සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාරා මළ බවට ලෝකයට කී තුන්වන ඩී.එන්.ඒ පරීක්ෂාව කළ සාරාගේ යැයි කී ඇටෙත් අතුරුදහන්… මළා ද නැද්ද හොයන්න 4වැනි වටත් ඩීඑන්ඒ පරීක්ෂාවක්!

by editor
ජූලි 11, 2025
in පුවත්
සාරා ජස්මින්

සාරා ජස්මින්

Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් දින 05කට පසු අම්පාර සයි­න්දු­ම­රුදු හී නිවෙ­සක් ආර­ක්ෂක අංශ පරීක්ෂා කිරී­මට සූදා­නම් වූ අවස්ථාවේදී එහි සිදුවූ පිපි­රී­මෙන් මිය ගිය අය අතර සැබෑ ලෙසම පුල­ස්තිනි රාජේ­න්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් සිටියේ දැයි සැකයට තුඩු­දෙන කරුණු රැසක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මේ වන විට කරන විම­ර්ශ­න­ව­ලදි අනා­ව­ර­ණය වී ඇති බැවින් සිවු­වැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වත් සිදු කිරී­මට අව­ධා­නය යොමුව ඇතැයි පොලිස් අභ්‍ය­න්තර තොර­තුරු සඳ­හන් කළේය.

සාරා ජෙස්මින් මිය ගොස් නැති බව ඩී.එන්.ඒ. වාර්තා දෙකක් ඇති අතර එම වාර්තා­වන්ට අභි­යෝග කර­මින් කළ තෙවැනි ඩී.එන්.ඒ. වාර්තා­වෙන් සහරා ජෙස්මින් මිය­ගොස් ඇති බව සඳ­හන් විණි.

එසේ වුවත් මේ වන විට සිදු­ක­රන විම­ර්ශන ඔස්සේ අනා­ව­ර­ණය වෙමින් ඇති තොර­තු­රු­ව­ලට අනුව එම ඩී.එන්.ඒ. වාර්තාව සම්බන්ධයෙන්   මත­බේ­දා­ත්මක තත්ත්ව­යක් ඇතිවී තිබෙන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය. මහජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල   පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (09) ඒ සම්බ­න්ධ­යෙන් කරුණු අනා­ව­ර­ණ­යක් සිදු කළේය.

සයින්දමර්දු පිපිරුම

දේව­ස්ථාන සහ සංචා­රක හෝටල් ඉලක්ක කර­ගෙන 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සහ­රාන් ඇතුළු අන්ත­වා­දීන් මරා­ගෙන මැරෙන ප්‍රහා­ර­යක් එල්ල­කර සිය ගණ­නක් ඝාත­නය කිරී­මෙන් දින 05කට පසු සයි­න්දු­ම­රුදු නිවෙසේ පිපි­රුම සිදු­විය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහ­රාන්ගේ බිරිය සහ දරු­වන්ද, සහ­රාන්ගේ සහෝ­ද­ර­යන්ද, සහ­රාන්ගේ මවු­පි­යන්ද, කටු­ව­පි­ටිය දේව­ස්ථා­නය තුළ මරා­ගෙන මැරුණු බෝම්බ­කරු වූ මොහො­මඩ් හස්තූන්ගේ බිරිය වූ සාරා ජෙස්මින් ඇතුළු 19 දෙනෙක් එම නිවෙසේ එම පිපි­රුම සිදුවන විට රැඳී සිටි බවට තොර­තුරු විය.

