සම්පන්දන් ඇමරිකානු තානාපතිනය හමුවී දෙමළ ප්‍රශ්නයට ඇමරිකානු මැදිහත්වීමක් ඉල්ලයි..

පළාත්සභා මදි... උතුරු නැගෙනහිර එක් කර දෙමළ පාලනයක් ඇති කළ යුතුයි... ටී.එන්.ඒ. පිරිස යළි ඇමරිකාවට කියයි...

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ප්‍රශ්නය විසදීම සදහා ජාත්‍යන්තරයට වූ පොරොන්දු පිළිබදවත් ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී සාකච්ඡා වූ යෝජනා සම්බන්ධයෙනුත් ඉතා දීර්ග හා පලදායි සාකච්ඡාවක් දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිය අතර සිදු වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා අද (16 ) පැවසීය.

ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිවරිය වන අල්යිනා ටෙප්ලික්ස් හා තවත් ඇමරිකානු නියෝජිතයින් පිරිසක් හා දෙමළ ජාතික සන්ධානයේ නායකයා අතුලු පිරිසක් සම්පන්ධන් මන්ත්‍රීවරයාගේ කොළඹ නිල නිවසේ පවත්වන ලද සාකච්ඡාව ගැන මාධ්‍යයට අදහස් දක්වමින් සම්පන්ධන් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා මේ රටේ සෑම රජයක්ම ගන්නා ලද ක්‍රියාමාර්ග අවංකභාවයෙන් හා පලදායී ලෙස අනුගමනය නොවීම නිසා මේ ප්‍රශ්නය දිනෙන් දිනම විසඳුමක් රහිතව ඉදිරියට ඇදෙමින් තිබෙන අන්දම තමන් ඇමරිකානු තානාපතිවරියට විස්තර කළ බවයි.

මේ රටේ දෙමළ ප්‍රශ්නයට ස්ථිර සාර විසදුමක් අවශ්‍ය කාලය මේ වන විට එළඹ ඇති බවත් ඊට පැහැදිලි විසඳුමක් සොයා ගැනීම සඳුහා ඇමරිකාව ඇතුලු ජාත්‍යන්තර රටවල පූර්ණ මැදිහත්වීමක් අවශ්‍ය බවත් සම්පන්ධන් මන්ත්‍රීවරයා ඇමරිකානු තානාපතිවරිය ඇතුලු පිරිසට පෙන්වා දී තිබේ.

පළාත් සභා ක්‍රමය පමණක් උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට ප්‍රමාණවත් නොවන බවත් උතුරු නැගෙනහිර පළාත් දෙක තනි දේශපාලන ව්‍යුහයක් වශයෙන් සලකා දෙමළ ජනතාව අතින් පාලනය වන බල ප්‍රදේශයක් බවට පත් වීම ඉතා වැදගත් බවත් සම්පන්ධන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ සාකච්ඡාව සදහා දෙමළ ජාතික සන්ධානයේ නායකයා සමග එම්.ඒ.සුමන්තිරන්,සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරු හා මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාද සහභාගී වූහ.

Exit mobile version