අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමූහ ඝාතනයක් සිදුකර මරණීය දණ්ඩනය නියම වූ සුනිල් රත්නායකට ජනාධිපති සමාව දුන් ‍ගෝඨා අධිකරණයට….

by editor
මැයි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 17 වැනිදා) නියෝග කරනු ලැබීය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (මැයි 17 වැනිදා) කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු කෙරුණි.

පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති සමාව ලබා නිදහස් වූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක යන අයට අධිකරණය හමුවේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන  ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

ඊට අමතරව අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපති සමාව මත නිදහස් කෙරුණු යුද හමුදා සැරයන් සුනිල් රත්නායකටද මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන් අනතුරුව අදාළ පෙත්සම සැප්තැම්බර් මස 4 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් අධිකරණ නියෝග කළේය.

සුනිල් රත්නායකට ජනපති සමාව දුන්නේ කුමන පදනමකින් ද? – සිවිල් ක්‍රියාකාරීහු ප්‍රශ්න කරති

මිරිසුවිල් සමූහ ඝාතනය සහ නඩු තීන්දුව

2000 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේදී කුඩා ළමයකු ඇතුළු සිවිල් වැසියන් 8 දෙනෙකු කපා කොටා මරා දමා වල දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබීය.

නඩුවේ විභාගයෙන් අනතුරුව වරදකරු කෙරුණු සුනිල් රත්නායක නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

ඉන් අනතුරුව එම මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සුනිල් රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.

එම අභියාචනා පෙත්සම විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකාර සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම කරමින් කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් තීන්දුව 2017 වසරේ මැයි මස 20 වැනිදා තහවුරු කරනු ලැබීය.

ඉන් අනතුරුව මරණීය දණ්ඩනය ලබා සිටි සුනිල් රත්නායක නැමැත්තා 2020 වසරේ මාර්තු මස 26 වැනිදා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ප්‍රදානය කොට නිදහස් කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි’

පෙත්සම්රු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ අධිකරණය විසින් වරදකරු කරනු ලබන පුද්ගලයින්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබෙන බව ය.

එහෙත් එම සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීතිමය පටිපාටියක් පවතින බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

එම නීතිමය පටිපාටිය අනුගමනය නොකොට අදාළ විත්තිකරු වෙත ජනාධිපති සමාව ප්‍රදානය කොට ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් පෙත්සම්කරු සඳහන් කර සිටියි.

මේ හරහා හිටපු ජනාධිපතිවරයා අධිකරණය සතු බලය අවභාවිතාවට ලක් කර ඇති අතර ඒ තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් කර ඇතැයි චෝදනා කළ පෙත්සම්කරු ඒ තුළින් ඔහු ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කර තිබෙන බවත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව සුනිල් රත්නායකට ජනාධිපති සමාව ප්‍රදානය කර මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගනු ලැබූ තීරණය තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වතුර ඉල්ලූ රතුපස්වල ගැමියන්ට වෙඩි තබා සිදුකළ ඝාතන සිද්ධියට චෝදනා ලද  හිටපු මේජර් ජනරාල්  දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

Next Post

නවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය ලබා දෙනවා… ජනපති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.