මීග­මුවේ නිවෙ­සක රැඳී සිටි ඔවුන් අම්පා­රට පැමිණි බවට ලොරි රථ රියැ­දු­රෙ­කු­ගෙන් ලද තොර­තු­රක් ඔස්සේ බුද්ධි අංශ සහ පොලී­සිය කළ දීර්ඝ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව සයි­න්දු­ම­රුදු නිවෙස ගැන තොර­තුරු හෙළි වී තිබිණි. එම නිවෙස ආර­ක්ෂක අංශ 2019 වසරේ අප්‍රේල් 26 වැනිදා රාත්‍රී කාලයේ වට­ලන විට වෙඩි හුව­මාරු පවා සිදු­විය. අව­සා­න­යේදී සියල්ල නිහඬ වන්නේ නිවෙස තුළ සිදු වූ විශාල පිපි­රු­ම­කින් අන­තු­රු­වය. ආර­ක්ෂක අංශ පසු­දින කළ සෝදි­සි­ය­කදී සහ­රාන්ගේ බිරිය කාදියා සහ ඇගේ දිය­ණි­යක් නිරු­ප­ද්‍රි­තව එහි සිටි­යදී සොයා ගන්නා ලදි. සෙසු 17 දෙනාම පිපි­රු­මෙන් සහ වෙඩි ප්‍රහාර හමුවේ මිය­ගොස් සිටි­යේය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

මළ සිරුරු එකින් එක පරීක්ෂා කිරී­මේදී වැඩි­හිටි මළ සිරුරු 06ක්, වැඩි­හිටි මළ සිරුරු කොටස් 04 සහ දරු­වන්ගේ සිරුරු 06ක් සොයා ගන්නා ලදි. එම සිරුරු අතර සාරා ජෙස්මින්ගේ සිරුර හෝ කොටස් පැහැ­දි­ලි­වම හඳුනා ගන්නට නොවීය. නිවෙස තුළ රැඳී සිටි අත දරු­වන්ගේ ද සිරුරු හඳුනා ගැනී­මට හැකි තර­මට තිබු­ණත් සාරා ජෙස්මින්ගේ සිරුරේ කොට­ස­ක්වත් පැහැ­දි­ලි­වම හඳු­නා­ගැ­නී­මට තරම් නොවීය. සෑම සිරු­රක් හා සිරුරු කොට­සක්ම අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රින් රැස්කළ අතර අධි­ක­රණ වෛද්‍ය­ව­රුන්ගේ නිරී­ක්ෂ­ණ­යට ද ඒ සියල්ල ලක්ක­රනු ලැබීය. එම අව­ස්ථා­වේදී ආර­ක්ෂක අංශ­වල නිල ප්‍රකා­ශ­වල පවා කියැ­වුණේ මෙම බෝම්බ පිපි­රු­මෙන් 16 දෙනෙක් පම­ණක් මිය­ගොස් ඇති බවයි.

පළමු සහ දෙවැනි ඩී.එන්.ඒ පරීක්ෂා 

සම්පූර්ණ සිරුරු වශ­යෙන් තිබුණු මළ සිරුරු සහ සිරුරු කොට­ස්වල සාම්පල් 26ක් ඒ අනුව 2019 වසරේ මැයි 02 දා ඩී.එන්.ඒ. පරීක්ෂා­ව­කට යොමු­ක­රනු ලබන්නේ මිය­ගිය අය පැහැ­දි­ලි­වම හඳුනා ගැනීම සඳ­හාය. මෙහිදී සාරා ජෙස්මින් හඳුනා ගැනීම සඳහා යොදා ගනු ලබන්නේ ඇගේ මවගේ ජෛව සාම්පල්ය. ඒ මවත් දරු­වාත් අතර, ඇති ඩී.එන්.ඒ. රටාව ඔස්සේ ඇයව හඳුනා ගන්න­ටය. එම ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වේදී සාරා ජෙස්මින් හැර මිය­ගිය 16 දෙනා­ගේම අන­න්‍ය­තා­වය හඳු­නා­ගනු ලැබීය. ඒ අය අතර සාරා ජෙස්මින් නොමැති වූ බැවින් නැවත වරක් ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වක් සිදු­කි­රී­මට තීර­ණය වන්නේ, සාරා ජෙස්මින් සැබෑ ලෙසම මිය­ගොස් තිබේ දැයි සැක­හැර තහ­වුරු කර ගැනී­ම­ටය.

