මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව බන්ධනාගාරයේ සිට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව අසල බසයෙන් බැසීමත් සමඟ අත්විලංගු සහිතව පලාගොස් ඇති බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
ඊයේ (09) මෙම සිද්ධිය වාර්තා වී තිබිණි. හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ මෙම සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව බන්ධනාගාරයට යොමු කර තිබිණි. හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බස් රථයකින් ඔවුන් රැගෙන ගොස් ප්‍රධාන ගේට්ටුව අසලින් සැකකරුවන් දෙදෙනාම බැස්සවීමෙන් පසු මෙලෙස පලාගොස් ඇති බවද හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් තලවතුර, මුරුතගහමුල ප්‍රදේශයේ සහ මඩුගොඩ ගෙලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.
හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පලායන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් දෙදෙනකු ඔවුන් පිටුපස ලුහුබැද ගියද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.පලාගිය සැකකරුවන් අද උදෑසන වන විටත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවද ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.







