සමහර ඉන්ධනහල් වේලෙද්දී හිතවත් අයට තුන් ගුණයක් ඉන්ධන

fuel

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවතින ඉන්ධන තොග පවා නිසි ලෙස බෙදා හැරීම මඟ හරිමින් සිටින අතර ඇතැම් ඉන්ධන හල් හිමියන්ට සාමාන්‍ය ඇණවුම් මෙන් තුන් ගුණයක් නිකුත් කර ඔවුන්ට සංචිත රඳවා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවත් මේ සැරසෙන්නේ හිගය මුවාවෙන් ඉන්ධන මිල වැඩි කිරීමකට සහ හිතවතුන්ට ලබා ලබා දීමට බවත් බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමගි ජනබලවේග වෘත්තීය සමිති නායක සහ ලංකා පුරවැසි පෙරමුණේ සභාපති ආනන්ද පාලිත මහතා පවසයි.

පසුගිය සති අන්තයේ සිටම තම සැපයුම් සීමාකරමින් සිටි ඛනිජ තෙල් සංස්ථාව ඊයේ පොහොය දිනයේදී තෙල් බෙදා හැරීම නතර කර ඇති බවත් ලංකා අයි.ඕ.සී සමාගමද මේ අයුරින්ම කටයුතු කළේ ඉන්ධන මිල වැඩි කළහොත් එහි වාසිය ලබා ගැනීමට බව ද පාලිත මහතා පවසයි.

ඇතැම් ඉන්ධන හල්වලට පසුගිය සති අන්තයේ සිට ඉන්ධන බිඳක්වත් ලබා දීම කටයුතු නොකළ ඛනිජ තෙල් බලධාරීන් තම හිතවතුන්ගේ ඉන්ධන හල්වලට සාමාන්‍ය ඇණවුම මෙන් තෙගුණයක් දක්වා ඉන්ධන සපයා ඔවුන්ගේ සංචිත තර කළේ ඉදිරියේදී මිල වැඩි වීමක් වුවහොත් එහි වාසිය අත්කර දීම බවද ඔහු මෙහිදී තවදුරටත් පැවසීය.


ආනන්ද පාලිත මහතාට අනුව ඊයේ බොරතෙල් නැවක් ශ්‍රි ලංකාවට පැමිණෙන බව ඛනිජ තෙල් සභාපතිවරයා ප්‍රකාශ කළද මේ වනවිට පැමිණ ඇත්තේ පෙට්‍රල් නැවක් බවත් මේත තත්ත්වය මත ඉදිරියේදී පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ලබන 11 වැනිදායින් පසු නොමැති බවට ආණඩුවට අයත් වෘත්තීය සමිති ඇතුළු සේවක සංගම් මේ වනවිට රජයට පෙන්වා දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද රටට අවශ්‍ය ඩීසල් ගෙනවීම සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර පැහැදිලි නොවන බවත් ඉදිරි ජනවාරියෙන් පසුව ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන්ද රජය තවම ගන්නා පියවර පිළිබඳව මහජනතාව හමුවේ ප්‍රකාශ කර නැති බවද ඔහු මෙහිදි සඳහන් කළේය.

Exit mobile version