තඹුත්තේගම පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මඟින් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ චෝදනාව මත එම පාසලේම ගුරුවරයෙක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිසුවියගේ දෙමාපියන් කළ පැමිණිල්ලකින් අනතුරුව පොලිසිය විසින් එම ගුරුවරයාව අත්අඩංගුවට ගැනීමට පියවර ගැණින.
තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරයාව අද (31) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගුරුවරයා 44 හැවිරිදි පුද්ගලයෙකි.