fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ඉන්සාෆ් මරාගෙන මැරෙන්න කලින් දරු පවුලෙන් සමුගත් හැටි

වසර 2ක් ago
in පුවත්
451 4
0
Share on FacebookShare on Twitter

ඉන්ෂාෆ් අහමඩ් ඊබ්‍රාහිම් යනු පාස්කු දා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය කුඩුපට්ට්ම් කළ බෝම්බ කරුය. සිය බිරිය හා දරුවන් සමග යපහත් ජීවිතයක් ගත කළ බව පෙනුණ මේ බෝම්බකරුගේ හැසිරීම හා ආසන්න දිනවල ඔහුගේ චර්යාවන් පිළිබඳව පාස්කු කොමිසම හමුවේ හෙළි වූයේය.

මුදල් ප්‍රදානය

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරයට පෙර ඉබ්‍රාහිම් පවුලේ ඉන්සාෆ්  ජාතික තවුහිත් ජමාත් සංවිධානයට රුපියල් කෝටි හතරහමාරක මුදලක්  ලබාදී තිබිණි. වර්ෂ 2019 දී සිදු කර ඇතැයි කියන ඒ මුදල් ප්‍රදානය පරීක්ෂණවලදී හෙළි කරගත් ආකාරය ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේදී ප්‍රකාශ කළේය. 

තඹ කර්මාන්ත ශාලාවේ ගිණුම්වලින් කරුණක් සඳහන් කළ නොහැකි රුපියල් කෝටි හතරහමාරක  මුදලක් එහි හිමිකරු ඉන්ෂාෆ් අහමඩ් නැමැති මරාගෙන මැරෙන බෝම්බකරු විසින්  2019 වසරේ ජනවාරි, පෙබරවාරි මාස වලදීත්  අප්‍රේල් 10 වෙනිදාත්  ලබාගෙන තිබෙන බව අදාල ආයතනයේ ගණකාධිකාරීවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ද  අනාවරණය වී තිබෙන බව රවීන්ද්‍ර විමලසිරි පැවැසීය. ආයතනයේ සිදුවන සියලුම ගණුදෙනු එම ගණකාධිකාරීවරයා පිළිවෙලකට සටහන් කරන අතර මෙම මුදල එහි හිමිකරු විසින් හේතුවක් නොදන්වා ලබා ගත්තේ ඇයි දැයි ඔහුටත් ගැටලුවක් බවත් ඒ සම්බන්ධයෙන් ඔහු සටහනක් තබා තිබෙන බවත් විමලසිරි සඳහන් කළේය.

සැම්බියා නාටකය

බෝම්බ ප්‍රහාරයට දින දෙකකට පෙර සැම්බියාවට යන බව පවසමින් සිය බිරිය ෆාතිමා ෂිෆ්කා  සහ දරුවන් තිදෙනාත් බිරියගේ පියාගේ රියදුරුත් සමග ඔහුට අයත් සුඛෝපභෝගී ජිප් රථයෙන් කටුනායක ගුවන් තොටුපොලට ගොස් ඇත. ගුවන්තොටුපොල පරිශ්‍රයේදී බිරිඳ සහ දරුවන්ව සිප වැලඳගෙන ඔවුන් මන්නාරමට  පිටත්කර  අනතුරුව ඔහු ගුවන්තොටුපොලේ සිට කුළි රථයක නැගී දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි සිය පියාගේ මහ ගෙදරට පැමිණ ඇති බව කොමිසමේ දී අනාවරණය විය. 

ඉන්සාෆ් ට සමුදුන් ඔහුගේ ගේ බිරිය සහ දරුවන් එම අවස්ථාවේදී මන්නාරමේ පිහිටි ඇගේ පියාගේ මහ ගෙදරට ගොස් ඇත. ඇයගේ පියා අලව්දීන් නමැති මන්නාරමේ ප්‍රකට රන්භාණ්ඩ ව්‍යාපාරිකයෙකි. ඔහු මුස්ලිම් දේශපාලන පක්ෂයක ලේකම්වරයකු ලෙස ක්‍රියා කර ඇති බව ද කොමිසමේදී සඳහන් විය. 

මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ මද වේලාවක් ගතකළ ඉන්සාෆ්  රාත්‍රී කාලයේ කොල්ලුපිටියේ ටී අවන්හලකට ගොස් මද වේලාවක් එහි රැඳීසිට පසුව දෙහිවල ගුවන් පාලම අසලට ගොස් තිබෙන බවත් එහිදී තවත් අයෙක් සමග කුළි රථයකින් පානදුරට ගමන්කර ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි පැවැසීය. 

බෝම්බකරු පානදුරේ සිට ඊට පසුදින එනම්  20 වෙනිදා සවස 7.06 ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ කාමරයක් වෙන්කර ගෙන තිබේ.  එහි මද වේලාවක් රැදී සිට ඇති ඉන්සාෆ් ඊට දින තුනකට පෙර එනම් අප්‍රේල් 17 වෙනිදා ද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෑගයක් කරෙහි දමාගෙන ගොස් ඇති බවද ආරක්ෂක කැමරා පද්ධතිවල සටහන්ව තිබූ බව පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ තම විමර්ශන තොරතුරු අනාවරණය කරමින් පැවසීය.

නැවත 20 වෙනිදා හෝටලයට පැමිණි ඔහු රාත්‍රී 8.12ට පමණ කුළී රථයක නැගී ගල්කිස්සේ පන්සල පාරේ පිහිටි ස්පෑන් ටවර්ස් නම් වූ නිවාස සංකීර්ණයකට ගොස් ඇත. නැවතත් ඔහු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ ඇත්තේ උදෑසන 7.00 ට පමණය. හෝටලයේ තැප්‍රොබේන් ශාලාවේ දී ඔහු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නේ අනතුරුවය.

හඬපට හතර

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඔහු සිය පවුලේ සාමාජිකයන්ටත්, බිරියටත්, සේවකයින්ටත් පොදුවේ සැමටත් හඬ පට හතරක් නිකුත් කර තිබී ඇති අතර එම හඬපට කොමිසම හමුවේ විකාශය කෙරිණි. බිරියට නිකුත් කර තිබූ හඬ පටයේ සිය දේපොල සම්බන්ධයෙන් සියළු තොරතුරු මෙන්ම ණය කරුවන් ගැනද තොරතුරු ඇතුළත්ය. එසේම ප්‍රහාරයට හේතු ද සඳහන් හඬපටයක්ද එහි විය. 

සැම්බියාවේ සිටින බවට හැඟවෙන ආකාරයේ වට්ස්ඇප් පණිවිඩද ඉන්සාෆ් විසින් බිරියට එවා ඇතත් ඒ එක් පණිවිඩයකදී බිරියට ඔහු පවසා ඇත්තේ ඇගේ ගමන් මල්ලෙහි ඇති හඬපට අසන ලෙසය. එහෙත් ඇය මන්නාරමේ නිවසට ගොස් ඥාතීන් සමග කාලය ගතකරමින් සිටි බැවින් එම හඬ පට අසන්නට හැකියාවක් ලැබී නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයව අප්‍රේල් 25 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී  එම හඬ පට ගැන කරුණු හෙළිකර ඇත්තේද ඉන්ෂාෆ්ගේ බිරිය විසින් බවද කොමිසමේ දී අනාවරණය විය. ඉන්ෂාෆ්ගේ බිරිය ප්‍රශ්ණ කිරීම් හමුවේ සඳහන්කර ඇත්තේ සිය සැමියාගේ සහෝදරයා වන ෂැංග්‍රිලා බෝම්බකරු වන ඉල්හාම් විසින් තම සැමියාව මේ තත්වයට පත්කර ඇති බවය. ඉල්හාම්ව ඒ තැනට පත්කර ඇත්තේ ඇගේ බිරිය විසින් බව ද ඇය සඳහන් කර ඇතැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

“කරුණා අම්මාන්ගේ මිනීමරු ප්‍රකාශය හමුවේ පාලකයින් මුනිවත රකිනවා”

Next Post

රහස් පොලිස් භාරයේ ඇති මාධ්‍යවේදිනියගේ ලැප්ටොප් පරිගණකය යළි දෙන්නැයි ඉල්ලීමක්

Related Posts

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

මැයි 28, 2022
Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

මැයි 27, 2022

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

මැයි 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • ඩොලර් සංචිත හින්දවා රට බංකොලොත් කළ හැටි මුදල් මණ්ඩල සාමාජිකාවක් කෝප් කමිටුවේ දී හෙළි කරයි! ( වීඩියෝ සහිතයි)

    260 shares
    Share 104 Tweet 65
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist