සිය දිවි නසා ගත් 15 හැවිරිදි තරුණියත් කොවිඩ් ආසාදිතයෙක්…

suicide

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චියේ කණ්ඩාවලෙයි නාගෙන්ද්‍රපුරම් ප්‍රදේශයේ 15 හැවිරිදි තරුණියක් සියදිවි හානි කර ගැනීමෙන් පසුව ඇය පිළිබදව කළ පී.සී.ආර්.පරීක්ෂණයේදී ඇයට කොවිඩ් ආසාදනකය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ අතර හුස්ම ගැනිමේ අපහසුවමත යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කරණ ලද වයස අවුරුදු 6 ක දැරියක් මියගොස් ඇති අතර ඇයට කොරෝනා රෝගය වැළදී ඇත්දැයි සෙවීම පිණිස සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රතිපල මෙතෙක් ලැබී නොමැත.

කිළිනොච්චියේ තිරුවෙයිආරු ප්‍රදේශයේ වයස අවුරුදු 77 ක කාන්තාවක් ද, වවුනියාවේ කට්පහපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 44 ක කාන්තාවක්ද කිඩච්චූරී ප්‍රදේශයේ අවුරුදු 62 ක කාන්තාවක්ද කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

Exit mobile version