මනම්පිටිය නිමල් ජයරත්න –
නැගෙනහිර පළාතේ මඩකලපුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ඇතුළු අනෙකුත් අයිතිවාසිකම් පළාතේ ඇතැම් දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රධානීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (07) සවස මඩකලපුව ශ්‍රී මංගලාරාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රධාන දෙහිඅත්තකණ්ඩිය, දිවුලපතාන, අම්පාර, මඩකලපුව, ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව ඒකරාශි වී මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මග අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.
මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඒකරාශී වෙමින් මඩකලපුව, අම්පාර, දිවුලපතාන යන ප්‍රදේශවල පාරම්පරිකව හේන් වගා කරන සිංහල ගොවි පවුල් බලහත්කාරයෙන් එම ඉඩම් වලින් ඉවත් කරන බවත්, මේ පිලිබඳ මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා කරදියනාරු පොලිසියට පැමිණිලි කර ඇති බවත්, එම පැමිණිල්ල වහාම ඉවත්කරක කරගෙන දෙමළ මුස්ලිම් ජනතාවට සේම නැගෙනහිර පළාතේ මඩකලපුව සිංහල ජනතාවටත් ඉඩම් අයිතිය ලබාදීමට රජය වහාම මැදිහත් විය යුතු බව ප්‍රකාශ කරමින් සුමනරතන හිමියෝ මෙම විරෝධතාවයට නායකත්වය දුන්හ.
නැගෙනහිර පළාතේ රජය නියෝජනය කරන දේශපාලන නායකයින් සේම ඇතැම් රාජ්‍ය නිලධාරීන් මහා පරිමාණයෙන් වැලි ජාවාරම් වල නිරත වන බව උන් වහන්සේ කීහ.
සුමන රතන හිමියන් පැවසුවේ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන බවය. මඩකලපු දිස්ත්‍රික් සිංහල පවුල්වල ගොවීන් හේන් වගා කරන්නේ අලි කරදර, ආර්ථික දුක් කම්කටොළු මධ්‍යයේ බව පැවසූ හිමියන් මේ මිනිසුන්ගේ එකම ජීවන මාර්ගය වන ගොවිතැනින් පලවා හැර එම ඉඩම් බලහත්කාරයෙන් අත් කරගැනීම බරපතල අපරාධයක් බව කීහ.
ඉඩම්වල අයිතිය තම ජනතාවට ලබා නොදුනහොත් දැවැන්ත ක්‍රියාමාර්ග වලට එළඹෙන බව ද නාහිමියන් ප්රමුඛ විරෝධතාකරුවෝ සඳහන් කළහ.