දිනසේන රතුගමගේ
දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ඔහුට ලැබුණු අධිකරණ නියෝගය තමන්ට නොතේරෙන සිංහල භාෂාවෙන් නිකුත් කොට ඇති බව කියමින් 15 දා කිළිනොච්චිය අධිකරණය මග හැර තිබේ.
මන්ත්‍රීවරයාට අධිකරණ නියෝගය බාර දීමට ගිය පොලිස් නිලධාරියාට මන්ත්‍රීවරයා විසින් සිය කාර්යාලයේදීම අධිකරණ නියෝගය ආපසු බාර දී ඇත.
තමන්ට සිංහල භාෂාව නොතේරෙන නිසා එවැනි ලිපියක් බාරගත නොහැකි බව කියමින් මන්ත්‍රීවරයා අධිකරණ නියෝගය පොලිසියට ආපසු බාර දී කිළිනොච්චිය අධිකරණයේ පෙනී සිටීමට නියමිත නඩුවක් සදහා අධිකරණයට ගොස් නොමැත.
මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියාව නිසා කිළිනොච්චිය පොලීසියේ නිලධාරීන්ද අපහසුතාවයට පත්ව තිබේ.







