ස්පුට්නික්- ඇස්ට්‍රාසෙනෙකා මිශ්‍රකර සායනිකව අත්හදා බැලීමට රුසියාවේ අවසර

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත සහ බි්‍රතාන්‍යයේ නිෂ්පාදති ඇස්ට්‍රසෙනිකා එන්නත් මිශ්‍ර කර ලබාදීම සායනිකව අත්හදා බැලීමට රුසියාව විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව රුසියාව තුල මෙම එන්නත් දෙක මිශ්‍ර කර ලබාදීම අත්හදා බැලීමේ සායනික පරීක්ෂණ පහක් පැවැත්වීමට නියමත බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම සායනික පරීක්ෂණ ඉතා විදිමත්ව පැවැත්වීමට රුසියාව සැලසුම්කර ඇති අතර එහි ප්‍රතිඵල ලබන වසරේ මාර්තු වන විට සමාලෝඡනය කිරීමට නියමිතය.


රුසියාමේ ස්පුට්නික් එන්නත භාවිතය ප්‍රවර්ධනය කරන රුසියානු සෘජු ආයෝජන අරමුදලද මෙම සායනික පරීක්ෂණ පැවැත්වීමට අනුමැති ලබාදීමට සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන්ම එක් මාත්‍රාවක් පමණක් අවශ්‍ය වන ලෙස නිපදවූ ස්පුට්නික් ලයිට් එන්නත වෙනත් එන්නත් සමඟ මිශ්‍ර කිරීමෙන් කොරෝනා වෛරසයේ නව ප්‍රභේද වලට සාර්ථක මුහුණ දීමට ඇති හැකියාව වර්ධනය වන බවද රුසියානු සෘජු ආයෝජන අරමුදල සඳහන් කරයි.

මේ අතර ඇස්ට්‍රසෙනිකා එන්නත සහ ස්පුට්නික් එන්නත මිනිසුන්ට ලබාදීමේ පර්යේෂණ වලට අසර්බයිජානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බෙලරුස් සහ ආජන්ටිනාම මේවන විටත් අවසර ලබාදී තිබේ.

කෙසේ වෙතත් කොරෝනා වෛසරයේ තෙවන රැල්ල ආරම්භ වීමත් සමඟම පසුගිය සතිවල දී රුසියාව තුල එනන්ත් හිඟයක් වාර්තා වූ බව රොයිටර් පුවත් සේවය ඇතලු විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්ත කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඇතැම් රුසියානුවන්ට එන්නත් ලබාගැනීමට දිගු පෝලිම්වල රැදී සිටීමටද සිදුවූ බව විදෙස් මාධ්‍ය වර්තා කර තිබිණි.

Exit mobile version