fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැප වාහන ගන්නව ද නැද්ද?… ජවිපෙ ත් ඇඹරෙයි…

by editor
ජූනි 12, 2021
in පුවත්
495 5
Prado1
Share on FacebookShare on Twitter

සියලු විරෝධතා නොසලකා මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනවා නම් තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා සඳහා වෙන්වන වාහන සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක් දැයි වාහන ගෙන්වීමෙන් පසු කල්පනා කර බලන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.

දැනට ප්‍රතිපත්තියක් ලෙස මෙම වාහන එකක්වත් තම මන්ත්‍රීවරුන් විසින් පුද්ගලික පාවිච්චියට නොගන්නා බවට ජනතාවට සහතික වන බවත් ඔහු කීවේය.

මෙහිදී වාහන පක්ෂය සඳහා පාවිච්චි කිරීමට ගන්නේ දැයි මාධවේදියෙක් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙන ලේකම්වරයා පවසන්නේ පක්ෂ සඳහා වාහන ආනයනය නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙම වාහනයක් ලැබෙන්නේ බදු රහිතව නිශ්පාදන වියදම බැංකු ණයක් මත ගෙවීමේ පදනමින් බවත්, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා එම වාහන පුද්ගලික පරිහරණයට නොගන්නා බව සහතික විය හැකි බවත්ය.

RelatedPosts

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

ලේකම්වරයා මේ බව පැවසුවේ අද ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

ඔහු එහි දී මෙසේ ද පැවසුවේය.

“අපි මේ ආණඩුවට කියන්නේ මේක වැඩපිළිවෙළ කිසිම මානුෂික සදාචාරයකට එකඟ නෑ. හැම පැත්තෙන්ම පීඩා විඳින මිනිස්සුන් ඉන්ධන මිලත් වැඩි කරලා පීඩාවට පත් කරලා මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නෙ කොහොම ද කියලා අප කල්පනා කළ යුතුයි.

අපි කියන්නෙ මේකයි. දැනුත් පුලුවන්නම් මේ වාහන ගේන එක වළක්වන්න.
ගේන එක වළක්වන්න බෑ කියලා ඔබ කියනවා නම් ගෙන්වන්න. ගෙනත් විවෘත වෙළෙඳපලේ විකුණලා ඒ මුදලින් ආණ්ඩුවේ වියදම අඩු කරන් රටට යමක් කරමු. ඉන්ධන මිල අඩු කරගන්න පුලුවන් සහනයක් දෙමු. මේ වෙලාවෙ අවශ්‍ය සෞඛ්‍ය අංශයේ සැපයුම් ටිකක් කරමු.

ඒකත් කරන්නෙ නැතිව මේ වාහන ගෙන්වනවා නම් අපේ කිසිම මන්ත්‍රීවරයෙක් මේ වාහන පුද්ගලිකව පාවිච්චි කරන්නෙ නෑ. ඒක ඉතා පැහැදිලියි. නමුත් අපි කල්පනා කරලා බලනවා ආණ්ඩුව මේක විකුණන්නෙ නැතිනම් ඒ වෙනුවෙන් අපට ගන්න පුලුවන් ක්‍රියාමාර්ය මොකක් ද කියලා. අපි ඒක බලමු වාහන ගෙනාවට පස්සේ. නමුත් අපි රටට සහතියක් දෙනවා මේ වාහන අපේ කිසිම මන්ත්‍රීවරයෙක් පුද්ගලිකව පාවිච්චි කරන්නෙ නෑ.

මාධ්‍යවේදියෙක් – දැනුත් ඔබලාගෙ වාහන තියෙන්නේ පක්ෂයෙ නමටනෙ. පක්ෂයට ගන්න පුලුවන්නෙ වාහන.

පක්ෂයකට වාහන ගේන්න බෑ. පාර්ලිමේන්තුවෙ දැන් ඉන්නෙ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු. මේවා ගේන්නෙ මන්ත්‍රීවරුන්ට. පක්ෂයකට නෙමෙයි. අපි මේ වාහන පුද්ගලික පාවිච්චියට ගන්නෙ නෑ කියලා සහතික වෙනවා.

මේ ගේන වාහනයකට මන්ත්‍රීවරයා එම වාහනයෙ නිශ්පාදන වියදම ගෙවන්න ඕන හැබැයි බදු රහිතව. ඒක දෙන්නෙත් බැංකු ණයක් හරහා. එය පඩියෙන් කැපිලා යනවා.

මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු රහිත වාහන ගෙනත් දුන්නා. රජයේ සේවකයන්ටත් ගෙනත් දුන්නා. රජයේ ආයතනවලටත් වාහන දුන්නා. නමුත් දේශපාලන පක්ෂවලට වාහන දුන්නෙ නෑ.

අපේ පක්ෂය විතරක් සම්ප්‍රදායක් තියනවා එහෙම වාහනයක් හෝ වෙන යම් ලැබීමක් දේශපාලනය නිසා සිදුවෙනවා නම් එය පක්ෂයේ දේපලක් ලෙස සලකා කටයුතු කිරීම. ඒක නීතියක් නෙමෙයි. සදාචාරයක්.

වාහන ගත්තොත් වාහනයක් මුල් අවුරුදු පහ තිබෙන්නේ මන්ත්‍රීවරයාගේ නමට. ඒ අවුරුදු 5න් පස්සෙ එම වාහනය පක්ෂයේ නමට ලියනවා. අපි පර්මිට් විකුණලා නෑ. ජනතාවගේ මුදල් ගසා කාල නෑ.

මේ අවස්ථාවෙ අපේ ස්ථාවරය මේ වාහන ගෙන්වන්න එපා කියන එක. ඒ විරෝධය නොසලකා ගෙන්වනවා නම් එම වාහන පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ පුද්ගලික පරිහරණයට ගන්නෙ නෑ කියන එක. වාහන ගෙන්නුවොත් ඊට පස්සෙ ඒ සම්බන්ධව ගන්න තීන්දුව කියන්නම්.

Tags: නවතම
Share79Tweet50
Previous Post

සඳුදා සිට අඩුම තරමින් සති දෙකක්වත් රට වසන්න – වෛද්‍ය සංගමය ඉල්ලයි

Next Post

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සියලු තොග දින 07කින් හෙළි කළ යුතුයි… විශේෂ ගැසට් නිවේදනයකින් නියෝගයක්…

Related Posts

පුවත්

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ජනවාරි 30, 2023
පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

ජනවාරි 30, 2023
පුවත්

විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

ජනවාරි 30, 2023
Next Post
බන්දුල ගුණවර්ධන

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සියලු තොග දින 07කින් හෙළි කළ යුතුයි... විශේෂ ගැසට් නිවේදනයකින් නියෝගයක්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි
  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist