සර්වපාක්ෂි ආණ්ඩුවක් නම් හැදෙන එක්ක නෑ… බහු පාර්ශවික ආණ්ඩුවක්වත් හදාගන්න – අස්ගිරි පන්සල අගමැතිට කියයි!

ව්‍යවස්ථා සංශෝධනයට පෙර සිදුකළ යුත්තේ මිනිස්සුන්ගේ බඩගිනි නිවීමේ වැඩ පිළිවෙළක් සැකසීමයි.....

වර්තමානයේ දේශපාලන තත්වයන් අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය වීම පෙනෙන්නට නැති බවත් අඩුම වශයෙන් බහුපාර්ශවීය ආණ්ඩුවක් වත් සකස් වෙන්නේ නම් එය කාලෝචිත බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමිපානෝ අගමැති දිනේෂ් ගුණවර්ධනට අද (31) පැවසූහ.

උන්වහන්සේ අගමැතිවරයාට මේ බව පැවසුවේ අද අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැකීමට අගමැතිවරයා අද අස්ගිරි මහා විහාරයට පැමිණි අවස්ථාවේ දීය.

දෙසතියක පමණ සිට කිසිම දේශපාලකයෙක් සඳහා විවෘත නොවන බව කී අස්ගිරි මහා විහාරයේ දොරටුව ඊයේ ජනාධිපතිවරයා විසින් විවෘත කර ගත් අතර  අද අගමැතිවරයා අස්ගිරි මහා නා හිමියෝ බැහැ දුටුවහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ දම්මධස්සී හිමියන් වැඩිදුරටත් කීවේ නව දේශපාලන නායකයින් ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ   පුනා කියා සිටියත් මේ කාලයේ අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව ජනතාව බඩගින්නෙන් මුදවාලන වැඩපිළිවෙළක් බව ද කීහ.

 

 

Exit mobile version