දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ අධික වැසි, ගංවතුර, නායයෑම්, සහ මුහුදු රළ ඉහළයෑම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, නැවත දැනුම් දෙන තුරු ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නියැලීමෙන් වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
බෙංගාල බොක්කේ හටගෙන තිබෙන පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා අද (16) තවදුරටත් වර්ධනය විය හැකි බව පෙන්වා දෙන කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව මේ නිසා අධික වැසි ඇති වී ගංගා පිටාර ගැලීම් සිදුවිය හැකි බැවින් ඒ අවට ජිවත්වන ජනතාව ප්‍රවේසම්කාරී විය යුතු බව සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කර ඇති කාලගුණ වාර්තාව පහත දැක්වේ.
මේ අතර ඊයේ (15) දිනයේ පළාත් කිහිපයකට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගංගා 10 පමණ ආශ්‍රිතව ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
නිල්වලා, කළු, කැළණි, ගිං, බෙන්තර යන ගංගා සහ අත්තනගලු, කිරම, දැදුරු, වැනි ඔයවල් ජලමට්ටම් ඉහළ යමින් පවතින අතර ඒ ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.