බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්… අපි අතේ වරදක් නෑ… භාතිය සන්තුෂ් රෝහණ සුනිල් ප්‍රවීණයට පිළිතුරු දෙති.

අපට මොන දේ කළත් ඔබතුමන්ලා ගැන අපේ හිතේ ඇති ගෞරවය අංශු මාත්‍රයකින් වෙනස් වෙන්නෙ නෑ...

by editor
පෙබරවාරි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

භාතිය සන්තුෂ් දෙපළ තම ගීතයක් බුද්ධිමය කොල්ලයක යෙදුණු බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන් සංවිධානය වූ ප්‍රධානම ආයතනය වන OSCA ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තරනතුරු අත්හළ මහාචාර්ය සුනිල් අරියරත්නයන්ට හා ආචාර්ය රෝහණ වීරසිංහයන්ට පිළිතුරු දෙමින් එහිම අධ්‍යක්ෂවරුන්වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් ලිපියක් නිකුත් කර තිබේ.

එම ලිපිය මෙසේය.

ආදරණීය ආචාර්ය රෝහණ සර් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් වෙත

සර්, මුලින්ම කියන්න ඕන මේක රාජකාරි නිල ලිපියක් නෙවෙයි. බොහෝ කාලයක් තිස්සේ ඔබතුමන්ලා හඳුනන, යම් යම් වැඩ වලදී එකට හමුවන, ඊටත් වඩා හදවතේ ගැඹුරුම තැනින් ඔබ දෙදෙනාට ගරු කරන දෙදෙනෙක් ලෙස මේ ලිපිය ලියන්න හිතුනා.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

සර්. අපි දෙන්න මේ ක්ෂේත්‍රයට පැමිණි දා සිට, හැකි අයුරින් අපේ ගීත නිර්මාණය කරගෙන, ඒවා ජනගත කර, ඉන් ලැබෙන ආශීර්වාදයෙන් පුළුවන් තරම් දුරක් බොහොම පරිස්සමට මේ ගමන මෙතෙක් දුරක් ආවා. අවරුදු 23ක් සංගීත ක්ෂේත්‍රයේ ගෙවුණු කාලය ඉතා වගකීමේනක පැමිණි ගමන්ක බව කාරුණිකව කිවයුතුුයි. සමාජ මාධ්‍ය මේතරම් ප්‍රචලිත, සැම දෙනාම පරිශිලනය කරන යුගයක ගීතයක අයිතිය බලෙන්  පැහැරගෙන එවැනි ප්‍රහ්නයක්අප හිස මත පටවගන්න තරම් අප වගකීම් රහිත මිනිසුන් ලෙස සිතීම පුදුම සහගතයි.

අප ආයතනයට තවත් පුද්ගලික ආයතනයකින් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප්‍රතිනිර්මාණය කර ගායනා කරන වැඩසටහනනක් හේතුවෙන් මෙම ගැටලුව පැන නැගුණා.

සර්, මීට පෙරත් අපි ඇත්තටම මොකද උනේ කියන කාරණාව ඔබතුමන්ලාට පැහැදිලි කර දුන්නා. නමුත් ඔබ දෙදෙනා OSCA ආයතනයට ඉදිරිපත් කළ ලිපියක් හුවා දක්මවින් මේ දානවල සමාජ මාධ්‍යවල අප ඔබගේ ගීතය හොරකම් කළා කියන චෝදනාව නැගෙන නිසා සහ කරුණු කාරණා සිදු වූ ආදාකරය හරි ආකාරව පැහැදිලි කරදීමෙන් පසුවද නැවතත් අප වංචාවක් කර ඇති බව සඳහන් කර තිබීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර අප දැඩි ලෙස සිත් තැවුලට පත්කළ කාරණාවක් වූ බවද මෙහිදී කිව යුතුමයි.

ඒ නිසා නැවතත් එම කතාවම කියන්නම්.

