සරුංගල් යවමින් ළදරු පුතු, පියා ඇතුළු 03ක් උඩ තට්ටුවකින් ඇදවැටී මරුට..

ලලිත් චාමින්ද –

ගාල්ල මකුළුව ප්‍රදේශයේ ඉදිකරගෙන යන තෙමහල් නිවසක උඩතට්ටුවේ සිට සරුංගල් යවමින් සිටියදි  ඉන් ඇදවැටිමෙන්  බරපතල තුවාල ලැබු පිය පුතු දෙපලක් ඇතුළු තිදෙනෙකු අද (14) පස්වරුවේ ගාල්ල කරපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගොස් ඇත්තේ 41 හැවිරිදිවියේ පසුවන  පුද්ගලයකු හා  අවුරුද්දකුත් මාස හතරහමාරක් වියැති ඔහුගේ පුතු හා 45 හැවිරිදිවියේ පසුවන අයෙකි.  ඉදිකරගෙන යන මෙකී නිවසේ  තුන්වැනි තට්ටුවේ සිට සරුංගල යවා ඇත.  තට්ටුවට ගොඩවන  පඩිපෙලිය  සෙවිලිතහඩුවකින් ආවරණය කොට තිබි ඇත. එම සෙවිල තහඩුව කඩාගෙන බිමට ඇදවැටිමෙන් බරපතල තුවාල ලැබු මොවුන් තිදෙනවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

Exit mobile version