ඒ අනුව සිරුරු සහ සිරුරු කොටස් නැවත ගොඩ­ගෙන සාම්පල් ලබා ගැනී­මට පිය­වර ගන්නේ 2019 වසරේ ජූනි 07 වැනි­දාය. එහිදී ද තහ­වුරු වන්නේ සහරා ජෙස්මින් මිය­ගොස් ඇති පිරිස අතර නොමැති බවයි. මේ සම්බ­න්ධ­යෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් කරුණු සොයා බැලී­මට පත්කළ ජනා­ධි­පති කොමි­ෂන් සභාවේ සාක්ෂි විභා­ග­යේදී පවා ආන්දෝ­ල­නා­ත්මක කරුණු රැසක්        අනා­වර­ණය විය. සාරා ජෙස්මින් පිපි­රුම වූ ස්ථානයේ රැඳී සිටි බව මෙන්ම ඇය පිපි­රු­මෙන් ජීවි­ත­ක්ෂ­යට පත්නොවී ඇති බව පවා කොමි­ෂන් සභාවේ සාක්ෂි විම­සී­මේදී අනා­ව­ර­ණය විය. සහ­රාන්ගේ බිරිය කාදියා ලබා­දුන් සාක්ෂි­ව­ලින් පවා පෙනී ගියේ සාරා ජෙස්මින් බෝම්බ පිපි­රු­මෙන් පසු ජීව­තුන් අතර සිටි බවයි. ඇය කල­වං­චි­කු­ඩිහී පිහිටි ඇගේ මහ­ගෙ­දර ඇතුළු නිවාස 04ක බෝම්බ පිපි­රු­මෙන් පසු රැඳී සිට ඇති බවට පවා සැක­ක­රන තොර­තුරු පොලිස් බුද්ධි අංශ නිල­ධා­රීන් ලබා­ගත් සාක්ෂි­ව­ලින් පෙනී ගියේය.

ඒ අතර කොමි­ෂන් සභාවේ විම­ර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අර්ජුන මාහි­න්කන්දට ලද තොර­තු­ර­කට අනුව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රී­න්ගේද සහාය ඇතිව කළ විම­ර්ශ­න­ය­කදි හෙළිවූ තොර­තුරු මත අම්පාර පොලිස් ගරා­ජයේ සේවයේ නිර­තව සිටි ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් අත්අ­ඩං­ගු­වට ගනු ලබන්නේ සාරා ජෙස්මින් කල­වං­චි­කුඩි සිට කැබ් රථ­ය­කින් රැගෙන ගිය බවට වූ තොර­තු­රක් සම්බ­න්ධ­යෙනි. ඒ සම්බ­න්ධ­යෙන් කොමි­ෂන් සභා­වේදි දීර්ඝ ලෙස සාක්ෂි විම­සී­මක්ද කරනු ලැබීය.

සාරා ගැන ආන්දෝලනාත්මක තොරතුරු හෙළිවන විට ගෝඨා කළ දේ

සාරා ජෙස්මින්    සම්බ­න්ධ­යෙන් එසේ   ආන්දෝ­ල­නා­ත්මක තොර­තුරු හෙළි­වෙ­මින් තිබි­යදී ගෝඨා­භය රාජ­පක්ෂ ආණ්ඩුව බල­යට පත්වී­මෙන් අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ එතෙක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැත්වූ විම­ර්ශන කණ්ඩා­ය­ම්වල වෙන­සක්  සිදු­වන්නේ එහි ඉහළ පුටු ද සම­ගිනි. ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්ව­න්නට යෙදුණු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අලුත් කණ්ඩා­යම අලුත් මත­යක් ඉදි­රි­පත් කරනු ලබන්නේ සයි­න්දු­ම­රුදු පිපු­රු­මෙන් මිය­ගිය අය සම්බ­න්ධ­යෙන් නිසි ලෙස ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් සිදු­කර නැති බවයි. පිපි­රුම වූ භූමියේ සීසී­කඩ විසිරී තිබුණු මිය ගිය අයගේ බඩ­වැල් ඇතුළු කොටස් වෙනම බෑග­යක දමා වළ­දැමූ බවත් එම කොටස් ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වක් සිදු නොකළ බැවින් එම කොටස්ද ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වක් සඳහා යොමු කළ යුතු බව අලුත් විම­ර්ශන කණ්ඩා­යම මත­යක් පළ­ක­ර­න්නට විය.

ඒ අනුව අම්පාර පොදු සුසාන භූමියේ වළ­දමා තිබුණු සිරුරු සහ සිරුරු කොටස් සමඟ බඩ­වැල් ඇතුළු කොටස් ඇති පාර්ස­ලය ගොඩ­ගනු ලබන්නේ අධි­ක­රණ නියෝ­ග­ය­කිනි. 2022 වසරේ අප්‍රේල් 27 වැනිදා එම සිරුරු සහ සිරුරු කොට­ස්ව­ලින් මෙන්ම බෑගයේ තිබුණු කොටස්ද සමඟ ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වන් සඳහා ජෛව සාම්පල් 83ක් ලබා­ගන්නේ කල්මුණේ මහේ­ස්ත්‍රාත්, අධි­ක­රණ වෛද්‍ය­ව­රු‍ ­ර­ජයේ රස පරී­ක්ෂක කාර්යාල නිල­ධා­රීන් මෙන්ම මේ මරණ සම්බ­න්ධ­යෙන් මුල් විම­ර්ශන පැවැත්වූ අම්පාර පොලිස් කොට්ඨා­සයේ        නිල­ධා­රීන් සහ අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් ඉදි­රි­යේ­දීය.

තුන්වන ඩි.එන්.ඒ පරික්ෂාව සහ සාරා මරා දැමීම

සාරා ජෙස්මින්ගේ ජෛව සාම්පල් එවර සිදු­කළ තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යෙන් ඇගේ මවගේ ජෛව සාම්පල් හා සැස­ඳෙන බවට වූ තොර­තුරු එකල පැවති ආණ්ඩුවේ දේශ­පා­ල­න­ඥ­යන් මඟින් කියැ­වෙ­න්නට වූයේත්, පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය නිල වශ­යෙන් මාධ්‍යට ඒ බව නිවේ­ද­න­ය­කින් නිකුත් කර­න්නට වූයේත් අධි­ක­ර­ණ­යට එම වාර්තාව ලබා­දී­ම­ටත් පෙරය. පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය සාරා ජෙස්මින් මිය­ගොස් ඇති බව ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වෙන් තහ­වුරු වන බව සඳ­හන් කර­මින් මාධ්‍ය නිවේ­ද­නය නිකුත් කරනු ලබන්නේ 2023 වසරේ මාර්තු 29 වැනි­දාය. ඒ මව සහ දරුවා අතර ‍ ජෛව සම්බ­න්ධය සිය­යට 99.9999කින් තහ­වු­රුවී ඇති බව ද සඳ­හන් කර­මිනි.

සාරා ජෙස්මින් මිය­ගොස් ඇති බවට වූ තෙවැනි ඩී.එන්.ඒ. වාර්තාව පද­නම් කර­ගෙන පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යාල මෙම නිවේ­ද­නය නිකුත් කරනු ලබන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැත්වූ ජන­පති කොමි­ෂන් සභාව හමුවේ එකල අම්පාර කොට්ඨා­සය භාර පොලිස් ප්‍රධා­නියා වූ සාමන්ත විජේ­සේ­කර   සාරා ජෙස්මින් මිය­ගොස් ඇති බවට      තහ­වුරු වීමක් එතෙක් කළ විම­ර්ශ­න­ව­ලින් සිදුව නොමැති බව සාක්ෂි ලබා­දී­මක්   සිදු­කර තිබි­ය­දීය. එම සාක්ෂිය ඔහු ලබා­දෙන්නේ 2020 ජූනි 21 වැනි­දාය. සයි­න්දු­ම­රුදු පිපි­රු­මෙන් පසු එම ස්ථානයේ තිබී සාරා ජෙස්මින්ට අයත් මුදල් පසු­ම්බිය පවා සොයා ගන්නේ මෙම නිල­ධා­රියා විසිනි. ඒ සම්බ­න්ධ­යෙන්ද ඔහු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ ප්‍රකාශ ලබාදී ඇත. මේ වන විට ඔහු සේවයේ නිර­තව සිටින්නේ වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ලෙසිනි.