  • ඉහත කී පුද්ගලික ආයතනය මෙම ව්‍යාපෘතිය අප ආයතනයට ලබා දී පැවසුවේ තෝරාගත් ගීත කීපයක් ආධුනික ගායකයන් සමග නැවත ප්‍රති නිර්මාණය කර රූප රචනා සිදුකර ලබා දෙන ලෙසයි. එම එක් ගීතයක් සඳහා ඔවුන් රුපියල් දෙලක්ෂ අසූදාහක මුදලක්ද අප ආයතනටය ගෙවීමට එකඟ වුණා. එහිදී අප කාර්යමණ්ඩලය එයින් රුපියල් හැට දහසක මුදලක් කර්තෘ භාග වෙනුවෙන් වෙන් කළා. අපි අපේ කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නෙ ගීතවල බුද්ධිමය දේපල හිමි කරුවන්ට කතා කර අවශ්‍ය පිරිවැය ලබා දී අවසරය ලබා ගන්නා ලෙසයි. මෙම මුදල් අගය අප ආයතනයට වෙන්කළේ මෙම කාලවකවානුවේ OSCA ආයතනය සංගීත වැඩසටහන්වල ගීත ප්‍රති නිර්මාණය සඳහා රූපවාහිනී නාලිකා සමග රුපියල් හැට දහසක අගයක් සාකච්ඡා කරගෙන ඇති පසුබිමකයි. මාධ‍්‍ය ආයතන එම අගයට එකඟ නොවුණත් අප ආයතනය එම අගය ගෙවීමට තීරණය කළා.  ඒ අදාල සියලුම පාර්ශවයන්ට කතෘ භාගය ගෙවීම් අපය ආයතනය මගින් සිදුකළා.
  • මම වැඩසටහනට තීරණය වූ ගීත අත එක චිත්‍රපට ගීතයක් තිබුණා. එය “ඇඩ්‍රස් නෑ“ චිත්‍රපටයේ ගීතයක්. අප ආයතනය සියලුම ගීතවල හිමිකරුවන් සමග සම්බන්ධ වී කර්තෘභාගය පිළිබඳ එකඟ වූ අතර “ඇඩ්‍රස් නෑ“ යනු චිත්‍රපට ගීතයක් බැවින් එහි නිෂ්පාදකවරයා හා සම්බන්ධ වී එම ගීතයේ අයිතිය පිළිබඳව තොරතුරු විමසුවා. එහිදී එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට මෙම ගීතයේ අයිතිය ඔහු සතුව ඇති බව සහතික වූ නිසා අප ආයතනය ඔහුට රුපියල් හැට දහසක් මුදලක් ගෙවා මෙම ගීථය භාවිත කිරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ  අවසරය ලබා ගත්තා. මෙම සමස්ත ක්‍රියාදාමය සම්බන්ධ නිල ලිපි ලේඛන අප ආයතනනය සතුව ඇති බවත්, අවශ්‍යනම් ඒවා ඔබතුමන්ට ඉදිරිපත් කළ හැකි බවත් දන්වන්න කැමතියි.
  • ඊට පසුවත් මේ සම්බන්ධව අපට චෝදනා නැගෙන විට අප විමතියට පත් වූයේ ඒ නිසයි. එබැවින් මේ සිදුවීම ආරංච් වූ වහාම අප උත්සාහ කළේ ඔබතුමා හමුවීමටයි. අප ඔබගේ නිවසේ දොරකඩමට පැමිනියත් අපව හමු නොවී OSCA ආයතනයඅප පර්ශව දෙක සාකච්ඡාවටකට ගෙන්වූ අවස්ථාවේ ද අප සමග සාකච්ඡා නොකොට අප මගහැර ඔබ කාර්යාලයෙන් පිටව ගියා. ඉන් අනතුරුව කීප වරක්ම  විවිධ වාර්ශව හරහා ද ඔබ හමුවීමට උත්සාහ කළත් අප හට ඒ අවස්ථාවන් ද නොලැබී ගියා.
  • සර්… මෙය අපටත් කණාගටුව සහ හිත් වේදනා ගෙනදෙන සිදුවීමක්. එල්ලවෙන චෝදනවලට වඩා මේ හේතුවෙන් ඔබ දෙදෙනා සිත් තැවුලට පත්වීම කිසි විටෙකත් අපගෙ මේ ජීවිතය තුළ අප අපේක්ෂා නොකළ සිදුවීමක්.
