අද උදේ වරුවේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසු චීන සයිනොෆාම් එන්නත පළමු මාත්‍රාව ජනතාවට ලබා දීම අද පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී ආරම්භ විය.
මුල් මාත්‍රාව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ 100 දෙනෙක් වෙත එන්නතේ මුල් මාත්‍රාව ලබා දුන්නේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ෂනී ප්‍රනාන්දු පුල්ලේ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර , රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුනසේන ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් සහ දේශපාලකයන් විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.
වයස අවුරුදු 60 ට අඩු අයට එන්නත ලබාදීම සිදුවිය. පිරිසක් විවේචන කරමින් හැරී ගිය අතර එන්නත ලබා ගැනීම සඳහා විදේශිකයින් පිරිසක් ද පෝලිමේ රැඳී සිටි බව වාර්තා විය.