වෛද්‍යවරිය දූෂණය කළ අපරාධකරු පැය 48ක් ඇතුළත අත් අඩංගුවට ගනු ලැබුවද ප්‍රකාශයට පත් කර ඇති දීප ව්‍යාප්ත එක් දින වර්ජනය හෙට උදෑසන 8 වනතුරු පවත්වාගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වෛද්‍ය වෘත්තිකයින්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන බවට සහතිකයක් අවශ්‍ය බවද එම සංගමය පෙන්වා දෙයි.
මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ද මේ වනවිට අනුරාධපුරයට ගොස් ඇති බව ද එම සංගමය පවසයි.