  • එහෙත් ඔබතුමන්ලා රුපියල් ලක්ෂ දහයක මුදලක් එකවර ඉල්ලා සිටින විට ආයතනික මට්ටමින් අපටද ඒ පිළිබඳව නැවත සිතා බැලිය යුතු වෙනවා. කෙසේ වෙතත් මේ ගැටලුව විසඳා ගත යුතු වන්නේ ඔබ පාර්ශවය සහ චිත්‍රපට නිශ්පාදකවරයාගේ පාර්ශවය අතර බව ඉහත සඳහන් කළ කරුණු අනුව අපගේ දැක්මයි.
  • කෙසේ වෙතත් ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා රුපියල් හැට දහස බැගින් රුපියල් එක් ලක්ෂ විසි දහසක් කර්තෘභාග මුදලක් අපේ අතින් ලබා දීමට අපේක්ෂා කරන බව OSCA ආයතනයට ලිඛිතව දැනුම් දුන්නා. නමුත් යම් හෙයකින් ඔබ දෙපළ මීට වඩා මුදලක් අපේක්ෂා කරන්නේ නම් ඉහත කී මුදලට අමතරව ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා තනු නිර්මාණයට සහ පද රචනයට රුපියල් ලක්ෂ දෙක ගැබින් ලක්ෂ හතරක් අප ආයතනය විසින් ප්‍රදානය කිරීමට ද කැමැත්ත ප්‍රකාශ කළා. ඉහත කී කරුණ අප විසින් OSCA ආයතනයට දැනුම් දුන්නේ ඔබ ගේ පිලිය ලැබුණු ජනවාරි මාසය තුළමයි. අපට අද වනතුරු මෙම ලිපියට පිළිතුර ලැබී නෑ.  මෙවැනි තත්වයක් තුළ අප ගෙවීම් පැහැර හැර ඇති බවට නගන චෝදනා අපගේ මවිතයට සහ කණගාටුවට කාරණයක්.
  • අප කවදත් නිර්මාණාත්මක අයිතීන්වලට ගරු කරන එම අයිතීන් රැක ගැනීමේ කාර්යයට උරදෙන දෙපළක් සහ ආයතනයක්. ඉහත කරුණු සලකා බැලූ විට ගීත ප්‍රතිනිර්මාණ කර්තෘභාග නොගෙවන කාල වකවානුවක වුවද අප ආයකනය එම ගෙව්ම් කර ඇති බව ඔබට පැහැදිලි වනු ඇති.
  • අවසන් වශයෙන් මේ ප්‍රකාශය කිරීමට අප කැමතියි. ඔබ දෙදෙනා වැරදි වැටහීමක් නිසා මොන චෝදනා කළත්, ඔබ දෙදෙනා මේ රටේ කලාවට සිදුකළ විශිෂ්ට සේවය, කරපු නිර්මාණවලට අපේ හිතේ ඇති ආදරයට පුංචි පලුද්දක්වත් කරන්න බෑ. ඔබ දෙපල අපට කර ඇති මේ චෝදනාව පිළිබඳව අපගේ බලවත් කණගාටටුව ප්‍රකාශ කරන අතර සිදුන දේ නැවත මතක් කළේ ඔබතුමන්ලා වැරදි යැයි කියලා චෝදනා කරන්න හෙම නෙවෙයි, සිදු වී ඇති දේ ගැන කරුණු කාරණා කෙළින්ම ඉදිරිපත් කරන්නයි.

ඒ මොන දේ උනත් අපි ඔබතුමන්ලාට හදවතින්ම ආදරෙයි. ඒකෙ වෙනසක් නෑ…

භාතිය – සන්තුෂ්

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෑලියගොඩ පොලිස් පිරිසක් නීතිඥයෙකුට පොලිස් ස්ථානය තුළ දී බරපතල ලෙස පහර දෙති…

Next Post

මංගල උත්සවය අතර මැද මිය ගිය කාන්තාවට කොවිඩ්…

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.