බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාකච්ඡා මේසයට එන්න, නැතිනම් මීළඟ ප්‍රහාරය මීට වඩා දරුණු වනු ඇත… ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි..

by editor
ජනවාරි 28, 2026
in පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප්

Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

  • එසේ වුවහොත් ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීමට පෙර නොවූ විරූ ලෙස ප්‍රතිචාර දක්වනු ඇත… ඉරානය හැරෙන තැපෑලෙන් ට්‍රම්ට කියයි

 න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම සඳහා වහාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (28)  ඉරානයෙන් ඉල්ලා සිටියේය. එසේ නොවුවහොත් මීළඟ අමෙරිකානු ප්‍රහාරය මීට වඩා බෙහෙවින් දරුණු වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවූයේය. 

ඇමරිකාව එවැනි පියවරක් ගතහොත්    පෙර නොවූ විරූ අයුරින් පෙරළා පහර දෙන බවට ටෙහෙරානය ඇමරිකාවට ප්‍රති උත්තර ලබා දුන්නේය. ඒ  ඇමරිකාවේ ටෙහෙරානයට  අනතුරු අඟවා නොබෝ වේලාවකිනි.

“ඉරානය ඉක්මනින් ‘සාකච්ඡා මේසයට’ පැමිණ   සාධාරණ ගනුදෙනුවක් කරා එළඹෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි – න්‍යෂ්ටික අවි නැත – එය සියලු පාර්ශවයන්ට යහපත් වනු ඇත. කාලය වේගයෙන් ගෙවී යමින් පවතී, එය සැබවින්ම අතිශය වැදගත් වේ!” යනුවෙන් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක සඳහන් කර තිබුණි.

සිය ප්‍රථම ධුර කාලය තුළදී ලෝක බලවතුන් 2015 දී ටෙහෙරානය සමඟ ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වූ රිපබ්ලිකන් ජනාධිපතිවරයා, ඉරානයට එල්ල කළ සිය අවසන් අනතුරු ඇඟවීමෙන් පසුව ජුනි මාසයේදී එල්ල කළ මිලිටරි ප්‍රහාරය ගැනත්  සිහිපත් කළේය.

“මීළඟ ප්‍රහාරය මීට වඩා බෙහෙවින් දරුණු වනු ඇත! එය නැවත සිදුවීමට ඉඩ නොතබන්න,” ට්‍රම්ප් ලියා තිබුණි. තවද එක්සත් ජනපද “නාවික බලඇණියක්” (Armada) ඉරානය දෙසට ගමන් කරමින් සිටින බවද ඔහු යළිත් අවධාරණය කළේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන දූත මණ්ඩලය මෙයට සමාන ප්‍රතිචාරයක් දැක්වීය.

“පසුගිය වතාවේ එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලට පැටලීමෙන් ඩොලර් ට්‍රිලියන 7 කට වඩා නාස්ති කළ අතර ඇමරිකානු ජීවිත 7,000 කට වඩා අහිමි කරගත්තේය,” යනුවෙන් ට්‍රම්ප්ගේ ප්‍රකාශය උපුටා දක්වමින් ඔවුන් ‘X’ පණිවිඩයක් නිකුත් කර තිබුණි.

“අන්‍යෝන්‍ය ගෞරවය සහ අවශ්‍යතා මත පදනම් වූ සංවාදයකට ඉරානය සූදානම් – නමුත් අපව තෙරපීමට (Push) ලක් වුවහොත්, ඉරානය තමන්ව ආරක්ෂා කර ගන්නා අතර පෙර නොවූ විරූ ලෙස ප්‍රතිචාර දක්වනු ඇත!”

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පවසා ඇත්තේ මෑත දිනවලදී තමා එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සමඟ සම්බන්ධ නොවූ බවත්,   සාකච්ඡා ඉල්ලා නොමැති බවත්ය.

එක්සත් ජනපදයේ ‘USS Abraham Lincoln’ ගුවන් යානා ප්‍රවාහන නෞකාව ප්‍රමුඛ නාවික බලඇණියක් ඉරානය දෙසට පැමිණෙමින් පවතින බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ලින්කන් නෞකාව සහ සහායක යුද නෞකා මැද පෙරදිගට පැමිණ ඇති බව එක්සත් ජනපද නිලධාරීන් දෙදෙනෙකු සඳහන් කර තිබේ.

ඉරානයේ පාලන අධිකාරිය විසින් මෑත සතිවලදී එරට පැවති විරෝධතා ලේ වැකි මර්දනයකට ලක් කිරීමෙන් පසු එක්සත් ජනපද-ඉරාන ආතතිය උත්සන්න විය. ඉරානය දිගින් දිගටම විරෝධතාකරුවන් ඝාතනය කරන්නේ නම් තමා මැදිහත් වන බවට ට්‍රම්ප් නැවත නැවතත් තර්ජනය කර ඇතත්, ආර්ථික පීඩනයන් සහ දේශපාලන මර්දනයට එරෙහිව පැවති රටපුරා විරෝධතා දැන් තරමක් සමනය වී ඇත.

පසුගිය ජුනි මාසයේදී ඊශ්‍රායල සහ එක්සත් ජනපද හමුදා විසින් ප්‍රධාන න්‍යෂ්ටික ස්ථාපිතයන්ට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසුව ටෙහෙරානය සිය න්‍යෂ්ටික වැඩසටහන නැවත ආරම්භ කළහොත් එක්සත් ජනපදය පියවර ගන්නා බවද ඔහු පවසා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනපති හමු වෙති

Next Post

යාපනයේ තවත් හමුදා කඳවුරකින් යුද හමුදාව ඉවත් වී ඉඩම් ජනතා පදිංචියට මුදා හරී…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.