සයිබර් ප්‍රහාර ගැන ව්‍යජ නිවේදන මුදාහැරි ITSSL සභාපති යසිරු කුරුවිටගේ අත්අඩංගුවට

yasiru kuruwitage

ජනාධිපති කාර්‍යාල නිල වෙබ් අඩවිය ඇතුළු රජයේ අමාත්‍යාංශ, ආයතන ගණනාවක නිල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අසත්‍ය නිවේදනය පලකිරීම සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබේ.

රහස් පොලිස් අත් අඩංගුවට ගත් රජීව් යසිරු කුරුවිටගේ අධිකරණයට අද (8) ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය (ITSSL) යනුවෙන් නම් කරන ලද සංගමයක ලිපි ශීර්ෂයක් යටතේ එහි සභාපතිවරයා ලෙස ඔහු විසින් මෙම නිවේදන පල කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇත්තේ එවැනි සයිබර් ප්‍රහාරයක් සිදුවී නොමැති බවයි.

මෙලෙස අසත්‍ය නිවේදන පළ කිරීම නිසා එම නිල වෙබ් අඩවි මගින් තොරතුරු ලබා ගත් පුද්ගලයන් තවදුරටත් තොරතුරු ලබා ගැනීමෙන් වැළකීමේ සිද්ධීන් වාර්තා වූ බවත් අනතුරුව එම නිල වෙබ් අඩවිවල තොරතුරු සම්බන්ධයෙන් ජනතාව සැකසංකා පළකළ බැවින් එලෙස සිදුවූ අහිතකර තත්ත්වය සලකා මෙම විමර්ශනය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබද විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මකයි.

Exit mobile version