්වරුවේ මහරගම ගියාය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පැවසුවේ දෙසතියක පමණ කාලයක් තිස්සේ නිදා නොගැනීම හේතුවෙන් ඇතින්න ගේ උදර ප්‍රදේශය ඉදිමීත්, ඉදිරියේ දී ශරීර සෞඛ්‍ය තවත් දුර්වල වී දීර්ඝ ගමනක් රැගෙන යාමට නොහැකි තත්ත්වයකට සතා පත් වුවහොත් ඇතිවන අවදානමත් සලකා ඇතින්න හිමිකරු ඇය රැගෙන යෑමට තීරණය කර ඇති බවය.
ඡායාරූපයේ දැක්වෙන්නේ සීතා ඇතින්න මහරගම දක්වා රැගෙන යාමට ලොරි රථයට නන්වා සිටි අයුරුය..







