සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ඉන්සාෆ් මරාගෙන මැරෙන්න කලින් දරු පවුලෙන් සමුගත් හැටි

by Lanka Sara Editor
ජූනි 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ෂාෆ් අහමඩ් ඊබ්‍රාහිම් යනු පාස්කු දා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය කුඩුපට්ට්ම් කළ බෝම්බ කරුය. සිය බිරිය හා දරුවන් සමග යපහත් ජීවිතයක් ගත කළ බව පෙනුණ මේ බෝම්බකරුගේ හැසිරීම හා ආසන්න දිනවල ඔහුගේ චර්යාවන් පිළිබඳව පාස්කු කොමිසම හමුවේ හෙළි වූයේය.

මුදල් ප්‍රදානය

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරයට පෙර ඉබ්‍රාහිම් පවුලේ ඉන්සාෆ්  ජාතික තවුහිත් ජමාත් සංවිධානයට රුපියල් කෝටි හතරහමාරක මුදලක්  ලබාදී තිබිණි. වර්ෂ 2019 දී සිදු කර ඇතැයි කියන ඒ මුදල් ප්‍රදානය පරීක්ෂණවලදී හෙළි කරගත් ආකාරය ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේදී ප්‍රකාශ කළේය. 

තඹ කර්මාන්ත ශාලාවේ ගිණුම්වලින් කරුණක් සඳහන් කළ නොහැකි රුපියල් කෝටි හතරහමාරක  මුදලක් එහි හිමිකරු ඉන්ෂාෆ් අහමඩ් නැමැති මරාගෙන මැරෙන බෝම්බකරු විසින්  2019 වසරේ ජනවාරි, පෙබරවාරි මාස වලදීත්  අප්‍රේල් 10 වෙනිදාත්  ලබාගෙන තිබෙන බව අදාල ආයතනයේ ගණකාධිකාරීවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ද  අනාවරණය වී තිබෙන බව රවීන්ද්‍ර විමලසිරි පැවැසීය. ආයතනයේ සිදුවන සියලුම ගණුදෙනු එම ගණකාධිකාරීවරයා පිළිවෙලකට සටහන් කරන අතර මෙම මුදල එහි හිමිකරු විසින් හේතුවක් නොදන්වා ලබා ගත්තේ ඇයි දැයි ඔහුටත් ගැටලුවක් බවත් ඒ සම්බන්ධයෙන් ඔහු සටහනක් තබා තිබෙන බවත් විමලසිරි සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සැම්බියා නාටකය

බෝම්බ ප්‍රහාරයට දින දෙකකට පෙර සැම්බියාවට යන බව පවසමින් සිය බිරිය ෆාතිමා ෂිෆ්කා  සහ දරුවන් තිදෙනාත් බිරියගේ පියාගේ රියදුරුත් සමග ඔහුට අයත් සුඛෝපභෝගී ජිප් රථයෙන් කටුනායක ගුවන් තොටුපොලට ගොස් ඇත. ගුවන්තොටුපොල පරිශ්‍රයේදී බිරිඳ සහ දරුවන්ව සිප වැලඳගෙන ඔවුන් මන්නාරමට  පිටත්කර  අනතුරුව ඔහු ගුවන්තොටුපොලේ සිට කුළි රථයක නැගී දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි සිය පියාගේ මහ ගෙදරට පැමිණ ඇති බව කොමිසමේ දී අනාවරණය විය. 

ඉන්සාෆ් ට සමුදුන් ඔහුගේ ගේ බිරිය සහ දරුවන් එම අවස්ථාවේදී මන්නාරමේ පිහිටි ඇගේ පියාගේ මහ ගෙදරට ගොස් ඇත. ඇයගේ පියා අලව්දීන් නමැති මන්නාරමේ ප්‍රකට රන්භාණ්ඩ ව්‍යාපාරිකයෙකි. ඔහු මුස්ලිම් දේශපාලන පක්ෂයක ලේකම්වරයකු ලෙස ක්‍රියා කර ඇති බව ද කොමිසමේදී සඳහන් විය. 

මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ මද වේලාවක් ගතකළ ඉන්සාෆ්  රාත්‍රී කාලයේ කොල්ලුපිටියේ ටී අවන්හලකට ගොස් මද වේලාවක් එහි රැඳීසිට පසුව දෙහිවල ගුවන් පාලම අසලට ගොස් තිබෙන බවත් එහිදී තවත් අයෙක් සමග කුළි රථයකින් පානදුරට ගමන්කර ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි පැවැසීය. 

බෝම්බකරු පානදුරේ සිට ඊට පසුදින එනම්  20 වෙනිදා සවස 7.06 ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ කාමරයක් වෙන්කර ගෙන තිබේ.  එහි මද වේලාවක් රැදී සිට ඇති ඉන්සාෆ් ඊට දින තුනකට පෙර එනම් අප්‍රේල් 17 වෙනිදා ද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෑගයක් කරෙහි දමාගෙන ගොස් ඇති බවද ආරක්ෂක කැමරා පද්ධතිවල සටහන්ව තිබූ බව පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ තම විමර්ශන තොරතුරු අනාවරණය කරමින් පැවසීය.

නැවත 20 වෙනිදා හෝටලයට පැමිණි ඔහු රාත්‍රී 8.12ට පමණ කුළී රථයක නැගී ගල්කිස්සේ පන්සල පාරේ පිහිටි ස්පෑන් ටවර්ස් නම් වූ නිවාස සංකීර්ණයකට ගොස් ඇත. නැවතත් ඔහු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ ඇත්තේ උදෑසන 7.00 ට පමණය. හෝටලයේ තැප්‍රොබේන් ශාලාවේ දී ඔහු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නේ අනතුරුවය.

හඬපට හතර

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඔහු සිය පවුලේ සාමාජිකයන්ටත්, බිරියටත්, සේවකයින්ටත් පොදුවේ සැමටත් හඬ පට හතරක් නිකුත් කර තිබී ඇති අතර එම හඬපට කොමිසම හමුවේ විකාශය කෙරිණි. බිරියට නිකුත් කර තිබූ හඬ පටයේ සිය දේපොල සම්බන්ධයෙන් සියළු තොරතුරු මෙන්ම ණය කරුවන් ගැනද තොරතුරු ඇතුළත්ය. එසේම ප්‍රහාරයට හේතු ද සඳහන් හඬපටයක්ද එහි විය. 

සැම්බියාවේ සිටින බවට හැඟවෙන ආකාරයේ වට්ස්ඇප් පණිවිඩද ඉන්සාෆ් විසින් බිරියට එවා ඇතත් ඒ එක් පණිවිඩයකදී බිරියට ඔහු පවසා ඇත්තේ ඇගේ ගමන් මල්ලෙහි ඇති හඬපට අසන ලෙසය. එහෙත් ඇය මන්නාරමේ නිවසට ගොස් ඥාතීන් සමග කාලය ගතකරමින් සිටි බැවින් එම හඬ පට අසන්නට හැකියාවක් ලැබී නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයව අප්‍රේල් 25 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී  එම හඬ පට ගැන කරුණු හෙළිකර ඇත්තේද ඉන්ෂාෆ්ගේ බිරිය විසින් බවද කොමිසමේ දී අනාවරණය විය. ඉන්ෂාෆ්ගේ බිරිය ප්‍රශ්ණ කිරීම් හමුවේ සඳහන්කර ඇත්තේ සිය සැමියාගේ සහෝදරයා වන ෂැංග්‍රිලා බෝම්බකරු වන ඉල්හාම් විසින් තම සැමියාව මේ තත්වයට පත්කර ඇති බවය. ඉල්හාම්ව ඒ තැනට පත්කර ඇත්තේ ඇගේ බිරිය විසින් බව ද ඇය සඳහන් කර ඇතැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

Tags: නවතම
Share78Tweet43
Previous Post

“කරුණා අම්මාන්ගේ මිනීමරු ප්‍රකාශය හමුවේ පාලකයින් මුනිවත රකිනවා”

Next Post

රහස් පොලිස් භාරයේ ඇති මාධ්‍යවේදිනියගේ ලැප්ටොප් පරිගණකය යළි දෙන්නැයි ඉල්ලීමක්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.