සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරි දළදා දැක්ම මහ ජනතාවට විවෘත වෙයි!

by editor
අප්‍රේල් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

සිරි දළදා දැක්ම සාමාන්‍ය ජනතාවට විවෘත වූයේය.

ජනාධිපතිවරයාගේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රභූන්ගේ සහභාගීත්වය සහිතව සමාරම්භක උත්සවය පැවැත්වීමෙන් අනතුරුව දහවල් 2 සිට ජනතාව වෙනුවෙන් දළදා දැක්ම විවෘත විය. මේ වීඩියෝව එම අවස්ථාව ආවරණය කරයි.

දළදා සමිඳුන් වැඩ හිඳන්නේ සත් කරඬු මධ්‍යයේය. කරඬු හත මත මනුෂ්‍ය ස්ඵර්ෂයක් සිදු කරන්නේ නම් එය සිදුකළ යුත්තේ මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන්වහන්සේලා දෙනම සහ දියවඩනේ තැම්පත් නිලංග දෑල යන තිදෙනාම ඉදිරියේය.

අද අපර භාගය උදාවත්ම දළදා වහන්සේ හත්වන කරඬුවෙන් පිටතට ගනු ලැබුවේ දහවල් තේවාවෙන් අනතුරුවය. අස්ගිරි මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන ස්වාමීන්වහන්සේ විසින් 7වන කරඬුවේ වැඩ හිඳින වාම ධාතූන්වහන්සේගේ කරඬුව විවෘත කරනු ලැබූහ.

අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ විසින් දන්ත ධාතූන් වහන්සේ පිටතට වැඩමවා දියවඩන නිලමේවරයා අත ඇති වජ්‍රමය මංජුසාවෙහි තැන්පත් කළහ.

අනතුරුව එම මංජුසාව දියවඩන නිලමේවරයා විසින් සුවඳ මලින් සරසන ලද පිරිත් මණ්ඩපය වෙත රැගෙන ගොස් එහි තබා මූලික පූජාවන් කළේය.

RelatedPosts

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

මේ සියලු පූජාවන් සිදුකරනු ලැබුවේ හේවිසි හොරණෑ පූජා හඬ මධ්‍යයේය. ඉන් අනතුරුව දළදා වහන්සේ ප්‍රදර්ශනය විවෘත විය. මේ අවස්ථාවේ රටේ විධායක ජනාධිපතිවරයා ප්‍රමුඛ දෙස් විදෙස් තානාපති ප්‍රභූහු මුලින්ම දළදා වන්දනා කළහ.

මේ වනවිට ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු ප්‍රධාන පෝලිම් තුනක් ඔස්සේ දළදා වන්දනාව සඳහා සැරසී සිටිති.

දළදා වන්දනාව සඳහා මාළිගාවට ප්‍රවේශ විය හැක්කේ මහ මළුව මධ්‍යයේ වූ මාර්ගයෙන් පමණි. එම මාර්ගයට ප්‍රවේශ වීමට මාළිගා පරිශ්‍රය අවට විවෘත මාර්ග 03ක් සකස් කර තිබේ.

1 කටුගස්තොට දෙසින් මහනුවරට පැමිණෙන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ මාලිගාව දෙසට පැමිණ වතුර මල අසලින් මහ මලුවට ප්‍රවේශ වීම. ( සාමාන්‍ය දිනයන්හිදී මාළිගාව වැඳ පුදා පිටව යන මාර්ගය )

2 වැව රවුමේ අම්පිටිය මංසන්ධියේ රතු බෝක්කුව අසලින් රැස්වන ජනතාව සංඝරාජ මාවත ඔස්සේ ( මහා මායා ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටින් ) ගොස් බිසෝකොටුව උල්පැන්ගේ අසලින් ක්වීන්ස් හෝටලය ඉදිරිපිට සකසා ඇති ගුවන් පාලම අසලින් මහ මහළුවට ප්‍රවේශ වීම.

3 රතු බෝක්කුව අසල සිට (මහා බාලිකා විද්‍යාලයේ ද්විතියික පාලස ඉදිරිපිටින් ) වැව රවුමේ ජෝයි බෝට්ටු සේවය අසලින් පෙරකී ක්වීන්ස් හෝටලය ඉදිරිපිට ගුවන් පාලම අසලට ගොස් මහ මළුවට ප්‍රවේශ වීම

ඕනෑම පුද්ගලයෙකුට මෙම මාර්ග තුන ඔස්සේ පැමිණ මහ මළුවට ප්‍රවේශ විය හැකිය.

මහ මළුවට ප්‍රවේශවන සියලුම බැතිමතුන්ට අනිවාර්යයෙන් දළදා වන්දනා අවස්ථාව හිමි වනු ඇත. ඔවුන් තම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තබා ගැනීම අනිවාර්ය වේ. එසේ නොවන අවස්ථාවන්වලදී ඊට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බව පොලිසිය කියයි. ජංගම දුරකථනයෙන් මොනම හේතුවකට හෝ මාළිගා පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන තුරු කිසිම ක්‍රියාකාරකමක් කළ නොහැකිය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වෙනම ප්‍රවේශ මාර්ගයක් තනා ඇත. ඔවුන් සඳහා රෝද පුටු සියයක් දියවඩන නිලමේවරයා විසින් සූදානම් කර තිබේ. සංඝයා වහන්සේ සඳහා ද විශේෂිත ප්‍රවේශ මාර්ගයක් සකස් කර ඇත. මෙම දෙපිරිස ස්ථාන දෙකක දී දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙමින් මාළිගය වෙත ප්‍රවේශ කරගනු ඇත.

සිදුකර ඇති සැලසුම් අනුව තත්පරයකට 8-10 අතර පිරිසකට දළදා සමිඳුන් දැක බලා ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව දින 10 තුළ ලක්ෂ 15කට ආසන්න පිරිසකට දළදා සමිඳුන් දැක වන්දනා කිරීමේ අවස්ථාව උදාවනු ඇතැයි අනුමාන කෙරේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය ව්‍යාජයි… ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි!

Next Post

තානාපති ඇත්තන් කොළඹ යන්න එනතුරු නුවර කොළඹ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පැය බාගයක් ප්‍රමාද කරයි…

Related Posts

පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.