සරා මිය ගිය බව සොයාගත්තා යැයි කී ඩී.එන්.ඒ පරීක්ෂාව කළ ඇටෙත් අතුරුදහන්…

තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් සිදු­ක­රනු ලබන්නේ සයි­න්දු­ම­රුදු පිපි­රු­මෙන් සාරා ජෙස්මින් මිය­ගොස් නොමැති බව කියැ­වෙන      විට­දීය. තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වේදී සාරා ජෙස්මින් මිය­ගොස් ඇති බවට තහ­වුරු වන්නේ යැයි කියැ­වෙන්නේ 2022 වසරේ අප්‍රේල් 27 වැනිදා ලබා­ගත් සාම්පල් 83 අතර තිබුණා යැයි කියැ­වෙන මිනිස් කොඳු­ඇට පෙළක අව­සන් පුරුක ඇට කැබැ­ල්ලක ඩී.එන්.ඒ. රටාව සාරා ජෙස්මින්ගේ මවගේ ඩී.එන්.ඒ. රටාව හා සැස­ඳීම හේතු­වෙනි. මේ වන විට පව­තින විම­ර්ශන තත්ත්වය හමුවේ මත­භේ­ද­යට තුඩුදී ඇත්තේ එම ඇට කැබැ­ල්ලය. ඒ සම්බ­න්ධ­යෙන් මෙම ජෛව සාම්පල් ලබා ගැනී­මට කට­යුතු කළ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­යා  ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ සට­හ­න්ක­ර­ගෙන ඇත. එහිදී අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රියා දී ඇති ප්‍රකා­ශ­ය­න්ව­ලට අනුව එම ඇට කැබැල්ල සම්බ­න්ධ­යෙන් පවා ගැටලු සහ­ගත තත්ත්ව­යක් මේ වන විට නිර්මා­ණය වී ඇතැයි අප­රාධ පරී­ක්ෂණ        දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කරයි.

ඒ සම්බ­න්ධ­යෙන් විධි­මත් විම­ර්ශ­න­යක් සඳහා ඩී.එන්.ඒ. පරී­ක්ෂාව සිදු­කළ රජයේ රස පරී­ක්ෂක කාර්යා­ල­යෙන් එම ඇට කැබැල්ල සම්බ­න්ධ­යෙන් තොර­තුරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විමසා තිබේ. ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණය සඳහා යොදා­ගත් එම ඇට කැබැල්ල රස පරී­ක්ෂක කාර්යා­ල­යෙන් මෙතෙක් සොයා ගැනී­මට නොහැ­කිවී ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය. සාරා ජෙස්මින් මිය­ගිය බව තහ­වුරු කළ තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂාව සඳහා යොදා­ගත් සෙසු ජෛව සාම්පල් තිබි­යදී එම ඇට කැබැල්ල මේ දක්වා සොයා ගැනී­මට නොමැ­ති­වීම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන කණ්ඩා­ය­ම්ව­ලට        ගැට­ලු­වක් මතුවී තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් රස පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රී­න්ගෙන් තොර­තුරු විම­සී­මක්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිදු­කර තිබේ. එහිදී ලැබී ඇති පිළි­තුරු සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් සෑහී­ම­කට   පත්ව නැත.

4වන ඩී.එන්.ඒ පරීක්ෂාවක්

අධි­ක­රණ වෛද්‍ය­ව­රයා එම ඇට කැබැල්ල සම්බ­න්ධ­යෙන් මතු­කර ඇති ගැටලු සහ­ගත තත්ත්වය සහ ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වට යොදා­ගත් බව කියන එම ඇට කැබැල්ල සම්බ­න්ධ­යෙන් ඇතිව තිබෙන ප්‍රශ්න­ගත තත්ත්වය මත නැවත ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වක් සිදු­කර සහරා ජෙස්මින් සැබෑ ලෙසම මිය­ගොස් තිබේ­දැයි සැක­හැර වෙනත් වික­ල්ප­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වත්මන් විම­ර්ශන නිල­ධා­රින්ට දැන් නැත.

