සහරාන්ට ඉන්දියාවට යන්න උදව් කළ බදූර්දීන් සොයුරන් පටලැවිලා

පැහැදිලි කරන්න කොමිසට කැඳවන්නැයි බදූර්දීන් සොයුරෙක් ඉල්ලයි

අන්තවාදී ත්‍රස්ත නායක සහරාන්ට ඉන්දියාවට යාමට උදව් කළ බවට නම සඳහන් වූ හිටපු ඇමැති රිෂාඩ් බදූර්දීන්ගේ සොයුරා තමා නොවන තම පවුලේම වෙනත් සහෝදරයෙක් බව පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේදී නම සඳහන් වූ රිෆ්කාන් බදූර්දීන් නීතීඥයන් මාර්ගයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ෂණය කෙරෙන කොමිසම වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ.

රිෆ්කාන් බදූර්දීන් මෙහිදී නීතිඥයන් මාර්ගයෙන් පවසා ඇත්තේ තමන්ගේ නම මෙලෙස හිටපු බුද්ධි අංශ නිලධාරියකු අතින් සඳහන් වීමෙන් පසුව මේ පිළිබඳව මෙරට ප්‍රධාන ධාරාවේ මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මඟින් විශාල ප්‍රසිද්ධියක් ඊට ලබා දුන් බවයි.

එයින් තමන්ට සිදුවූ දැවැන්ත හානිය සහ සත්‍යය පැහැදිළි කිරීම සඳහා තමන්ගේ ප්‍රකාශයක් කොමිසම හමුවේ සටහන් කර ගන්නා ලෙස ඔහුගේ නීතීඥයන් මගින් කොමිසමෙන් ඉල්ලා ඇත.


නීතීඥ සාහා ෂම්ස් විසින් මෙම ඉල්ලීම තම සේවාදායකයා වෙනුවෙන් කොමිසමෙන් කර ඇති අතර එයින් ප්‍රකාශ කොට ඇත්තේ රිෆ්කාන් බදූර්දින් කිසිදු දිනයක සහරාන් හසීම් හමුව නැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවද ඔහුගේ සහ හිටපු ආමාත්‍ය බදූර්දීන්ගේ බාල සොහොයුරකු වන රියාද් බදූර්දීන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවූ බවද මෙම ප්‍රකාශය හරහා ඔහු පෙන්වා දී ඇත.

Exit mobile version