කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේය.
ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩලයේ දී එම තීරණය ගත් බව ඇමතිවරයා කීවේය.
වෙළෙඳ පොළේ පවතින කිරිපිටි හිඟය පිළිබඳව ඊයේ (09) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්විමේ කළ සාකච්ඡාවට අනුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩල රැස්විමේදී තීරණය වී තිබේ.
වෙළෙඳ ඇමතිවරයා විසින් කළමනාකරණය කරගෙන ගිය තත්වය නිසා ඇති වී තිබෙන මෙම කිරිපිටි හිඟය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව ප්‍රමාණවත් කිරිපිටි තොග දේශීය වෙළෙඳපොළට සැපයීම තහවුරු කර ගැනිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලයේදී තීරණය වී තිබේ.