සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයාට එල්ල කළ මැර ප්‍රහාරයට ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ විරෝධය…

රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරායට පහර දීම නීතිවිරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවක්බව  ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.

අද ( 28) පෙරවරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සංගමය  මේ බව ප්‍රකාශ කළේය.

පශු වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ  රිදියගම සෆාරි උද්‍යානයේ වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණට පසුගිය දා නොහික්මුණු පිරිසක් විසින් සිදු කරන ලද පහරදීම මානව හිමිකම්වලට පටහැනි මෙන්ම රාජකාරියේ ගුණාත්මකභාවයට දැඩි තර්ජනයක් එල්ල කළ සිදුවීමක් බවය.


මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නීතිවිරෝධී වන අතර, ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස තමන් සිය වෘත්තීකයන්ට එරෙහි  මෙවැනි අපවාදාත්මක සහ නොහික්මුණු හැසිරීම් තරයේ හෙළා දකින බව දන්වා ඇත.

පශු වෛද්‍යවරුන්ට ඵලදායී ලෙස වැඩ කිරීමට හැකි වන පරිදි ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය ඇතිව වැඩ කළ හැකි සේවා පරිසරයක් ලබාදිය යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ලෙසින් වගකිව යුතු බලධාරින්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ,  මෙම ක්‍රියාවට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

තව ද, පශු වෛද්‍යවරුන් සමාජයට විශාල වශයෙන් සිදු කරන මෙහෙවර පිළිබඳ ව ද සිතා බලමින්, ඔවුන්ට සිය වෘත්තීය කටයුතු මානසික නිදහසකින් යුතුව කරගෙන යාමට උචිත වාතාවරණයක් ද සකසා දෙන ලෙස සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ ලිපියත් බලන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන්ගෙ “සුදු පොත්ත“ ගැන කී ඇමති සී.බීට සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දුන් පිළිතුර!

Exit mobile version