ලලිත් චාමින්ද –
රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ 2018 හා 2019 වර්ෂවල 1හා 2 අදියර සමාසික විභාගවලින් අසමත්වීමේ ප්‍රතිශතය සියයට 30ක සිට සියයට 98ක ප්‍රතිශතයක් දක්වා වූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.
පරීක්ෂාවට භාජනය කළ ප්‍රථිපල සටහන් අනුව තාක්ෂණ පිඨයේ 2019 වර්ෂයේ පැවති අදියර 01 හි දෙවන සමාසිකයෙහි විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සියයට 72ක් අසමත් වී තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
සමත් සිසුන්ගෙන් සියයට 63ක් විභාගය සමත්වීමේ පහළ සාමාර්ථය වු සී සමාර්ථය ලබාගෙන තිබු බවද ජාතික විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ සම්බන්ධව කළමණාකාරිත්වය විසින් විගණනයට අදහස් දක්වමින් සඳහන් කොට ඇත්තේ මීට අදාල ගැටලු දැනටමත් හඳුනාගෙන ඇති අතර මෙම තත්වය කළමනාකරණය කරගැනීමට අවධානය යොමුකර ඇති බවය.
තාක්ෂණ පිඨයේ සිසුන්ගේ විෂය කරුණු සම්බන්ධයෙන් දැනුම හා අවබෝධකරගැනීමේ හැකියාව දුර්වල බවද කළමණාකාරිත්වය මගින් විගණනයට සඳහන් කොට ඇත.
ඇතැම් ආචාර්යවරුන්ද සිසුන්ගේ දැනුම පිළිබඳ අවබෝධයෙන් පාඨමාල මෙහෙයවීමට කටයුතු නොකිරිම නිසා යම් අඩුපාඩු සිදුවි ඇති බවද කළමනාකාරිත්වය මගින් විගණනයට ප්‍රකාශකොට ඇත.
මෙලෙස සිසුන් විශාල ලෙස විභාග අසමත්විමට හේතුන් සොයාබලා එම ගැටලු විසඳීමට ක්‍රියාකළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
රුහුණු විශ්ව විද්‍යාලයේ 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට අවසන් වර්ෂය සඳහා මුල්‍ය ප්‍රකාශය සම්බන්දයෙන් මෙකී විගණනය සිදුකොට තිබුණි.