බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැප වාහන ගන්නව ද නැද්ද?… ජවිපෙ ත් ඇඹරෙයි…

by editor
ජූනි 12, 2021
in පුවත්
Prado1
Share on FacebookShare on Twitter

සියලු විරෝධතා නොසලකා මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනවා නම් තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා සඳහා වෙන්වන වාහන සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක් දැයි වාහන ගෙන්වීමෙන් පසු කල්පනා කර බලන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.

දැනට ප්‍රතිපත්තියක් ලෙස මෙම වාහන එකක්වත් තම මන්ත්‍රීවරුන් විසින් පුද්ගලික පාවිච්චියට නොගන්නා බවට ජනතාවට සහතික වන බවත් ඔහු කීවේය.

මෙහිදී වාහන පක්ෂය සඳහා පාවිච්චි කිරීමට ගන්නේ දැයි මාධවේදියෙක් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙන ලේකම්වරයා පවසන්නේ පක්ෂ සඳහා වාහන ආනයනය නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙම වාහනයක් ලැබෙන්නේ බදු රහිතව නිශ්පාදන වියදම බැංකු ණයක් මත ගෙවීමේ පදනමින් බවත්, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා එම වාහන පුද්ගලික පරිහරණයට නොගන්නා බව සහතික විය හැකි බවත්ය.

ලේකම්වරයා මේ බව පැවසුවේ අද ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඔහු එහි දී මෙසේ ද පැවසුවේය.

“අපි මේ ආණඩුවට කියන්නේ මේක වැඩපිළිවෙළ කිසිම මානුෂික සදාචාරයකට එකඟ නෑ. හැම පැත්තෙන්ම පීඩා විඳින මිනිස්සුන් ඉන්ධන මිලත් වැඩි කරලා පීඩාවට පත් කරලා මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නෙ කොහොම ද කියලා අප කල්පනා කළ යුතුයි.

අපි කියන්නෙ මේකයි. දැනුත් පුලුවන්නම් මේ වාහන ගේන එක වළක්වන්න.
ගේන එක වළක්වන්න බෑ කියලා ඔබ කියනවා නම් ගෙන්වන්න. ගෙනත් විවෘත වෙළෙඳපලේ විකුණලා ඒ මුදලින් ආණ්ඩුවේ වියදම අඩු කරන් රටට යමක් කරමු. ඉන්ධන මිල අඩු කරගන්න පුලුවන් සහනයක් දෙමු. මේ වෙලාවෙ අවශ්‍ය සෞඛ්‍ය අංශයේ සැපයුම් ටිකක් කරමු.

ඒකත් කරන්නෙ නැතිව මේ වාහන ගෙන්වනවා නම් අපේ කිසිම මන්ත්‍රීවරයෙක් මේ වාහන පුද්ගලිකව පාවිච්චි කරන්නෙ නෑ. ඒක ඉතා පැහැදිලියි. නමුත් අපි කල්පනා කරලා බලනවා ආණ්ඩුව මේක විකුණන්නෙ නැතිනම් ඒ වෙනුවෙන් අපට ගන්න පුලුවන් ක්‍රියාමාර්ය මොකක් ද කියලා. අපි ඒක බලමු වාහන ගෙනාවට පස්සේ. නමුත් අපි රටට සහතියක් දෙනවා මේ වාහන අපේ කිසිම මන්ත්‍රීවරයෙක් පුද්ගලිකව පාවිච්චි කරන්නෙ නෑ.

මාධ්‍යවේදියෙක් – දැනුත් ඔබලාගෙ වාහන තියෙන්නේ පක්ෂයෙ නමටනෙ. පක්ෂයට ගන්න පුලුවන්නෙ වාහන.

පක්ෂයකට වාහන ගේන්න බෑ. පාර්ලිමේන්තුවෙ දැන් ඉන්නෙ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු. මේවා ගේන්නෙ මන්ත්‍රීවරුන්ට. පක්ෂයකට නෙමෙයි. අපි මේ වාහන පුද්ගලික පාවිච්චියට ගන්නෙ නෑ කියලා සහතික වෙනවා.

මේ ගේන වාහනයකට මන්ත්‍රීවරයා එම වාහනයෙ නිශ්පාදන වියදම ගෙවන්න ඕන හැබැයි බදු රහිතව. ඒක දෙන්නෙත් බැංකු ණයක් හරහා. එය පඩියෙන් කැපිලා යනවා.

මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු රහිත වාහන ගෙනත් දුන්නා. රජයේ සේවකයන්ටත් ගෙනත් දුන්නා. රජයේ ආයතනවලටත් වාහන දුන්නා. නමුත් දේශපාලන පක්ෂවලට වාහන දුන්නෙ නෑ.

අපේ පක්ෂය විතරක් සම්ප්‍රදායක් තියනවා එහෙම වාහනයක් හෝ වෙන යම් ලැබීමක් දේශපාලනය නිසා සිදුවෙනවා නම් එය පක්ෂයේ දේපලක් ලෙස සලකා කටයුතු කිරීම. ඒක නීතියක් නෙමෙයි. සදාචාරයක්.

වාහන ගත්තොත් වාහනයක් මුල් අවුරුදු පහ තිබෙන්නේ මන්ත්‍රීවරයාගේ නමට. ඒ අවුරුදු 5න් පස්සෙ එම වාහනය පක්ෂයේ නමට ලියනවා. අපි පර්මිට් විකුණලා නෑ. ජනතාවගේ මුදල් ගසා කාල නෑ.

මේ අවස්ථාවෙ අපේ ස්ථාවරය මේ වාහන ගෙන්වන්න එපා කියන එක. ඒ විරෝධය නොසලකා ගෙන්වනවා නම් එම වාහන පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ පුද්ගලික පරිහරණයට ගන්නෙ නෑ කියන එක. වාහන ගෙන්නුවොත් ඊට පස්සෙ ඒ සම්බන්ධව ගන්න තීන්දුව කියන්නම්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සඳුදා සිට අඩුම තරමින් සති දෙකක්වත් රට වසන්න – වෛද්‍ය සංගමය ඉල්ලයි

Next Post

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සියලු තොග දින 07කින් හෙළි කළ යුතුයි… විශේෂ ගැසට් නිවේදනයකින් නියෝගයක්…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.