සාමාන්‍ය පෙළ විභාගය සඳහා විෂය නිර්දේශයේ කිසිම කොටසක් ඉවත් කර නෑ… අධ්‍යාපන ලේකම් තහවුරු කරයි!

ජාතික අධ්‍යාපන ආයතනයේ තවත් පිස්සුවක් නිසා සාමාන්‍ය පෙළ දරුවෝ විකල් වෙති...

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් විවෘත කිරීමෙන් පසු  10 -11 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කළ යුතු අත්‍යාවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් සේ හඳුන්වා දී අනවශ්‍ය ලෙස දක්වමින් ඉවත් කර ඇති විෂය කොටස්  ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඉවත් කර ඇත්තේ අධ්‍යාපන ලේකම්වරයා දැනුම්වත් නොකර බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඉදිරිපත් කරන විෂය නිර්දේශ සහ අන්තර්ගතය අනුමත කිරීම පිළිබඳව කමිටුවේ ප්‍රධානියා අධ්‍යාපන ලේකම්වරයා බවත් කිසිම විෂය කොටසක් ඉවත් කිරීම සඳහා අධ්‍යාපන ලේකම්වරයා අනුමැතිය ලබා දී නැති පසුබිමක ජාතික අධ්‍යාපන ආයතනය මේ අකාරයෙන් ක්‍රියාකර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

අධ්‍යාපන ලේකම්වරයා විසින් මේ විෂය කොටස් ඉවත් කිරිම පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කර ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගය ඇත්තේ මැයි මස බැවින් මෙවැනි ඉවත් කිරීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.


මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැහැදිලිවම ප්‍රකාශ කළේ අනුමත විෂය නිර්දේශය කිසිම වෙනසකින් තොරව සාමාන්‍ය පෙළ විභාගය සඳහා වලංගු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විභාගය සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බැවින්  විෂය නිර්දේශයේ කිසිම  විෂය කොටසක් ඉවත් කිරීමේ අවශ්‍යතායවයක් පැන නොනගින බව ඔහු අවධාරණය කළේය.

Exit mobile version