ඩී.එන්.ඒ. පරීක්ෂා කිරීම් දෙක­කින්ම සයි­න්දු­ම­රුදු පිපි­රු­මෙන් මිය­ගිය අය අතර, සාරා නොමැති බව තහ­වු­රු­වන විට එම ඩී.එන්.ඒ වාර්තා පිළි­නො­ගෙන සාරා මිය­ගොස් ඇතැයි දිගින් දිග­ටම මත ඉදි­රි­පත් කර­න්නට වූයේ ගෝඨා­භය රාජ­පක්ෂ ආණ්ඩුව සම­යේය. තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වට අවශ්‍ය පසු­බිම පවා සක­ස්ක­රන්නේ එම ආණ්ඩුවේ දේශ­පා­ල­න­ඥ­යන්ය. ඒ අය කල්ති­යාම පළමු හා දෙවැනි ඩී.එන්.ඒ. වාර්තා­වල අඩු­පාඩු ඇති බව පව­ස­මින් සාරා මිය­ගොස් ඇති බවට මත ඉදි­රි­පත් කරන අතරය. එතෙක් පාස්කු        විම­ර්ශ­න­ව­ලට සම්බ­න්ධව සිටි නිල­ධා­රීන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ඉව­ත්කර හතර වටේ මාරු­කර යැවී­මෙන් අන­තු­රුව අලුත් විම­ර්ශන කණ්ඩා­ය­මක් පත් කිරී­මෙන් අන­තු­රුව තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යට පාර කපා තිබිණි.

අත­ද­රු­වාගේ සිරුර පවා හඳුනා ගැනී­මට හැකි තර­මට සයි­න්දු­මර්දු පිපි­රු­මෙන් පසු හැකි­යාව තිබුණ ද, සාරා ජෙස්මින්ගේ සිරුර හෝ සිරුරේ කොට­සක් වත් බැලූ බැල්මට එදා එහි නොවීය. තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වෙන් සාරා මිය ගිය බවට තහ­වුරු කර­න්නට පවා තිබී ඇත්තේ කුඩා ඇට කැබැ­ල්ලක් පමණි. වත්මන් විම­ර්ශන කණ්ඩා­යම විද්‍යා­ත්මක සාක්ෂි ඇතුළු විවිධ සාක්ෂි සහ තොර­තුරු       පද­න­ම්ක­ර­ගෙන ප්‍රශ්න  කරනු ලබන්නේ සයි­න්දු­මර්දු පිපි­රු­මෙන් සාරාගේ සිරුර වාෂ්ප වන ලෙස හානි­යක් කිසි­සේත්ම සිදු­විය නොහැකි බවයි.

තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂාව සඳහා මිනී වළ­වල් හාරා සොයා­ගත් සාරාගේ යැයි කියැ­වෙන කුඩා ඇට කැබැල්ල හැරුණු කොට සාරාගේ යැයි හඳු­නා­ග­න්නට තවත් ඇට කැබිලි එහි තිබේ­දැයි යන්න ගැන පවා ඇත්තේ සැක­යකි. පිපි­රු­මෙන් සාරා වාෂ්ප වන්න­ටත් සෙසු සෑම සිරු­රක්ම හඳුනා ගැනී­මට හැකි වන ආකා­ර­යට පිපි­රු­මෙන් හානි වී තිබී­මත් සැබෑ ලෙසම එම පිපි­රු­මෙන් සාරා ජෙස්මින් මිය ගියේ දැයි අද­ටත් ඇති­කර තිබෙන්නේ ප්‍රශ්න ගත තත්ත්ව­යකි.  (ගයාන් කුමාර විර­සිංහ- දිනමිණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනිල් ජාසිංහට මඤ්ඤං ද?… ජයවර්ධන පුර රෝහලේ අධ්‍යෂවරයා ලෙඩ නිවාඩුපිට ඉද්දී සුදුසු පුද්ගලයෙක් පත් කරගන්න තුරු වැඩ ආවරණය කරන්න වෙනත් කෙනෙක් දාලා…

Next Post

මත්කුඩු පැකට් එකකට මිනිහෙක් මරලා… ගාල්ල පොලිසියෙන් පරීක්ෂණ!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.