සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියල්ලම පෙළ ගැසුනේ දුනිත්ගේ ක්‍රිකට් ඉරණම තීන්දු කරන්නට ද?

by editor
සැප්තැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ක්‍රිකට් ලෝලියෙක් ලෙස ජීවිතයේ මේ තරම් කම්පනයට පත් කළ අවස්ථාවක් නැත. මේ සටහන තබන්නේ දරාගැනීමට අපහසු වේදනාවකිනි.

දුනිත් ගේ පියා මිය ගොස්ය. ඔහු සුරංග වෙල්ලාලගේ ය. 51 හැවිරිදිය. ඔහු මිය යන්නේ හදිසි හෘදයාබාධයකිනි. මරණය සිදුවු බව කියන්නේ රූපවාහිනියෙන් ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රි ලංකා ඇෆ්ගනිස්ථාන තරගය නරඹමින් සිටින අතරතුරය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යාන්තර තරගයක දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට එල්ල වූ නිර්දය ප්‍රහාරය දුනිත්ට එල්ලවනු බලා සිටි දුනිත්ගේ පියා අවසානයේ දී ජීවිතය හැර ගියේය.

පෙ

පණිවිඩය සැලවුන මොහොත…

අද දුනිත් මේ ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ මුල්ම තරගය ය. මුළු තරගයම ගොඩනැගෙන්නේ දුනිත්ගේ ජීවිතය දෛවෝපගත ලෙස තීන්දු කරමින්දැයි දැන් සිතේ. දුෂ්මන්ත චමීර යැවූ තරගයේ 17 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේ දී මොහොමඩ් නබී විසින් ලබා දුන් උඩපන්දුවක් දුනිත් අතින් ගිලිහෙන්නේය. දුනිත් වෙල්ලාලගේ යනු අඩ පන්දු රකින්නෙක් නොවේ. ඔහු විශිෂ්ට පන්දු රැකීම් සම්බන්ධව සලකුණු තැබූ ක්‍රීඩකයෙකි. එහෙත් මොහොමඩ් නබී ඔහු නිසා නොදැවී පිටියේ රැඳී සිටින්නේය. ඒ එක් කාරණාවකි.

එතෙක් දඟ පන්දු යවන්නෙක් ලෙස දුනිත් විශිෂ්ට පන්දුකරණයක යෙදෙමින් සිටියේය. ඔහුගේ 3වන පන්දු ඕවරය ලෙස තරගයේ 13 වැනි පන්දු ඕවරය යවන විට ඔහු ලබා දී තිබුණේ ලකුණු 17ක් පමණි. එක් කඩුල්ලක් දවාගෙන තිබිණි. යවන්නට තිබුණේ එක් පන්දු ඕවරයකි.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

තරගයේ 19 වැනි පන්දු වාරය වන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලබාගෙන තිබුණු ලකුණු 137කි. කඩුලු 07ක් දැවී ගොස්ය. පන්දුවට පහර දෙමින් සිටියේ නූර් අහමඩ් සහ මොහොමඩ් නබීය. මොහොමඩ් නබී ජීවිතය ලබා සිටියේ දුනිත් අතින් ගිලිහී ගිය උඩ පන්දුව නිසාය.

මේ තත්ත්වය තුළ විස්සයි 20 තරගයක දී අතිශය විරල අවස්ථාවකට දුනිත් කැඳවන්නේය. ඒ තරගයේ අවසන් පන්දු වාරය යැවීමටය. දඟපන්දු යවන්නෙක් වූ දුනිත් වෙල්ලාලගේ කැඳවා නායක චරිත් අසලංක කරන අත්හදා බැලීම අවසානයේ දී බිහිසුණු ප්‍රතිඵලයක් අත් කර දුන්නේය. මොහොමඩ් නබී ගෙන් හයේ පහර 5කි. එක් නිපන්දුවක යවා තිබිණි. ඔහුගේ ඕවරයට ලකුණු 32ක් රැස්කරගෙන තිබිණි.

මේ ප්‍රහාරය මේ යොවුන් ක්‍රීඩකයාට දරා ගත නොහැකි ආකාරය සමීප දසුන්වලින් ඔහුගේ මුහුණේ ඉරියව් දුටු හැමෝටම වැටහිනි.

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ක්‍රිකට් නායකයාව සිටි 51 හැවිරිදි දුනිත්ගේ පියාට මේ අනපේක්ෂිත මෙන්ම ප්‍රභල ප්‍රහාරය දැඩි කම්පනයක් ඇති කර තිබිණි. ඔහු දැන් අවසන් ගමන් ගොස්ය.

මේ බිහිසුණු මොහොත දුනිත් කෙසේ දරාගනු ඇතිදැයි අපට වැටහෙන්නේ නැත. අප මේ තරම් කම්පනයට පත් කර ඇතිනම් මේ සිදුවීම ඔහුගේ ක්‍රීඩා ජීවිතය තීරණාත්මක ලෙස තිගස්වනු ඇති බව සහතිකය. මේ අවස්ථාවේ දී රටේ සියලුම ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සම්බන්ධව සුබ සිහින දැල්වූ මේ යෞවනයා සමග සිටගනු ඇති බව විශ්වාසය. ඔහුට මේ මොහොත දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ක්‍රීඩා පරිපාලනය මෙන්ම රටේ බලධාරීන්ද එක්ව ලබා දිය යුතුව තිබේ.

මේ ඛේදවාචකය නිර්මාණය වන්නේ එසේ විය යුතු පරිසරයක නොවේ. මෙවැනි එක් තරගයකින් දුනිත් ගේ ක්‍රිකට් අනාගතය තීන්දු කරන්නට කිසිවෙක් ඉක්මන් වන්නේ නැත. එය මුල්ම කාරණාවය.

එමෙන්ම ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගය නිමා වන්නේ ශ්‍රී ලංකාව අත්පත් කරගත් විශිෂ්ට ජයග්‍රහණයක් සමගිනි. ලකුණු 169ක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු 08ක් ඉතිරිව තිබිය දී කඩුළු හයකින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කර ඇත්තේය. අපි අපරාජිතව සුපිරි කණ්ඩායම් 04ට පැමිණ ඇත්තෙමු.

අනෙක් අතට අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසෙන්නට මේ තරගයේ දී ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුම වූයේ නැත. අවසන් සුපිරි කණ්ඩායම් 04ට පිවිසෙන්නට ඔවුන්ට ලබා ගැනීමට අවශ්‍යව තිබුණේ ලකුණු 110කි. ඒ අනුව මේ තරගය දිනුවත් පැරදුනත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් කණ්ඩායම් 04 අතරට පිවිසීමට බාධාවක් තිබුණේ නැත.

එහෙත් දැන් අප සිටින්නේ ජයග්‍රහණයේ සතුට විඳගන්නට නොහැකි තැනකය. දැනට අපට ඉතිරිව ඇත්තේ සුරංග වෙල්ලාලගේ ට නිවන්සුව පතා දුනිත්ගේ ක්‍රීඩා ජීවිතයේ අනාගත පැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය මානසික ශක්තිය දුනිත්ට ලබා දීමය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුනිත් මොහොමඩ් නබී ගේ ප්‍රහාරයට ලක්වනු බලා සිටි දුනිත්ගේ පියා හෘදයාබාධයකින් මිය යයි!

Next Post

මොහොමඩ් නබී ගේ X සටහන හා එක් වී දුනිත් වෙනුවෙන් හඬා වැටෙන ඇෆ්ගන් මිනිස්සු!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.