සිනොවැක් එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබේ…

Sinovac vaccination

චීනයේ සිනොවැක් කොවිඩ් එන්නත හදිසි භාවිතා කිරීම් සඳහා ජාතික ඔෂධ නියාමන අධිකාරිය (එන්එම්ආර්ඒ) විසින් අද අනුමැතිය ලබා දුන්නේය.

 ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අවස්ථා සඳහා න අනුමත කරන ලද එන්නත් අතුරින් අඩුම කාර්යක්ෂමතාවය සහිත එන්නත වූයේ සිනොවැක්ස්ය.

ස්වාධීන දත්ත රැස්කරන ආයතයනක් වන ලාපොර් කෝවිඩ් 19 අයාතනය සඳහන් කරන්නේ ජූනි මාසයේ සිට සිනොවැක් එන්නත ලබාගත් සෞඛ්‍ය සේවකයින් 100කට අධික පිරිසක් කොරෝනා වැලඳීමෙන් මරණයට පත්ව  ඇති බවය.


මෙවැනි ලෝක තත්වයන් වාර්තා වීම, කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව නිශ්චිත දත්ත නොතිබීම වැනි කරුණු මත  ඖෂධ නියාමන අධිකාරියේ මෙම එන්නත අනුමත කිරීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලයේ මත දෙකක් ඇති වී තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද සියලුම කොවිඩ් එන්නත් සඳහා ශ්‍රී ලංකාව අනුමැතිය ලබා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පල්ලෙකැලේ දී ලංකාව තුළ නිශ්පාදනය කිරීම සඳහා සූදානම් වෙමින් ඇත්තේ මෙම එන්නතය. 

Exit mobile version