ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 82කින් පරාජය කර තවත් විශාල ජයග්‍රහණයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වෙලාවකට පෙර සමත් වූයේය.
කාසියේ වාසියය දිනාගෙන මුලින්ම පන්දු රැකීම තේරූ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ තර්ජනාත්මක ක්‍රීඩා විලාශයක් සහිතව මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 245කට දවා ගත්හ.

එහෙත් ලකුණු 246ක ඉලක්කයක් සොයා යමින් පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 29ක් තුළ ලකුණු 163කට සියල්ලෝ දැවී ගියහ
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න ලකුණු 07කට, කුසල් මෙණඩිස් ලකුණු 01කට , නායක දසුන් ශානක ලකුණු නොලබා දැවී ගියහ. ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබමින් පැතුම් නිශ්ශංක පන්දු 85ක දී ලකුණු ලකුණු 75ක් ද චරිත් අසලංක පන්දු 65ක දී ලකුණු 63ක් ද ලැබුවේය.
පන්දු යැවීමේ දී ස්කොට්ලන්තය වෙනුවෙන් ක්‍රිස් ග්‍රේවස් පන්දු ඕවර 6.3ක දී කඩුළු 04ක් ලැබුවේය. ක්‍රිස් සෝල් ලකුණු 46ට කඩුළු 2ක්, මාර්ක වේට් ලකුණු 52කඩුළු 03ක් ලැබූහ.

ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කයක් සොයාගෙන පිටියට පැමිණි ස්කොට්ලන්ත කණ්ඩායමේ ඉනිම බිඳ දමන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු ඕවර 10ම යවා ලකුණු 41 තුළ කඩුළු 03ක් දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් විය.
වනිඳු හසරංග ලකුණු 42ට කඩුළු 02ක් ලැබුවේය. දසුන් ශානක එක් ඕවරයක් යවා ලකුණු නොදී කඩුල්ලක් ලබා ගත්තේය. කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුල්ල බැගින් ලැබූහ.
ස්කොට්ලන්තය වෙනුවෙන් ක්‍රිස් ග්‍රේවස් පන්දු 41ක දී නොදැවි වේගවත් ලකුණු 56ක් ලැබුවේ හතරේ පහර 07ක් සහ හයේ පහර 02ක් සමගිනි. ඔහු ශ්‍රි ලංකා කඩුළු 04ක් ද බිඳ හෙළූ ක්‍රීඩකයා විය.
තරගයේ වීරයා ලෙස මහීෂ් තීක්ෂණ නම් කෙරුණි.







